ගිනි අවියක් සමග තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. අම්බලන්ගොඩ හා මීටියාගොඩ පදිංචිකරුවන් වන ඔවුන් ව්‍යාපාරිකයකු ඝාතනයට සැලසුම් කරමින් සිටියේ යැයි පොලිසිය සැකකරයි.
සැකකරුවන් තිදෙනාගෙන් අයෙක් හමුදාවෙන් පලා ආ පුද්ගලයකු බවත් ඔවුන් මාස කිහිපයකට පෙර ඝාතනය වූ මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරිකයාගේ හිතවතුන් පිරිසක් බවත් අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි. සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd