ඉන්දියාව සමඟ තමාට ගිවිසුමකට අත්සන් තැබීමට සිදු වූ බව හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට සංචාරයක යෙදුණු ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ පීටර් ගැල්බ්‍රෙයිත් මහතා සමඟ පවසා ඇතැයි ද හින්දු වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉන්දීය රජය මෙන්ම මෙරට හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා එල්.ටී.ටී.ඊ සංවිධානයට සිය විරෝධය ප්‍රකාශ කළ බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ‘පිස්සු මිනිසෙක්’ යනුවෙන් හැඳින්වූ බවත් 1988 පෙබරවාරි මාසයේ පැවැති සංවාදයකදී කතා කෙරුණු බවත් ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශය (සී.අයි.ඒ) තවදුරටත් රහස්‍ය නොවන වාර්තාවක් සඳහන් කරන බව ද ‘ද හින්දු’ වෙබ් අඩවිය සඳහන් කරයි.
පිටත මිතුරන් කිසිවකුත් තමාට සහයෝගය නොදක්වන බැවින් ඉන්දීයාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමට සිදු වූ බව ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා උපුටා දක්වමින් සී.අයි.ඒ වාර්තාව සඳහන් කර ඇතැයි පැවසේ.
ගාන්ධි - ජයවර්ධන ගිවිසුමේ පසුබිම සම්පූර්ණ වාර්තාව.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සබා අහෝසි කළයුතුද නොකළයුතුද කියා ජනමත විචාරණයක් පවත්වා බලමු කියා රජයට යෝජනා කරමි (නි)
බමුණු ජනතාව අකමැති වුනා නම් ඇයි ඒ ආණ්ඩුව නැවත දිනුවේ. පළාත් සභා ඡන්ද සාර්ථක වුණේ. ඔබ කියන්නේ සිංහල බහුතරය හිටියේ දේශප්‍රේමී සන්නද්ධ ව්‍යාපාරයේ මතයේ කියලද? (බ)
දැන්වත් කොන්දක් නැද්ද මේ ගිවිසුම අවලංගු කරන්න අපේ රටේ නායකයන්න්ට? (බ)
මේ ගිවිසුමේ හතරවැනි වගන්තිය මේ රටේ ඉතිහාසය කෘතීම ලෙස වෙනස් කළා. එම වගන්තියෙන් 'උතුරු නැගෙනහිර පළාත් දෙමල කතාකරන ජනතාවගේ සම්ප්‍රදායික නිජභූමි‘ ලෙස පිළිගත්තා. මෙයින් එම ජනතාවගේ වෙන්වීමේ මානසිකත්වයට තටු ලැබුණා. ජනතාව නොඉල්ලපු පළාත්සභා ක්‍රමය ජනතාව මත බලෙන් පැටෙව්වා. මේ සුදු අලියා ගැන දැන් කවුරුවත් කතා කරන්නේ නැහැ. (බ)
රටේ 75% සිටින සිංහල මහා ජනතාවගේ කැමැත්තක් නැතිව සිදුවූ නිසා 75% සිටින සිංහල මහා ජනතාවගේ කැමත්තෙන් එම ගිවිසුම අවලංගු කර දමමු. මිනිසුන්ගේ තිබුන අකැමත්ත රජ්ව්ට වැදුණු රයිෆල් පාරෙන්ම සිතා ගන්න පුළුවන. (ර)