(බිමල් ශ්‍යාමන් ජයසිංහ - ශාන්ත ප්‍රදීප් කුමාර)
මහරගම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නැයි කියන සම්බන්ධයෙන් එම නගර සභාවේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
පහර කෑ බව කියන මන්ත්‍රීවරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය ගැබිණියක් බව ද වාර්තා වෙයි.
විශ්‍රාමික උප නාගරික මන්ත්‍රීවරයකු වන කරෝලිස් යන අයගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම ගිය අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරිය තමන් අසලට පැමිණ සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් විමසා ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව පහරදී තල්ලු කර දැමූ බවත් ඇය රෝහල් පොලිසිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ.
ගර්භනි තත්ත්වයෙන් පසුවන තමා ට රාත්‍රී 9 ට පමණ උදරයේ වේදනාවක් හට ගැනීම හේතුවෙන් රෝහල්ගත වූ බව ඇය සිදු කළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd