මිරිහාන ජුබිලි කණුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ශබ්ද පරිපාලන උපකරණ වීඩියෝ තිර ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බවත් පෞද්ගලික ආයතනයක් මසකට රුපියල් දෙලක්ෂයක කුලියට ගත් ගොඩනැගිල්ලේ මෙම උපකරණ තිබූ බවත් මිරිහාන පොලිසිය පවසයි.
අලුත්ම ශබ්ද පරිපාලන උපකරණ පෙට්ටි 34 ක් එහි තිබූ බවද හිටපු ජනපති උපදේශකයකු භාරයේ එම භාණ්ඩ එහි ගබඩාකර ඇති බවටද තොරතුරු පොලිසියට ලැබී ඇත. ආරක්ෂකයන් විසින් දෙන ලද දුරකථන අංක වලින් පිළිතුරක් නොලැබීම නිසා එම භාණ්ඩ උසාවියට ඉදිරිපත් කරන බවද පොලිසිය පවසයි.
පොලිසියට මේ ගැන ඔත්තුව දී ඇත්තේ කෝට්ටේ නාගරික මන්ත්‍රී චින්තක උදය ශාන්ත මහතාය. රියදුරා හා සහායකයා පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
මේවා ජනපතිවරණ සමයේ තැන තැන වීඩියෝ ප්‍රචාරක කටයුතු සඳහා ගෙනැවිත් තිබූ භාණ්ඩ බව අනුමාන කෙරේ.
ඡායාරූප බිමල් ශ්‍යාමන්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බඩු කාගේද ? මේවා ගන්න සල්ලි දුන්නේ කවුද ? මෙතනින් මේ වගේ තව මොනවද පිටකරේ. මෙන්න ප්‍රශ්න. (නදී)
මේ රටේ කළ සියල්ල කළේ මහජන මුදලින්. අපි මොකටද දුක්වෙන්නේ? (නි)
වෙලා තියෙන දේ තේරෙන්නෙම නැද්ද? (ර)
අපි බලාගෙන ඉමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
හසන්තට වයස කීයද දන්නෙ නැහැ ? (නි)
තව මේ වගේ කොච්චර ඇතිද?(හේ)
කොටින්ගේ ආයුධ ගබඩාවක් අල්ලගෙන වගේනේ මෙතෙන කට්ටියම හැසිරෙන්නේ (දිල්)
රවි කරුණානායක ඇමතිතුමාගේ පැමිණීම හරි. ඒත් මේවා කරන්න උදව්උපකාර කර පසුව වෙනසක් කරන්න වෙන් වී කටයුතු කරන දූෂිත දේශපාලකයින් පසුගිය රජයෙන් ලබාගෙන ඇති කොටි ගණන් වටිනා මහජන දේපල ගැනත් කථාකරන්න. දුප්පත් මිනිහෙකුට ගෙයක් හදාගන්න පර්චස් 05 ක් ගන්න බෑ. ඒත් සමහර දේශපාලන පූජකයන්ට බංගලා හදාගන්න අක්කර 05 ක් වැනි විශාල කෝටි ගණන් වටිනා රාජ්‍ය දේපල රාජ්‍යබලය යොදා අරගෙන තියනවා. (අ)
තම තමන්ගේ සමාජ වගකීම මොනවද කියල තේරුම් ගත්තනම් ගොඩක් හොඳයි. බල්ලාගේ වැඩේ බුරුව නොකර. හාමුදුරුවරු බණ දහම් නොකර පාර්ලිමේන්තුත් ගිහිල්ල ඒ මදිවට දැන් පොලිස් වැඩෙත් පටන් අරන්. බලන්න වෙන මොනම ආගමික නායකයෙක්වත් මේවා කරනවද කියල. මේ ප්‍රවුර්ති ලෝකේ හැම තැනම යනවා. අපි මහා පටු අදහස් තියන ජාතියක්. හරිම දුකයි. (අ)
කොච්චර දවස් මේවා හොයයිද ? හොරු අල්ලන්න ගියොත් පාර්ලිමන්ට් එකේ ඉන්න ඔක්කොම කූඩු කරන්න වෙනවා. (නදී)
මේවා පොදු ජනතාවගේ මුදල් වලින් ඡන්ද වැඩ සඳහා ගෙන ආ ඒවා බව කාටත් පේනවා නේද ?(දිල්)
මෙරට පැවති තිස් අවුරුදු යුද්ධය නිම කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිදුකළ ලොකුම වරදද?(දිල්)
අපි හිතන්නේ ඔය අපේ සල්ලි කියලා. මහජනතාවගේ මුදල් (නදී)
වැරැද්ද? වැරැද්ද තමයි මේවා මහජන මුදල් වැයකරලා අරගෙන තමන්ගේ වැඩවලට තමන්ගේ වගේ තියාගෙන හිටි එක. එයාලගේ සල්ලි නම් මොනවා ගත්තත් අපිට කමක් නැහැ (නි)
ප්‍රේමදාස ජනාධිපති තුමා කොටින්න්ට ආයුධ, සන්නිවේදන උපකරණ, මුදල් දෙන කාලේ මේ කට්ටිය හිටියේ කොහෙද දන්නේ නැහැ.(නදී)
අපේ හාමුදුරුවො ටිකක් අනවශ්‍ය දේට ඇඟිලි ගහනවා වැඩියි. ඔහොම ගියොත් ලඟදීම මිනිස්සුන්ට එපා වෙයි. (නදී)
යහ පාලනය කාටත් හොරෙන් නීතිය වෙනස් කරලා ද මන්දා. හරි වැරදි මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ඔලුවත් කොලොප්පන් වෙලා. (නදී)
බන්දුල කේ දිසානායක, ඔයාට මොකුත් තේරෙන්නේ නැහැ ඔයා තොත්ත බබා. (නදී)
අපිට දැන් බොරු සෝබන වලින් වැඩක් නැහැ (නි)
අමන්දා නගේ ඔය තැටිය අහලා අපිට ඇතිවෙලා තියෙන්නේ. නගා ගාව වෙන තැටියක් නැද්ද අපට අහන්න.(නදී)
මිනිසුනේ, සිදුවුණ දේ හරියටම දකින්න මනස පෑදේවා! කිසියම් කෙනෙක් වැරැද්දක් කළොත් එම වැරැද්දට දඩුවම් ලැබිය යුතුමය. එයට දඩුවම් කිරීම පවතින රජයේ වගකීමකි. (නි)
බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ කිසිම තැනක මේ කරන කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. දේශපාලනය කරනවා කියන්නේ ප්‍රායෝගිකව ඔබ වහන්සේලා තුළ පවත්වාගතයුතු ශාන්තකම, සීලය, විනය, ආරක්ෂා කරගැනීමට බොහෝ අපහසුය. බුද්ධ පුත්‍රයෙකුට කැප හා අකැප කුමක්ද යන්න බුදු හාමුදුරුවෝ මැනවින් විස්තර කර ඇත. (නි)
මේක වෛරයද, මෛත්‍රියද? (නදී)
හාමුදුරුවෝ හැසිරෙන්නේ වෛරයෙන්ද ? (නදී)
සිංහලයාට මතක තියෙන්නෙ සති දෙකයි කිවුව කථාව හරියට හරි (නි)
ඇසල ඒ ගැන හිතන්න එපා. හසන්තට තවම ඒ හැටි වයසක් නැහැ වගේ (නදී)
අමන්දා ඔයාගේ කටට රන්මසුරන් දාන්න ඕනේ. ඔයා කියපු දේට මමත් මගේ කැමැත්ත පළකරනවා. (නදී)
ඔය අය අවුරුදු 30 ක් යුද්ධය කළා. දැන් බෝදිසත්වයෝ වෙන්න හදනවා .එයාලට දැන් ඒවා මතක නැහැ වගේ කතාකරන්නේ. ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් රට බාර අරන් ඉතා කෙටි කාලයක් අැතුලත කුරිරු යුද්දයත් නිමකර රටේ සම්පත් නැවත මව් බිමට ගෙන දුන් එකම නායකයා. ඔහුට කව්රු උනත් පින්දෙන්න ඕනේ (නදී)
ඇසළ, නිකම් මෝඩ කතා දොඩ වන්න එපා. ඔයා හිටියේ ප්‍රේමදාස මහතාගේ ගෙදරද ? ඔයා වගේ චෝදනා කරන්න කලින් මේ රටේ පසුගිය කාලයේ කෙරුන මහා පරිමාන වංචා ගැන හිතල බලන්න. (නදී)
මට මේක තේරෙන්නේ නැහැ. මොකක්ද මෙතැන වෙලා තියෙන වැරැද්ද?(හේ)
අනේ මන්දා! මේවා මොනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
ඔය මොනවා කිවුවත් අපි තාමත් මහින්දට තමයි! ඔය චෝදනා නවත්වලා දැන්වත් කරනවා කිවුව වැඩ පටන් ගන්නවද? (නි)
මෙතන තියන වැරැද්ද මොකක්ද ? මේවා හොර බඩුද ? ශබ්ද පරිපාලන උපකරණ ලග තබා ගැනීමට බලපත්‍ර අවශ්‍යද? හේතුව කිසිම බල පත්‍රයක් නැතුව මගේ ලගත් ශබ්ද පරිපාලන උපකරණ කීපයක් තියනවා. (ර)
නව රජය සියල්ල කරන්නේ පුද්ගලික මුදලින්ද එතකොට , මහින්ද යුද්ධයත් නිම කරේ මහජන මුදලින් තමයි,(බ)
දැන් මෙතන මොකක්ද වෙලා තිබෙන වංචාව? (නි)