(වසන්ත චන්ද්‍රපාල)

නාමල්ඔය කදුරුගොඩ ගම්මානයේ මාර්ගයේ පවතින ගැටලුව ගැන කථා කිරිමට ආ නාමල්ඔය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ගැමියන් විසින් පලවා හරිනු ලැබිය.

අඹගහවැල්ල හරහා නාමල්ඔය දක්වා  මාර්ගයේ කොටසකට  ගල් අතුරා කාපට් දැමිමට සුදනම් කළත් මාස හතරක කාලයක් කාපට් නොදැමිම නිසා මෙම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව මෙන්ම කදුරුගොඩ ගම්මානයේ ජනතාව මහත් අපහසුතාවයට පත්ව තිබේ.

අවම වශයෙන් දිනකට වතුර පාරක් හෝ මාර්ගයට දමන ලෙසට කොන්ත්‍රාත් කරුට උපදෙස් දෙන ලෙස ඉල්ලුවත් එය නොසලකා හැරිම නිසා කදුරුගොඩ ගම්මානයේ වැසියන් අද සවස මාර්ගය වසා දැමිමට පියවර ගත්තේය.

එම ස්ථානටය ආ   සභාපතිවරයා, උප සභාපතිවරයා සහ ගම්වාසී අතර ඇති වූ වචන හුවමාරුවකින් පසුව සභාපතිවරයා සහ උප සභාපතිවරයා එලවා දැමීමට ගම්වාසීහු පියවර ගත්හ.

පසුව විහාරාධිපති හිමියන් සහ ගම්වැසියන් එක්ව මාර්ගය වසා දැමිමට පියවර ගත්තේය.