ලංකා විදුලිබල මණ්ඩලයෙන් කැලණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටියේ ආරම්භ කර ඇති බෝර්ඩිලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ කැණීම් සිදු කරන බව කියන උමං මාර්ගයකට ඉහළින් වූ නිවසක් අද එක්වරම අඩි හැටක් පමණ ගැඹුරට ගිලා බැස ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
පොල්පිටියේ සිට කිතුල්ගල කලුබෝතැන්න දක්වා කිලෝමීටර හතරක් දුරට කැණීම් කටයුතු ආරම්භ කර ඇති මෙම උමං මාර්ගයට ඉහළිත් ඇති නිසා 12ක පදිංචි කරුවෝ මීට පෙර ඉවත් කරනු ලැබූහ. අද ගිලා බැස ඇත්තේ එම නිවසකි.






COMMENTS
අපි මේ ජිවත් වෙන්නේ බොල් පොලොව මතුපිට බව බොහෝ දෙනෙක්ට අමතකයි , එය අස්ථිර තැනක් ,කලින්ම පදිංචි කරුවන් ඉන් ඉවත් කිරීම පැසසුමට ලක් කල යුතුයි .එසේ නොමැති වුනානම් අපට තවත් ඛේදවාචකයක් අසන්නට දකින්නට සිදුවෙනවා.(හේ)
අද ඉදි කිරීම් තාක්ෂණය ඉතා ඉහලම තත්වයක පවතින්නේ. මේ සඳහා අති නවීන යන්ත්‍ර අද ලෝකයේ භාවිතා කරයි. අපිත් ඒවා ප්‍රයෝජනයට ගන්නේ නම් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ.(හේ)
බුවනෙක හරි. අඩි 60ක් උසට මේ මත බිම්ගෙයක් අපූරුවට ගොඩනගාගත හැක (නි)
බොල් පොළොවක කතා දැන් වැඩක් නැහැ. යටින් විද්දා, උඩින් ගිලාබැස්සා. ඔච්චර තමා වෙන්න ඇත්තේ (නි)
ඉතාලි වගේ රටක ඔහොම වුණොත් රටෙන් බාගයක් මිනිසුන් මැරෙනවා. මොකද වැඩිහරියක් දුම්රිය මාර්ග තියෙන්නේ පොළොව යට. (නි)
අනේ දෙවියනේ! මොනතරම් අමාරුවෙන් වෙන්න ඇද්ද මේ මිනිස්සු මේ ගෙවල් හදාගන්න ඇත්තේ? (නි)
ඉතාමත් කණගාටු දායක වුණත් නිතරම අහන්න වේවි. පරිසර හානි සම්බන්ධයෙන් කරුවනුත් මුකුත් කරන්නේ නැහැ වගේ. (ත)
ලංකාවේ හදන පළමු උමඟ නේද? (නි)
සරත්, ඔයා මොන ලෝකේ ඉඳලද ආවේ? (නි)