
(යොහාන් භාසුර)
ගම්පහ ප්‍රදේශයට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය අද (3) පස්වරු වන විට ජලයෙන් යටවී තිබූ බවත් අඛණ්ඩව වර්ෂාව පැවතුණ හොත් රෝහල ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවත් ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් අද රාත්‍රී පැවසීය.
ගම්පහ නගරය ඊයේ පස්වරුව වන විට අඩි දෙක පමණ ප්‍රමාණයකින් ජලයෙන් යටවී තිබූ බව කී එම උසස් පොලිස් නිලධාරියා එම ජල මට්ටම පිළිබඳව පොලිසිය ඇතුළු බලධාරීන් අවදානයෙන් සිටින බව ද සඳහන් කළේය.
බස් රථ තුළට ජලය ඇතුල් වන මට්ටමේ ජලය මට්ටමක් ගම්පහ නගර තුළ පස්වරුවේ තිබූ බවත් රාත්‍රියේ තව දුරටත් වර්ෂාව ඇඳ හැළෙමින් තිබූ බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ නගරය ජලයෙන් යටවෙයි
චන්දිම ෆොන්සේකා Monday, 03 June 2024 11:43 PM
දැන් ලංකාවේ වැස්ස කාලයට ඇතිවන ගංවතුරින් යට නොවන ඉඩමක් හොයා ගන්න ඉදිරියේදී බොහොම අමාරු වෙන තත්වයක් පෙන්න තියෙන්නේ. මේ අද යට වෙලා තියෙන බොහොමයක් තැන්වල ඉස්සර මෙහෙම තත්වයක් තිබුනේ නැහැ. වසරින් වසර තත්වය නරක වෙනවා. හේතුව කවුරුත් දන්නවා, වතුර බැහැලා යන අපවහන පද්ධති බොහොමයක් අවහිර වෙන විදියට බොහෝ ඉදිකිරීම් කරලා තියෙන්නේ. අනිත් අතට මහා පොලවේ බොහෝ තැන වල කොන්ක්‍රීට් වලින් වැහිලා නිසා වතුර උරා ගන්න පොලොවට බැහැ. අනාගතයේදී ගෙයක් හදලා හොඳ වාහනයක් තියාගෙන ඉන්න බොහොම අමාරු වේවි.
සෙනෙවිරත්න Tuesday, 04 June 2024 02:19 PM
මාර වැඩේ කොළඹ නුවර අධිවේගෙ මැදින් හදල හදපු ටිකේ බලපෑමෙන් ඔය ගං වතුර, දෙවෙනිදා මීරිගම සිට පස්යාලට එන්න පැය දෙකක් ගියා , ඒ අතර පාර හරහා ගිය ජලකඳ නිසා, ඔන්න ඔහොමයි අපේ හයිවේ. හෙනම ගහපිය, අපිට ඇති වැඩකුත් නැහැ ණයම ගෙවනව. එක එකාට ඕන විදියට ඔව හදල රටම අනාතයි. හිරගෙවල ලගින්න සූදානම් වෙයල්ල කාලකන්නි.දැන් මුල ටිකේ බාගෙට හදපුව කඩන් වැටෙනවලු
Kumar Wednesday, 05 June 2024 12:34 AM
පසුගිය සතිය මම ගත කලේ ලක්බිමෙ. රෑ අටට පමණ පොල්ගහවෙල සිට ගුවන් තොටුපළට ගමන්ගත් අපට ජලගැල්මක් දකින්නට ලඛුනේ නැත. අපි වරකාපොල අසලට පැමිණෙන විට වැටුන ගසද ඉවත්කර තිබුණ බව කියන්න ඕන