නිමන්ති රණසිංහ
රජයේ මුදල් අවභාවිත කළැයි ඇප පිට සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතාගේ සඳහා විදෙස් ගමන් තහනම මාස දෙකකට අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
හම්බන්තොට හයිට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සදහා නිතී විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත කර පොදු දේපොළ පනත ප‍්‍රකාරව වරදක් කළැයි ඔහුට ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හර තිබිණි.
තම සේවාදායකයාගේ පෞද්ගලික කාරණාවක් සදහා මේ මස 26 වැනිදා සිට අපේ‍්‍රල් මස 24 වැනිදා දක්වා විදෙස් ගතවිමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ගාමිණී සේදර සෙනරත් මහතාගේ නිතීඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
රුපියල් ලක්ෂ පහක අමතර ශරීර ඇපයක් මත ඔහුගේ ගුවන් ගමන් තහනම ඉවත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියොත් ගියාම තමයි. ආයේ ආපහු අල්ලලා ඉවරයි.
අර ජාලිය වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර ඉඩ තියනවා! එහෙම නැත්නම් අර උදයංග මහත්තය ඩුබායී ඉදල එනකම් ටිකක් ඉන්න !
දැන් මේ අපරාධ චෝදනා තියන අය විදේශිය ගතවෙන එක මෝස්තරයක් වෙලා. මේ අයට අවසර ලැබෙන්නේ කාගේ හරී බලපෑමක් නීතිපති දෙපාර්තුමේන්තුවට හරි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට හරි තියනවද කියලා හොයලා බලන්න වෙනවා.