
( තිළිණි ද සිල්වා )
කොවිඩ් වසංගතය පැවතිය ද ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරට සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 130 ක ආදායමක් උපයා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රට සංචාරකයන්ට විවෘත කිරිමෙන් පසු මෙරටට මේ වන විට සංචාරකයන් 70,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති අතර ඒ හරහා මෙම ඉපැයීම් ලබා ගෙන ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කීය.
ඉදිරි කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ලබන වසරේ දි මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවද හෙතෙම කීවේය.
මේ මාසය අවසන් වීමට පෙර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ,ඒ හරහා ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා කොවිඩ් සුරක්ෂිත රටක් වන බවද සංචාරක අමාත්‍යවරයා කීවේය.
මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයෙන් ඉදිරියෙන්ම සිටින බවත් ඉකුත් 08 වෙනිදා වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 63ක් මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රංශයේ පැරිස් නුවර ෂැංග්‍රිලා හෝටලයේ දි ඊයේ (09) පැවති ප්‍රංශ සංචාරක නියෝජිතායතන හා මාධ්‍ය වේදීන් අතර පැවති හමුවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටල් නිරෝධායන මාෆියාව තුළින් විදේශගත ශ්‍රමිකයින්ගෙන් ගසා කෑ මුදල ඔය වගේ දෙගුණයක් වත් ඇති... ඔවුන්ට නම් හෙනම ගහනවා ඒ කල අපරාදෙට?
ආර්ථිකය කඩා වැටිලා කියලා ආණ්ඩුවේ මැති ඇමැතිවරු කියන කතා කාටද විශ්වාස කරන්න පුළුවන්...?
තවත් රට කන එක තමයි වෙන්නේ...
දැන් සල්ලි තියනවනේ ඉක්මනට මැති ඇමතිලා අලුත් වාහන කියන්න කියමු නේද