IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගින්දර වතුර නොදත් දරුවා ගින්දරින් පුළුස්සයි

හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ සිවු හැවිරිදි දරුවකු අද අලූයම මියගිය බව රෝහල් ආරංචි කියයි. හපුතලේ තංගමලේවත්ත ග්ලැනෝර්හි එස්. පුවනේෂ්වරම් (4) මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ සුළු පියා බව කියන තැනැත්තෙක් රිමාන්ඞ් කරනු ලැබ සිටී. මියගිය දරුවාගේ මව, 11 හැවිරිදි සහෝදරිය සහ දෙහැවිරිදි නැගණිය පහර කෑමට ලක්ව බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මියගිය දරුවාගේ අත් බිඳී තිබූ බවත් සිරුර සහ රහසඟ ගිනි පෙනෙල්ලකින් පුළුස්සා තිබුණ බවත් පොලිසිය කියයි.



අදහස් (0)

ගින්දර වතුර නොදත් දරුවා ගින්දරින් පුළුස්සයි

සෑම් Wednesday, 28 December 2011 01:57 PM

අහෝ ලක්වැසියනි... හරියට සත්තු වගේ?

:       0       0

දිමුතු Wednesday, 28 December 2011 02:10 PM

‍මෙහෙමත් මිනිස්සු

:       0       0

ඉනෝෂා Wednesday, 28 December 2011 02:33 PM

අසරණ දරුවට මේ වගේ ගින්දර දෙන අය තියන්න වටින්නෙ නෑ. එහෙම වුණොත් තවත් දරුවෝ ඔයවගේ දුක් විදීවි

:       0       0

රංජිත් Wednesday, 28 December 2011 02:34 PM

මෙවැනි අයට ගල් ගසා මරණ දඩුවම දිය යුතුයි ප්‍රසිද්ධියේ

:       0       0

සුජීව Wednesday, 28 December 2011 02:46 PM

තිරිසණ මනුෂ්‍යයෙක්. මේවා අහන්න ලැබෙන අපිත් අවාසනාවන්තයි

:       0       0

sltk2004 Wednesday, 28 December 2011 02:50 PM

පුදුම වැඩක්නෙ අපේ රටට වෙලා තියෙන්නේ. අහන්න ලැබෙන්නෙම හරි අමානුෂික සිදුවීම්. සුලු දෙයටත් ගහ මරා ගන්නවා. මොකද මිනිසුන් මේ තරම් දරුණු?

:       0       0

මේනක Wednesday, 28 December 2011 02:50 PM

එවන් මිනිසුන් තවත් ජීවත් විය යුතු නැත

:       0       0

ලක්ෂ්මන් පද්මසිරි Wednesday, 28 December 2011 03:07 PM

මේ වගේ අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕනා. මේවා මිනිස් ජීවිත. පව් අසරණ දරුවා

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 28 December 2011 03:13 PM

මේ අයවත් පුච්චන්නයි වටින්නේ

:       0       0

හේමන්ත Wednesday, 28 December 2011 03:18 PM

කිරි බී හැදෙන හැම සතාමත් පොඩි එවුන්ට ආදරය කරනවා. අහන්නවත් බැරි අමානුෂික වැඩක්. මියගිය අහිංසකයාට නිවන් සැප වේවා

:       0       0

කෝසල ෆෙනෑන්ඩු Wednesday, 28 December 2011 03:17 PM

පුංචි ළමයෝ ලබන ආත්මේ හොද තැනක ඉපදේවා

:       0       0

slinda.com Wednesday, 28 December 2011 03:18 PM

නිසි දඩුවම් ලබාදිය යුතුයි

:       0       0

pdap Wednesday, 28 December 2011 03:23 PM

ඔය වගේ මිනිසුන්ට ඒ විදියටම දඩුවම් කරන්න ඕනා

:       0       0

චානුක Wednesday, 28 December 2011 03:26 PM

අනේ ජනාධිපතිතුමනි දැන්වත් මේ දේවල් වලට හොද දඩුවම් ගේන්න මැද පෙරදිග වගේ

:       0       0

12 Wednesday, 28 December 2011 03:27 PM

මේ සියලු දේ සිදුවන්නේ මත්ද්‍රව්‍ය නිසයි

:       0       0

ලලිත් චාමින්ද Wednesday, 28 December 2011 03:33 PM

නිසි දඩුවම් ලබා දිය යුතුයි

:       0       0

උපේක්ෂා Wednesday, 28 December 2011 03:45 PM

පුංචි දරුවට නිවන් සුව ලැබේවා. යලි මෙවන් දෙමාපියන් නොලැබේවා. මේවා අහන්න නොලැබෙන අපි හැමෝටම පින් රැස්කරන්න ලැබේවා

:       0       0

dan Wednesday, 28 December 2011 03:47 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කාලෙ හරි

:       0       0

ඉරේෂ් Wednesday, 28 December 2011 03:50 PM

මෙවැනි අයට අරාබිකරයේ මෙන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය යුතුයි.

:       0       0

සුසා Wednesday, 28 December 2011 04:06 PM

නීතිය හරියට කරන්නෙ නෑ... මිනිස්සු අපරාධ කරන්න බය නෑ

:       0       0

ජයී Wednesday, 28 December 2011 04:15 PM

රකුසෙක්වත් තම දරුවන්ට ඔවැන්නක් නොකරයි.

:       0       0

ප්‍රසන්න Wednesday, 28 December 2011 04:17 PM

දැන්වත් නීතිය හරි මගට ගේන්න. දැඩි දඩුවම් ගේන්න. හැදෙන්නෙ නැතිනම් හදන්න ඕනා. මේ තරම් බන කියන අහන රටක මිනිස්සු හැදෙන්නෙ නැතිනම් හදන්න නීති තව දැඩි කළ යුතුයි

:       0       0

රජිත Wednesday, 28 December 2011 04:15 PM

මේවා පාලකයන්ට පේන්නෙ නැද්ද? හැම තැනම හැමදාම අපරාධ

:       0       0

දර්ශන Wednesday, 28 December 2011 04:30 PM

ඔය වගේ මිනිසුන්ව එල්ලන්නයි ඕනා

:       0       0

ප්‍රේමසිරි Wednesday, 28 December 2011 04:34 PM

මෙවැනි මිනිසුන්ට ගල් ගසා මරණ දඩුවම දිය යුතුයි

:       0       0

භද්‍රා සුබසිංහ Wednesday, 28 December 2011 04:39 PM

දැන්නම් ලංකාවේ මරනීය දඩුවම වහ වහාම ක්‍රියාත්මක කළයුතුයි. ජනාධිපතිතුමනි මේ ගැන ඔබතුමාගේ අවදානය යොමුකළ මැනවි

:       0       0

කහවල Wednesday, 28 December 2011 05:45 PM

මේ වගේ අය එල්ලන්න වටින්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site