ඕමානයේ රැකියාවකට ගොස් සිටිය දී හාම්පුතා අතින් දූෂණය වීයැයි කියන කාන්තාව ගැබ් ගෙන නැතැයි එරට පෞද්ගලික රෝහලකින් ගත් වෛද්‍ය වාර්තා ගැන සැකයක් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශ ආරංචි මාර්ග කියයි.
ඕමානයේ හාම්පුතා අතින් අතවරයකට ලක් වූ තමාට ලැබෙන්නට සිටි දරුවා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටිය දී බලහත් කාරයෙන් රැගෙන ගොස් බෙහෙත් දී නැති කර දැමූ බව කියමින් ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක සිය අත්අකුරින් ලියූ ලිපියක් ඇගේ සැමියා වෙත ලැබී ඇත.
අම්පාරේ සිට ඉකුත් ජනවාරි 13 වැනිදා ඕමානය බලා ගිය මේ කාන්තාවට ඇය සේවය කළ නිවසේ හාම්පුතා අතින් අතවරයකට ලක්වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටින බව ලංකාදීප මැයි 26 වැනි දා වාර්තා කළේය.
සිද්ධිය වාර්තා කිරීමත් සමඟ එරට ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා එරට පොලිසියට හා රජයට පැමිණිලි කර විමර්ශනයක් ඇරැඹූ අතර පසුගිය සිකුරාදා (01) ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට කැඳැවීය.
ඕමානයේ සුරක්ෂා නිවසේ සිටින අම්පාරේ කාන්තාව එවූ ලිපියේ සඳහන් වන්නේ තමාට සාධාරණයක් වේ යැයි බලාපෙරොත්තුවෙන් මීට පෙර ලිපි දෙකක් ඉදිරිපත් කළත් මෙතෙක් සාධාරණයක් ඉටු වී නැති බවයි.
එහි සිටින දෙදෙනෙක් තමා බිය ගන්වා ගබ්සාවක් නොකළ බවට ලිපි දෙකක් ඉල්ලූ බවත්, ඔවුනට ඇති බියට තමා ලිපි දෙකක් ලියා දුන් බවත්, මේ වන විට තමා අසරණ වී ඇති බවත්, සාධාරණයක් බලාපොරොත්තු වන බවත් ඇගේ අත්අකුරින් ලියූ ලිපියේ සඳහන්ය.
ඇය ලවා බලහත්කාරයෙන් ලියවා ගත් බව කියන ලිපිය ද මේ වන විට ලංකාවට ලැබී ඇත. ඇගේ ඇඟිලි සලකුණද තබා ඇති එම ලිපියේ දක්වා ඇත්තේ අප්‍රේල් 29 වැනිදා තානාපති කාර්යාලයට පැමිණි තමා එදිනම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ බවයි. මුත්‍රා හා ලේ පරීක්ෂා කර තමාට ගැබ්ගැනීම් සිදුවී නැතැයි පැවසූ බවත්, තමා සුරක්ෂා නිවසේ සිටියදී කිසිවකු විසින් ගබ්සාවක් කරනු ලැබුවේ නැති බවත්, එවැන්නක් සිදු නොවූ බව දිවුරා ප්‍රකාශ කරන බවත්, මේ ලිපිය ලියන්නේ කිසිවකුගේ බලපෑමෙන් නොවන බවත් එම ලිපියේ සඳහන්ය.
ඔහුගේ සැමියා පැවසුවේ තානාපති කාර්යාලයයේ දී ඇය හා දුරකතනයෙන් කතා කරද්දී කිසිවකුගේ උගැන්වීමකට ඇය යම් යම් දේ කියන බව පෙනී යන බවයි. ඇය ගබ්සාවකට භාජනය කළ බවට යන ප්‍රවෘත්තිය සත්‍යදැයි විමසූවිට ඒ සියල්ල සත්‍ය බව ඇය කී බව ද ඔහු කීවේය.
මේ අතර අප්‍රේල් 29 වැනි දා ඇය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ගබ්සාවක් සිදුවී නැතැයි සඳහන් වාර්තා කිහිපයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රංදෙනිය මහතා ලංකාදීපයට ලබා දුන් අතර එම එක් වෛද්‍ය පරීක්ෂණ වාර්තාව සඳහන් වූයේ එය පිරිමියකු ගැබ්ගෙන ඇත්දැයි යන්නට කළ වාර්තාවක් බවයි.
එහි පරීක්ෂණයට භාජනය කරන්නාගේ නම ඉදිරියෙන් මේ කාන්තාවගේ නම ද, පරීක්ෂා කරන වෛද්‍ය වරයාගේ නම ඉදිරියෙන් ‘භාහිර රෝගියකු‘ ලෙස ද, ස්ත්‍රී පුරුෂ භාවය ඉදිරියෙන් ‘පුරුෂ‘ ලෙස ද සඳහන් කර ඇත.
මේ අතර සුරක්ෂා නිවසේ සිටින මේ කාන්තාවට කිසිවක් සිදු නොවීයැයි කියමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උසස් නිලධාරියකු ඇය සමග කතා කිරීමට මාධ්‍යයට සලස්වා ඇතැයි ද, ඇය ලවා කියවා ගන්නා ප්‍රකාශ පටිගත කර ඇතැයි ද, පරීක්ෂණයක් තිබිය දී එසේ කිරීම සාධාරණ නොවන්නේ යැයි ද ඕමානයේ සිටින ශ්‍රී ලාංකියෝ කීහ.
ඇගේ ජීවිතයට හානියක් වුවහොත් එහි වගකීම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ නිලධාරීන් භාර ගත යුතු බව ද ඔවුහු කියති.
(මේ සිද්ධියට සම්බන්ධ විශේෂ හඬ පටයක් ලංකාදීප එසැණින් බලාපොරොත්තු වන්න)
(වෛද්‍ය වාර්තාව)
(ඇය මුහුණදුන් සිද්ධිය ඇගේ අත්අකුරින් ලියා එවූ ලිපිය)
(ඇය ලවා බලහත්කාරයෙන් ලියවාගෙන ඇඟිලි සලකුණ තබා ගත් බව කියන ලියුම)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ තානාපති සේවයේ නිතරම භාවිතාවන වචනයක් තමයි අපේ ශ්‍රී ලංකන් කොමියුනිටි එක. හැබැයි මේ අපේ කෑල්ලට හැමෝම අයිති වෙන්නෙ නැහැ වගෙයි. (නි)
දෙවැනි ලිපිය යමෙකුගේ උවමනාවට ලියවූ බව මට නම් හොඳින් පෙනෙනවා. ඇඟ බේරා ගැනීමට බලපෑමක් නොකළ බව නැවත නැවත පැවසීමද, අත්සන වෙනුවට වඩා රාජකාරි බවක් ගෙන දෙන ඇඟිලි සලකුණ තැබීමද කැපී පෙනෙයි. තවද එම ලිපිය හොඳින් වෙලාව අරගෙන ලියු බවද, එයට හාත්පසින් වෙනස් පළමු ලිපිය හොරෙන් කඩිමුඩියේ ලියු බවද වාක්‍ය ලිවීමේදී ඇති වී තිබෙන ඇදය පෙන්නුම් කරනවා. අසරණ වෙන කතුන්ට පිහිටට ඇති මෙම කාර්යාලයේ සේවය කරන අයගේ තරම නොවේද මෙයින් මොනවට පැහැදිලි වෙන්නේ? (නි)
මෙවන් අසරණ කාන්තාවන් දෙස බලන්නේ ඔය විදිහටද? (නි)
පළමු ලිපියේ ඇයගේ ස්වභාවික අදහස් ප්‍රකාශ කොට ඇති බව හොඳින් පෙන්නෙන අතර දෙවන ලිපියේ කිසිවකුගේ අදහසක් ශක්තිමත්ව යම් පැහැදිලි අරමුණක් උදෙසා බොහෝ විදිමත්ව ප්‍රකාශ කර ඇති බව පැහැදිලියි. දිවුරුම් ප්‍රකාශයක් මගින් කිසිවකුගේ බලපෑමක් නැති බව ප්‍රකාශ කිරීම හාස්‍යට කරුණකි. කරුණාකර තානාපති කාර්යාලයේ මීට අදාල අය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න (නි)
මට හරි ආසයි කම්කරු අංශයේ ඔය කියන නිලධාරී තුමිය තනියම හම්බවෙන්න. එතකොට පුළුවන් ලුණු ඇබුල් එක්ක අපේ බදු මුදල් වලින් ගන්න වැටුපට කරන රාජකාරියට සහ මේ ප්‍රශ්නයට උත්තර ලබාදෙන්න.(නදී)
තනාපති කාර්යාලය ඔච්චර සාදාරනම අැයි මේ වගේ ලියුම් ගන්නේ? මේ සුරක්ෂා නිවසේ ගැහැනුන් ගණිකා වෘතියේ යොදවන්නෙත් එතන වැඩකරන ගෝල බාලයෝ තමයි(නදී)
දෙවන ලිපියේ සිංහල ව්‍යාකරණ ඉතාමත් හොඳයි. එයින් තේරෙන්නේ කවුරුහරි හොඳට සිංහල දන්නා කෙනෙක් කියූ දෙයක් ලියූ විත්තියයි. පළමු ලිපිය නම් අව්‍යාජ බවයි පෙනෙන්නේ. (නි)
පළමු සහ දෙවන ලිපියට අනුව ගැබ් ගෙන නොමැති බවට තහවුරු කර ගැනීමට පරීක්ෂන දෙකක් කර ඇති බව පැහැදිලියි. වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ දිනය 2009 අප්‍රේල් 04 ලෙස සදහන් ඇය පැමිණ ඇත්තේ 2014 මාර්තු 31 වැනි දින බව ලිපිය අනුව පැහැදිලියි. මාස 04 ක් තිස්සේ මේගැන ගන්නා ලද ක්‍රියාමර්ග දැන ගැනීමට සතුටුයි? මාස 04 ක් තුල කිිසිම පියවරක් නොගත්තේ නම් ඒ සදහා හේතුව හාම්පුතාගනේ සන්තෝසම් ගැනීමද? නැත්නම් රාජකාරි පැහැර හැරීමද? මෙම නිලධාරීන් ලංකාවේ මිනිසුන්ගේ දුක හදුනන හදවත් ඇති අයද? මේ පිලිබද පියවර ගැනීමට වගකිව යුත්තෝ ලංකාවේ නැතිද? (නදී)
ගුරුන්ටත් අකුරු වරදී කියනවනේ.... (නි)
01. පළමු ලිපිය සිය කැමැත්තෙන් ලියා ඇති අතර දෙවැනි ලිපිය බලපෑමක් මත සිදුකර ඇති බව පෙනේ. 02. පළමු ලිපිය සහ දෙවැනි ලිපියේ අත් අකුරු දෙදෙනකුගේ බව පෙනේ. 03. දෙවෙනි ලිපිය වෙනත් අයකු විසින් ලියා ඇති අතර එහි ඇගිලි සලකුණ පමණක් තබා ඇත. ඇය ලිපිය ස්ව කැමැත්තෙන් ලියුවා නම් ඇඟිලි සලකුණ තැබීම අවශ්‍ය නොවේ. ලිපියේ ඇත්තේ ඇගේ අත් අකුරු නොවන බැවින් ඇගේ ඇඟිලි සලකුණ තැබූ බව පෙනේ . " මෙම ලිපිය මා විසින් කිසිම අයකුගේ බලපෑමකින් තොරව ලියු බව මා ප්‍රකාශකර සිටිමි" යන්න සදහන් කළේ ඒ නිසාය. ඇය සිය කැමැත්තෙන් ලියුවේ නම් එවැනි වාඛ්‍යයක් අවශ්‍ය නොවේ. 05. ඕනෑම රටක නීතිය සහ සාමය පවත්වාගෙන යාම රටේ පාලකයන් සතු වගකීමකි. හාම්පුතා තමා දූෂණය කළැයි කාන්තාවක පවසන්නේ නම් තානාපති කාර්යාල නිලධාරීන් කළ යුත්තේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම නොව පොලිසියට පැමිණිල්ලක් කිරීමයි. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එසේ නොකළේ මන්ද යන්න ගැටළුවකි. ඒ සඳහා උත්සාන නොගැනීමෙන් හාම්පුතා බේරීමට ගත් උත්සාහයක් දැයි ඕනෑම කෙනකුට සැකයක් මතු විය හැකිය. 06. මෙවැනි දේ නැවත නොවීමට වග බලා ගැනීමත්, වැරදිකළවුන්ට දඩුවම් කිරීමත් රජයේ යුතුකමකි. 07. එසේ අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් සිදු නොකොට ගබ්සාවක් සිදු නොවූ බව පැවසීම තමාගේ හෙළුව වසා ගැනීමට ගන්නා උත්සාහයක් බවට ජනතාව තේරුම් ගන්නා බව බලධාරීන් වටහා ගත යුතුය. 08. තමාගේ නඩුව තමාම නොහැසිය යුතුයැයි නීති සිද්ධාන්තයක් ඇත. මේ ගැටළුවේ දී චෝදනා එල්ල වන්නේ තානාපති කාර්යාලයීය සුරක්ෂා නිවසේ උදවියටයි. එමෙන්ම සිද්ධිය වසන් කිරීමට උත්සාහ කළැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයට ද චෝදනා එල්ල විය. ඒ නිසා එහි නිලධාරීන් ලවා හෝ ඔවුන්ගේ අනුදැනුම මත වෙනත් අයකු ළවා පරීක්ෂණ සිදු කිරීමෙන් පලක් නොවේ. එය ස්වභාවික යුක්තියේ මූලධර්මයට ද ඉඳුරාම පටහැනිය. ඒ නිසා විදේශ අමාත්‍යංශය මගින් අපක්ෂපාතී හා සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතුය. එසේ කළ යුත්තේ අසාධාරණයට ලක්වූ බව කියන කාන්තාව සුරක්ෂා නිවසින් වෙනත් තැනකට යොමු කිරීමෙන් පසුය.
මෙහෙම ගියොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
සුරක්ෂා නිවසේ වගකීම දරන්නේ ශ්‍රී ලාංකිකයින්ද? එහෙමනම් ඇයි මේ වගේ වැඩ කරන්නන්ට උදවු කරන්නේ? අනික මේ කාන්තාව මේ තත්ත්වය යටතේ අනාරක්ෂිතයි නේද? (නි)
තමකැමැත්තෙන් ලියුවේ යයි සිතිය හැකි ලිපියේ "කරා", "කර" ආදී වචන ගැන අවධානය යොමු කරන්න, බලහත්කාරයෙන් බයගන්වා ලියවූයේයැයි සිතිය හැකි ලිපියේදී "කලා", "ලදී" යන වචන භාවිතය ගැන අවධානය යොමුකරන්න (දී)
කෝ අපේ රටවිරු ඇමතිතුමා. මේ නිලධාරීන් වහාම ලංකාවට ගෙන්වාගෙන පරික්ෂණ අරඹන්න (නදී)
තානාපති කාර්යාලවල සේවයට එන්න ගැහැණු අය ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ අය ලංකාවේ අපට සලකන හැටි මොකට කියන්නද? ඒ වගේම රත්මලාන ට්‍රේනින් කරන තැන ඉන්න කාන්තාවන් ගැනත් මොකට කියන්නද? (නදී)
විදේශ සේවා එකට ගෙවන සල්ලි අපි ගිය ආත්මේ ගත්ත නය (නදී)
මේ වෛද්‍ය වාර්තාවද සම්පුර්ණයෙන් නිවැරදියි. එහි කිසිම ගැටලුවක් නැත. එම දොස්තර මහත්තයා ඉතා නිවැරදිව පිරිමියෙකුට ළමයි හමබ වෙන්නේ නැති බවට සහතික කර ඇත. (නදී)
අද තානාපති කාර්යාලවල ඉන්න හෙන්චයියන්ට මොනවද කරන්න බැරි? (නදී)
ලෝක විනාසය ඇත ලගයි. අපරාධ කරන අය බලාගෙන හිටපල්ලා.(නදී)
කම්කරු අංශයේ නිලධාරී මහත්මීන්ට ලස්සනට ලිපි ලියවන්න පුළුවන්නේ. මේ අය කවද හෝ ලංකාවට එන්න ඕන නේද ? (නදී)
ඇගේ ඇඟිලි සලකුණ සහිත ලිපියේ තියෙන කරුණු වලින් හොඳට ඔප්පුවෙනවා ඇයව බලහත්කාරයෙන්ම ගබ්සාවකට ලක් කර තිබෙන බවට. එහෙම දෙයක් සිදුවෙලා නැත්නම් මොකටද ගබ්සා කිරීමක් ගැන විශේෂයෙන්ම සඳහන් කර ලිපියක් ලියවා ගතයුත්තේ ? (නි)
මම කියන්නෙත් මුල්ම ලියුමේ කියන දේ ඇත්ත .දෙවැනි ලියුම ලියල තියන්නේ කාගේ හෝ බලපෑමකට කියල හොදට තේරෙනවා .සමහර විට උදේනි වැඩ කරපු ගෙදර හම් පුතා තනාපති කාර්යාලයේ අයට ජරාවක් දෙන්න ඇති . (දී)
පළවැනි ලිපියේ වචන සහ දෙවන ලිපියේ සිංහල ව්‍යාකරණ පිලිබදව පරීක්ෂණයකට ලක් කරන්න එයින් පැහැදිලියි බලහත්කාරයෙන්ම ලියපු ලිපියක් බව (නදී)
මට තියෙන ප්‍රධාන ගැටලුව මේකයි. හාම්පුතා අතින් දුෂණය උන විගස ඇය ඒ බව පවසා තම සැමියාට හෝ තානාපති කාර්යාලයට ලිපියක් නොලිව්වේ ඇයි. (නදී)
මෙන්න හොද අවස්ථාවක් අපේ රටේ වගකිව යුතු අය ඉන්නවාද නැද්ද බලාගන්න, ලංකාදීප පාඨක අපි විමසිල්ලෙන් ඉදිමු. ලංකාදීප අපට දිගටම වාර්තා කරන්න. වගකිව යුතු අය නැතත් වගකිව යුතු මාධ්‍යයක් රටට තිබීම ගුණදායකයි (දී)
මේවා දකින කොට ලංකාවේ පිරිමින්ට මට කියන්න හිතෙන්නේ කරුණාකර ඔබේ බිරිඳ සොයුරිය හෝ දියණිය මෙහෙම වහල් මෙහෙයට යවන්න එපා. එය ඔබේ පිරිමි කමට මදි කමක් යය සිතාවත් පුළුවන් හැටියට දෙදෙනාම එකතු වී හැකි පමණින් ආර්ථිකය දියුණු කරගන්න. ඉරිදා පොලේ එළවුළු වෙළඳාමට බිරිය යවනවා වගේ නෙවෙයි විදේශික හාම්පුතුන් ළඟ වැඩට යවන එක. (දී)
මෙතන වැරදී දෙකක් තියෙනවා. 1. ස්ත්‍රී දුෂණය 2. ගබ්සාව. ගබ්සාවක් සිද්ද වුනත් නැතත් ස්ත්‍රී දුෂණයට එරෙහිව අපේ තානාපති කාර්යාලයෙන් ගත්ත ක්‍රියාව මොකක්ද? අනික ගබ්සාවක් සිද්ද වුනේ නැතිනම් ඒ ගැන සඳහන් කරලා ලියුමක් ගන්න හේතුව මොකක්ද? (දී)
මේක තමන්ගෙ වැරදි වහගන්න කරපු දෙයක් වගේ ද කියා මට හිතෙනවා. එයා ලංකාවට ගෙනැල්ලා තියෙන්නේ එයාට විරුද්ධව ඇති පැමිණිළි ගැන කියන්න. ඒක වහගන්න නේද මේ කේස් එක ඇදලා තියෙන්නේ. (නදී)
මෙම ලිපි දෙක කියවලා බලන කොට හිතාගන්න පුළුවන් දෙවෙනි ලිපිය කිසියම් අයකු කියන දෙයක් ඇය විසින් ලිපියේ ලිය ඇති බව..
කුමාර, ඔබේ අදහස මට තේරුම් ගන්න ටිකක් අමාරුයි. කරුණාකර පැහැදිලි කරන්න. ඔබ උත්සාහ දරන්නේ, මේ අසරණ උන ගැහැණිය වැරදියි කියන්නද ? ඔයා දන්නවා නම් මැද පෙරදිග රටවල තියෙන තානාපති කාර්යාල වල සිද්ද වෙන දේවල් ඔහොම කියන්නේ නැහැ. (නදී)
මේ ලිපි දෙකේ අත් අකුරු පිළිබඳ ගැටළුවක් තියෙනවා නේද ? මේ අසරණ ගැනු කෙනා කියන කතාවේ ඇත්තක් තියෙන වගෙයි පේන්නේ.
මෙම ලිපි දෙක කියවන විට තේරුම් යන්නේ, එකම අත් අකුරු තිබුනත්, අදහස් දෙදෙනෙකුගේ බවයි. පළමු ලිපියේ අත් අකුරු එපමණ උගත් කෙනෙකුගේ බව නොපෙනේ. අදහස් ද එසේම යැයි හැඟේ . නමුත් දෙවන ලිපියේ අදහස් යමක් දන්නා කෙනෙකුගේ බව වැටහේ. (දී)
මොකටද මෙහෙකාර කමට විදේශ ගත වෙන්නේ (දී)
ඔව් මටත් හිතෙනවා කාගේහරි බලපෑමකට යටත්ව කළ දෙයක් කියලා (නි)
පළමු ලිපියේ හොඳට අත්සන් කර තියෙනවනේ. ඇයි දෙවැනි ලිපියේ ඇඟිලි සලකුණ?
පුදුම කතා තමයි දැන් අහන්න වෙලා තියෙන්නේ (නි)
කොහෙත් තානාපති කාර්යාල නම් වැඩක්ම නෑ. ඇත්තම කියනව නම් කිසිම සාදාරනයක් වෙන් නෑ කියල මට සාක්කි ඇතුව කියන්න පුලුවන්. (නදී)
ලිපි දෙකම ලියල තියෙන්නේ එකම එක්කෙනෙක් බව අකුරු වලින් පැහැදිලියි . පළමු ලිපියේ *කාර්යාල* කියන එකත් දෙවෙනි ලිපියේ *කාර්යාල* කියල ලියල තියෙන විදියෙන් ම පැහැදිලි දෙවෙනි ලිපිය කව්රු හෝ ලියා දී තිබෙන බව. සල්ලි වලට තණ්හාවේ අහිංසක අපේ ගැණු බිල්ලට දීලා එරට හාම්පුතු රැක ගන්න උත්සහ කරන මේ දුෂිත කම්කරු කාර්යාලේ පිරිස ඕමාන රටෙන් පිටමන් කර යුතුය (දී)
ඇත්තටම තානාපති කාර්යාලවල වැඩ කරන ගැහැණු (මිස්ලා) ගැන නම් කියල වැඩක් නැහැ. නොදන්නා දෙයක් ගැන දැන ගන්න කෝල් එකක් ගත්තත් සැර දාල කතා කරන්නේ. කියන්න හොදක් ඇත්තෙම නැහැ. වැඩක් කර ගන්න ගියත් ගෙවිය යුතු මුදල වගේ 5ස් ගුණයක් වැඩියෙන් ගන්න නම් හරිම දක්ෂයි මේ නෝනලා (නදී)
මෙම විද්‍යාගාර වාර්තාව ප්‍රෝඩාවක් ලෙසයි මම නම් දකින්නේ (නි)
මොකක් හරි අමුතු දෙයක් සිදුවී තිබෙනවා (නි)