ගම්පහ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.30ට ඇරඹිණි.   70%ක් පමණ  ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ගම්පහ තේරීම් භාර නිලධාරී  සුනිල් ජයලත් මහතා කියයි.

මුල්ම ඡන්ද පෙට්ටිය 4.45 ට පත්තලගෙදර ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයට  ගෙනා බවද ඔහු කියයි.

මුල්ම තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද රාත්‍රී 10  ට පමණ නිකුත් කිරීමට  බලාපොරොත්තු වන බවත්

හෙට අළුයම දෙකට පමණ ආසන මට්ටමින් ඡන්ද ප්‍රථිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අපෙක්ෂා කරන බවත් ඔහු කීවේය.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වටා දැඩි ආරක්ෂාව යොදා ඇත.

ගම්පහ ප්‍රදේශයට ඇද හැළුන අධික වර්ෂාව නිසා ඡන්ද  මැතිවරණ කටයුතු වලට මදක් බාදා  එල්ල විය.

(ඡායාරූප තිලකරත්න දිසානායක) 20150817_165741_resized_1 20150817_165843_resized_1 20150817_165855_resized_1