ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනපති ධුරයට මහජන ඡන්දයෙන් තේරී පත් වු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත් නොවී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් එකම දේශපාලනඥයා වෙයි.
එය ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පිටු අතර සුවිශේෂයෙන් සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේය.
ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන ,දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස,තෙවැනි විධායක ජනාධිපති (අනුප්‍රාප්තික) ඩී.බී විජේතුංග,සිව් වැනි විධායක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කැර ඇත.
මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලාංකිය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක් විය හැකි චරිතයක් වෙයි.
අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් ඇරැඹි ඉපැරැණි රාජ පරම්පරාව නිම වී ජනසම්මතවාදී දේශපාලනය ක්‍රියාත්මක වු පසු රාජ්‍ය නායකත්වය රජරටට හිමිවීමේ ප්‍රථම අවස්ථාවද දේශපාලන ඉතිහාසයට එක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමත් සමඟය.
එමෙන්ම මෙරට දේශපාලන ක්‍රියාවලියේදී ඉතා වැදගත් වු ග්‍රාම නිලධාරී සේවය යටතේ කටයුතු කර රාජ්‍ය නායකත්ව ධුරයට පත්වීමේ වාසනාවද මෛත්‍රීපාල සිරිසේන මහතා හිමි කැර ගෙන ඇත.
මේ කරුණු හේතු කැරගෙන අලුත් ශ්‍රී ලංකාවක සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියකට මුල පිරිමේ අවස්ථාව සියලු ශ්‍රී ලාංකිකයනට උදා වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බලාපොරොත්තුව ඉටුවී ඇත. ජයවේවා! (නි)
දමිල අතිමහත් බහුතරයකිනුත් මුස්ලිම් බහුතරයකිනුත් සිංහල සුලුතරයකිනුත් ජනපති උන එකම සිංහල ජනපතිවරයත් මෛත්‍රී මහත්තය වෙන්න ඇති. (නදී)