ඇල්පිටිය ආනන්ද විදුහලේ නව තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට අනාරාධනයෙන් පැමිණි ඇල්පිටිය පළාත් සභා මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය බලෙන් කතාවක් කර පිටවී ගියාය.
ඒ වන විට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් සිටියේය.
ගීතා කුමාරසිංහ මහත්මිය කතා කරමින් මෙසේ කීවාය.
‘මමයි මේ විද්‍යාගාරයට මුදල් ලබා ගත්තේ. හිටපු ජනාධිපතිට, හිටපු අධ්‍යාපන ඇමැතිට කියා ප්‍රතිපාදන ලබා ගත්තා. එහෙත් සමරු ඵලකයේ මගේ නමවත් නෑ. මට කතාවක්වත් නෑ. මට ආරාධනය කළෙත් නෑ. මේවා දේශපාලන මැක්කන්ගේ වැඩ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. ‘
ගීතා සිය කතාව අවසන් කර සිය බෑගය ද රැගෙන කඩිනමින් බැහැරව ගියාය.
ඇමැති කරුණාතිලක මහතා ඇගේ කතාවට සවන් දී කිසිත් නොකියා සිටියේය. ඔහු කීවේ තමා පාසලේ දී දේශපාලනය කතා නොකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගීතා නෝනා පාස් කරගත්තෙත්, කලින් රජය පාස් කළෙත් හඳෙන් ගෙනාපු සල්ලි නෙමෙයි . අපි දාඩිය මහන්සියෙන් හම්බකරලා බදු ගෙවපු සල්ලි. ඉතිං කාගෙවත් නම් ඕනෙ නැහැ. මමනම් කියන්නේ උත්සවයට ආපු සාමාන්‍ය අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ලව්වා විවෘත කෙරෙව්වනම් තමයි හරියටම හරි. මොකද මේවා ජනතාවගේ සල්ලි. (බ)
නම් ගහගන්න කෙසේවෙතත් මෙයා තැනකට ගියාම අනෙක් මිනිසුන්ට ගහන්න වගේනේ හැසිරෙන්නේ.මේ වගේ සමාජ හැසිරීම් පෙන්නුම් කරන අය මැතිවරණ වේදිකාවට නැඟි නිසා තමයි මහින්ද ගෙදර ගියේ. (නි)
කාගේවත් නම් ගහන්න ඕනෑ නැහැ. මහජන මුදල් වලට මොකටද දේශපාලුවන්ගේ නම් ගහන්නේ? (නි)
ඇරයුම් කලත් එතන ඔක්කොම පිරිමි ටික පෙරලාගෙන එයාගේ කතාව විතරක් කරලා අමුණක් වැපිරූ ගමක් තමන්ට තිබෙන බව උත්සව සභාවට මතක් කරලා යාවි.(ම)
මෙතන දෙන්නම වැරදියි. ගීතා දේශපාලනය පාසලේ කතාකළ එකත් වැරදියි. යහපාලන ආණ්ඩුව අනුන්ගේ නම් වෙනස් කරන එකත් වැරදියි. යහපාලනය කියන්නේ මෙය නොවේ. අද යහපලානය කියන්නේ මේ ආණ්ඩුවේ නම පමණි. නැතුව ප්‍රතිපත්තියක් නොවේ. (නි)
එවුන්ගේ නම ගහන්න උන් ගෙදරින් ගෙනාපු සල්ලිද? ඕකෙනුත් කීයක් හරි එයාගේ පසුම්බියටත් යන්න ඇති. (බ)
ගීතා නෝනාගෙ පුද්ගලික ධනය වැය කරලා හැදුවනම් නම නෙමෙයි මොකක් ගහගත්තත් ප්‍රශ්නයක් නැහැ. මහජන මුදල් වලින් හදපුවාට ඇයි මේ අයිතිවාසිකම් කියන්න දඟලන්නේ. (බ)
මහජන මුදල් වලින් හදපුවට නම ගහගන්න දඟලන දැඟලිල්ල දැකලා හිනාව නවත්වාගන්න බැහැ මට. නොදරුවන් ඉස්සරහට ගිහින් කතාකරන වචන වල කැත. අර කෙවින් මහත්තයා කියනවා වගේ මේවට කාගෙවත් නම් ඕනෑ නැහැ. මේවා මහජන මුදල්. (නි)
පාරවල් වලයි, පාසල් වලයි නම් ගහන්නේ අපේ රටේ තමයි. මහජන මුදලින් හදලා දේශපාලඥයින්ගේ නම් ලොකුවට ගහනවා. මොකටද? අනේ මොළයක් ඇති කෙනෙක් ඉන්නවා නම් මේ සංස්කෘතිය අපේ රටින් තුරන් කරන්න. (නි)
මෙතන දේශපාලන ප්‍රශ්නයකට වැඩිය තිබෙන්නේ කාන්තාවකගේ ආචාරශීලි බව ගැන සමාජමය ප්‍රශ්නයක්. !. (බ)
ගීතාට දේශපාලනය එපා වෙලා. ජනතාවට දේශපාලඥයෝ එපා වෙලා. (ම)
පව්. ඒ විපුලට හිතෙන හැටිනේ. ජීවිතේට දියුණු රටකට ගිහින් නැහැ විතරක් නෙමෙයි පොතක්වත් බලලා නැහැ ඒ ගැන. (නි)
හෙළ කුල කාන්තාවක් වුණාම මෙහෙම හැසිරීම මෙහෙම වචන ගැලපෙනවද? දේශපාලනය කරන චරිත විශේෂයෙන් ආදර්ශමත් වියයුතුයි. අනික මේ පාසැලනට ඇවිත් කරන කතාද? (ම)
විපුල , ගීතා එයාගේ නම ගහගන්න යන විදියයි මෙතැන ප්‍රශ්නය. පක්ෂයේම කී දෙනෙක් එක්ක රණ්ඩු වුණාද? (නි)
ගීතා හරි. මම නම් කියන්නේ යහපාලනයට අනුව ඒක හදන්න ගීතා මුලික වුණා නම් එයාගේ සල්ලි නොයෙදෙව්වත් එයාටත් උත්සවයට ආරාධනා කරන්න යහපාලන යුතුකමක් තිබුනා. එහෙම වුණානම් ඒක කොච්චර ලස්සනට කරන්න තිබුනද? (නි)
ඕක තමයි යහපාලනයේ වෙනස! (නි)
මම හිතන්නේ මෙයාගේ කටට බයේම ප්‍රතිපාදන ටික පාස් කරන්න ඇති. නැතිනම් යහතින් ඉන්නද ? ගෙවල් වලට කඩන් පැනල මිදුලේ ඉඳන් කෑගහන්න පටන් ගත්තොත් ? (ම)
ආරාධනා නොකිරීම වරදක්.නමුත් පාසල් වල මෙහෙම හැසිරෙන්න හොඳ නැහැ. (නි)
ගීතා කුමාරසිංහ දේශපාලනයට සුදුසු කෙනෙක් නොවේ , කිසිම දේශපාලන උගත් කමක් කතා කිරීමේ හැකියාවක් නැහැ , මෙයා සුදුසු මාළු කඩේට , තාමත් පරණ රජයේ උෂ්ණය ගිහින් නැහැ වාගේ (බ)
තමන්ගේ පක්ෂයේ උදවිය එක්කවත් සහයෝගයෙන් වැඩකරන්න බැරි කෙනෙක් මෙයා. කොයි තරාතිරමේ කාන්තාවක් වුණත් උගත් ශිෂ්ඨ සමාජයේ කුල කාන්තාවක් හැටියට හැසිරෙන්නේ නැති වුණාම , පිරිමි එක්ක ප්‍රසිද්ධියේ රණ්ඩු සරුවල් වුණාම මිනිස්සු තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. (නි)
කාන්තා දේශපාලක චරිතයක් වුණාම අඩු වශයෙන් පාසලක බාලිකාවන්ට කතාවක් පවත්වන්න පුළුවන් විදියේ ආචාරශීලීබව සහ සිරිත් විරිත් දැනගෙන ඉන්න ඕනෑ. මහා උගත්කම් නැතුවාට කමක් නැහැ. වචනයේ ක්‍රියාවේ සංයමයක් නැති කාන්තාවකට පාසල් උත්සව සභාවේ තියා තමන්ගේ පවුල ඇතුළේවත් තැනක් නැහැ. (නි)
මොන දේශපාලකයා වුණත් මහජන මුදල්වලින් යමක් කළා නම් තමන්ගේ නම ගහන එක සුදුසු නැහැ.මේ දෙය කරන්න ගීතා මුල්වුණා නම් එයාට ආරාධනා කරන එක යුතුකමක්.එහෙම වුණා නම් අවුලකුත් නැහැනේ. (නි)
මෙයාට ආරාධනා කරලාත් කරපු කෙනාට නිවනක් නැතිව ඇති. උත්සවයේ මුලාසන කතාව ඉල්ලනවා ඇති. අනෙක් මනුස්සයෙකුට එතැන් කටක් අරින්න නොදී අර ජය ලලිතා ආන්ටිගේ භූමිකාව රඟ පාන්න යනවා ඇති. කතාවේ කාන්තාවකට සුදුසු සංවර බව තිබෙනවාද කියල කල්පනා කරන්න. ඉතින් මිනිස්සු පක්ෂයේ උත්සව වලටවත් ආරාධනා කරන්නේ නැතිව ඇති. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ශිෂ්ඨ සම්පන්න සමාජයේ උත්සවයකට වැද්ද ගන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. විශේෂයෙන් පාසලක. (නදී)
මේ වගේම කතාවේ සහ සමාජයේ හැසිරීමේ ආචාරශීලීබවක් නැති නවක නිළියෙකුත් අපි මාධ්‍යයේ පසුගිය දවස් වල දැක්කා. එයාත් හැසිරෙන්නේ මේ විදියටමයි. වක්කඩ ඇරියා වගේ කට. දේශපාලනයේ පිහිටෙන් ගොඩයන්න හදන මේ වගේ බවලතුන්ට අනුකම්පා කරන්න ගිහින් තමයි සමහරුන්ට ගෙදර යන්න වුණේ. (නි)
මේ කාන්තාවට ආරාධනා නොකිරීම දේශපාලන පැත්තෙන් විතරක් බලන්න බැහැ. හොඳයි සුහද ආරාධනාවක් කළා කියමු. උගත් සභාවක වැදගත් පාසල් උත්සවයකට උචිත කතාවක් කරන්න මෙතුමිය දන්නවාද? පුරුද්දට තැන නොතැන සළකන්නේ නැතුව බෙලිකටු මල්ල හොලවලා. ආචාරශීලීව හැසිරෙනවා නම් කොයි පක්ෂයෙන් වුණත් සළකනවා. අපේ රටේ මිනිස්සු තවමත් ගරු කරන්නේ ආචාරශීලි කාන්තාවන්ට. (නි)
කාන්තා පාක්ෂිකයන්ගේ කට ගැන සළකන්නේ නැතුව දේශපාලනයට නාමයෝජනා දීපු අයට පසුගිය කාලයේ අවාසිමයි සිද්ධ වුණේ. පිරිමියෙකුගේ කට හොඳ නැතිකම හෙට වෙනකොට මිනිසුන්ට මතක නැහැ. එහෙත් කාන්තාවක් කට ඇරියා නම් ඕක මිනිසුන්ට මැරෙනකම් අමතක වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික අපේ වනිතාවන් තේරුම් ගත්තා නම් මේ වගේ මදි පුංචිකම් උත්සව, වියත් සභා වලදී තමන්ට ඇතිවෙන්නේ නැහැ. (නි)
නිලියෝ ඉන්නේ රඟපාන්න මිසක් දේශපාලනය කරන්න නොවේ , ලබන චන්දෙදි හොර බොරු නැත ,උගත් බුධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවමු .(කේ)
කාගේවත් නමත් නැතුව විවෘත කළා නම් තමයි හරි. මොකද ඒ කාගෙවත් පුද්ගලික ධනය නෙමෙයි වැයකරලා තියෙන්නේ, මහජන මුදල්. (කේ)
ගිතාගෙ කටනිසා තමයි ඇය දේශපාලනයෙන් අතුගෑවෙන්නේ. මාළුවා නගින්නෙත් කට නිසා කියනවනේ. (කේ)
ඇයට ගයන්තගෙන් ලැබුණේ හොඳ උත්තරයක්. යථාර්තය එයයි. (ත)
පාසැල් උත්සවයකට නෙමෙයි ළමයි ඉන්න තැනකට ආරාධනා කරන්න හොඳ නැහැ. දරුවො ආදර්ශෙට ගන්නෙත් මේ වගේ අයවනේ නිලියො නිසා.(කේ)
මෝහෙන් මුළා වෙලා..මානෙන් උදම් වෙලා...තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ පාරේ.....මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී......(කේ)
වෛරයෙන් පුපුරනවා මුහුණ. අනේ මන්ද ඇයි මේකියලා.....(කේ)
මීට පස්සෙවත් නාමයෝජනා දෙනකොට අධ්‍යාපන සුදුසුකම් සහ පෙර චරිතය බලලා දෙන්න. නැත්නම් අපේ ළමයි ටික හදාගන්න බැරි වෙනවා.(කේ)
හැම තරාතිරමකම අම්මලා දැනගන්න ඕනෑ තමන්ගේ දුව ප්‍රසිද්ධ ලොක්කියක් කළාට මදි. ශිෂ්ට උගත් සමාජයෙන් ගරුනම්බු ලැබෙන පරිදි ආචාරධර්ම උගන්වලා සමාජයට ඉදිරිපත් කරන්න. (නි)
එයාගේ චරිත ලක්ෂණය පාසලේදී පෙන්නුවා. (ස)
ගයන්තගේ මහත්මා ගතිය පෙන්නුම් කළා. (ස)
හැමෝම ඉතින් හැමදෙනාවම ගණන් ගන්නේ නැහැනේ (නි)
මේ වගේ කට්ටිය පාර්ලිමේන්තුවට කොහෙත්ම සුදුසු නැහැ (නි)
ගීතා නෝනා කෑ ගහනවා එයාලගේ වැඩ මෙයාලා කරනවා කියලා? අනේ මන්දා! (නි)
මහින්ද මහත්තයා කියනවා මගේ මහින්දෝදය මෙයාලා ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ගීතා නෝනා කෑ ගහනවා වැරදියට කරනවා කියලා. අනේ මන්දා! (නි)
පව්,ගීතා නගා.හොඳටම ඔරොප්පු වෙලා (නි)
මේවගේ කලාකරුවන් ගැන මොනවා කතා කරන්නද? (ත)
කුමාරි, දැන් ඒක මහින්දෝදය නෙමෙයි ගීතෝදය වෙලා වගෙයි අපිට නම් පෙනෙන්නේ! (නි)
කෙවින් සමග මමද එකඟයි. (ර)
සමාජ සාධාරණය වන ලෙස මෙවැනි වැඩ කළ යුතුය. නමුත් දේශපාලකයන්ගේ නම අවශ්‍ය නැහැ වැඩේ නිමකලනම් පාසලට පවරන්න. උත්සව වලට යන වියදම, අදාල උපකරණ ගැනීමට යොදන්න(ම)
ගීතා මහත්මිය කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත. (නි)
මහත්මා ගතිගුණ වෙනස වටහා ගන්නට අවස්තාවක්
ගීතා කියන්නේ කාන්තාකමටත් නින්දාවක් වෙච්ච කෙනෙක් කියල කව්රුත් නොදන්නවානම් ....... චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් ගෙන් අහල බලන්න. මාලනි ෆොන්සේකා නෝනත් දන්නවා මගේ හිතේ (බ)
ඔය ගීතාගේ පාසලේදී සිටි චරිතවත් බව සමකාලීන පාසල් මිතුරෙක් මා සමග පවසා තියෙනවා. ඉස්කෝලෙන් අස්කලා කියලයි මට ආරංචි . (ම)
මෙයාට ගහල තියෙන්නේ වෙනත් උෂ්ණයක් ! යකඩ දෝලිය වුන කාන්තාවන්ට මෙහෙම හැසිරීම් තිබෙනවා. (බ)
මේවා මහජන මුදල් නිසා කාගෙවත් නම අවශ්‍ය නැත. මහජන මුදලින් ඉදිකළ බව දැම්මොත් නරකද? (බ)
කොහොමද ඇය කියන්නේ එයාගේ සල්ලි වලින් හැදුවා කියලා. මේවා අපේ සල්ලි. අන්න එයාගේ පුද්ගලික සල්ලි වලින් හැදුවා නම් එයාට කියත හැකියි එයාට නොකියා විවෘත කළ එක වැරදියි කියා. (නි)
අපි මෙයා ගැන හොඳට දන්නවා. එයා ගැන එයාට අමතක වුණාට අපිට අමතක නැහැ (නි)
අදහස් දාන කට්ටිය දන්නා දේවල් නේද...ආසාවේ බැහැ නේද හදන්නේ කව්රුවත් ...ටයි කොර්ට් දාලා පීත්ත පටිය කපන්නේ වෙන කව්රුවත් යහපාලනයේ වෙනස (බ)
තිත්ත ඇත්ත! (නි)
ගීතා කළ වැඩේ හරි. ඔවුන්ට යටවෙන්නේ මොකටද? අනික ගීතා තමයි ඕකට සල්ලි වෙන්කරගෙන මුලපිරුවේ (නි)
බටගොඩ ඕනෙම මිනිහෙකුගේ පෞද්ගලික ජිවිත අපිට වැඩක් නෑ..ඒ මනුස්සයා සමාජයට හොද නම් එච්චරයි.. ගීතා පාසලේ මෙහෙම කතාවක් කරපු එක නම් වැරදි..තමන් දෙයක් කළා නම් එකේ හොද හෝ නරක ප්‍රතිපල තමන්ටමයි.මෙයාගේ රගපෑම නම් මරු.. රජයට බැනලා වැඩක් නෑ දැන් ඉතින් ගිය රජයෙන් කරපු කාපාලු වැඩ වල බරත් අදින්න එපැයි මේ රජය.. (බ)
පිස්සො කලබල වුනාට දොස්තර කලබල නෑ..(බ)
පාසලේ දරුවන්ට සෙතක් වෙනවනම් තමුන්ගේ නම තිබුනත් නැතත් මොකද? තමුන්ගේ රට වැසියන් වෙනුවෙන් ගත්තු උත්සහේ සාර්ථක වුනානම් මීට වැඩ සතුටක් තියෙනවද දේශපාලකයෙකුට? දරුවනේ ඔබට ලැබුන මේ වස්තුව හොඳින් රැකගෙන හොඳින් ඉගෙන ගන්න කිව්වනම් කොච්චර වටිනවද? දැන් හොඳින්ම පෙනෙනවා මෙයාලගේ මුලික පරමාර්ථය තමුන්ගේ නම බබළවන්න මිසක් දරුවන් වෙනුවෙන් සෙතක් කරන්න නොවේ කියල. (බ)
දෙන්නටම ලකුණු 100% (බ)
අජානීය අශ්වයෝ මිදි යුෂ බීලා උන්ගේ ගාල්වල නිහඬව ඉඳිද්දී කානුවල ගලාගිය අපවිත්‍ර මිදි යුෂ ජලය බීගත් කොටළුවෝ උඩ පැන ගෙන නටත්. ශබ්ද නගති (බ)
මොන කතාද? ඇත්තනේ ගීතා කියන්නේ. (බ)
ස්තූතියි ! (බ)
කරුමක්කාරයෝ , ළඳුනේ ,ළඳුනේ (බ)
ප්‍රශ්නේ ඇයි මේ වගේ අය මිනිස්සු මේ ආයතනවලට පත්කරන්නේ..තමන්ගේ ඡන්දේ පරිස්සමින් "මනුස්සයෙකුට" දෙන්න...(බ)
කොහොමද වැඩ? (නදී)
ඕවා ඔහොම තමයි ගීතා නෝනා, කරපු හොද දේවල් සමහර අයට ඉක්මනට අමතක වෙලා යනවා. (බ)
මේ නෝනා කලකට පෙර උගත් ප්‍රාදේශීය ලේකම් වරියක් තමන්ට මැඩම් කිව්වේ නැහැ කියල දේශපාලන හයියෙන් ඒ කාන්තාව ට ලොකු සත්තමක් දැම්මා. මේ වගේ කට්ටිය දේශපාලනයට ගෙනාව කට්ටියගේ උගත්කම තියෙන්නේ කකුල් දෙකේ විය යුතුයි. (බ)
එක අතකට වැඩක් කරලා නම ගහගෙන මොනවා කරන්නද? (නි)
ඊනියා දේශපාලූවන්ගේ ඇට්ටඹි සට්ටඹි රැළ එල්ලී ජෝගි නටද්දී අදාළ බලධාරීන් හොඳටම නිහඬය (බ)
මෙය නේද අර ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීමේදී පිරිමියෙකුට තේ කෝප්පයකින් දමල ගැහුවා සුර වීර කාන්තාව. මේ වගේ උදවිය දේශපාලනය ට ගෙනාපු අයටයි මඩු වලිගෙන් ගහන්න ඕන. (බ)
අනේ මන්දා...මේ වගේ රටක අපිත් ඉපදුනානේ....(බ)
ඉතින් කතාව ඇත්ත වෙන්න ඇති ගයන්තලා ට ඕක හදන්න වෙලාවක් තිබ්බේ නැනේ. හරි සවුත්තු වැඩ මේ දේශපාලකයෝ කරන්නේ (බ)
රෙජි සිඩ්නි මහතාණෙනි දැන් මෙයත් නෝනා මහත්මියක් නම් වැදගත් කුල කාන්තාවන්ට ඔබතුමා මොනවා කියලද අමතන්නේ ? (බ)
අද යහපාලන ගැන්සියට අලුතින් මොකවත් කරන්න බැහැ අනුන් කරපුව විවෘත කරනවා විතරයි (බ)
හොඳ පරීක්ෂාවක් කාටද ඡන්දේ දිය යුත්තේ කියලා තේරුම් ගන්න (බ)
අපි කොච්චර බෙරිහන් දුන්නත් දේශපාලනයට අඩු වශයෙන් උසස්පෙළ සමත් සමාජ ආචාර ධර්ම සිරිත් විරිත්වත් දන්නා අයවලුන්ට නාම යෝජනා දෙන්න කියලා එ්ක සිදු වෙන්නේ නැහැ. මෙන්න ප්‍රතිපල ! (බ)
බස්නාහිර මහා ඈමති තුමානම් මහින්දෝදය නියම විදියට ඕපන් කරනවා (බ)
මේ ඵලකය ලියා තිබෙන හැටි වැරදියි. ගීතා කියන දේ හරි. දේශපාලන මැක්කොත් එක්ක මොකුත් කරන්න බැහැ. (නි)
ගයන්ත නෙවෙයි මෙතැන මහින්ද මහතා හිටියත් මේ වගේ බවලතුන් ආචාර ධර්මයකට අනුව සභාවක හැසිරේවිද සමන් ? පක්ෂයේ පිරිමි එක්ක කලින් මෙයාගේ රණ්ඩු සරුවල් අපිට මතකයිනේ. (බ)
ගීතාගේ ක්‍රියාව, අගනේය (ම)
මෙයාට විවෘත කරන්න දුන්නත් එතන ඉන්න පක්ෂයේ ම පිරිමි ටික එක්ක එතන රණ්ඩු වෙලා උත්සවය එතැනින්ම ඉවරයි. කිසිම චාරයක් ඇතිව නෙවෙයි මේ කාන්තාව පසුගිය කාලයේ දේශපාලන රැස්වීම් වල හැසිරුනේ. (බ)
ගීතාගේ ක්‍රියාව වටිනවා. (ම)
සමහර නිළියන් උගත් වැදගත් සමාජයක් තුළ තමන්ට නැති සමාජ පිළිගැනිම දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් ලබා ගන්න හදනවා. (බ)
දේශපාලකයෙක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් තමයි. එයාගේ දේශපාලන ගමන එයා හදාගන්න ඕනේ. තමුන් කරපු වැඩ මොනවාද කියල ජනතාවට පෙන්නන්න ඕනේ. නැත්නම් ජනතාව කියයි හිටියට වැඩක් නැහැ කියල. අපි කන්තෝරුවේ වුනත් තමන්ගේ නම සහ වැඩ දෙකම තියෙන්න ඕනේ. (බ)
බණ්ඩාර ඔයා නිකන් යන්න බබා වෙන්නේ නැතිව...... රාජපක්ෂ ඉන්නකන් තමන්ගේ නම ගහලා තමා හැම එකක්ම හැදුවේ.... යහපාලනය තමා තියෙන්නේ....රාජපක්ෂලාගේ මැර පාලනය නෑ..... (ම)
ශීලාචාර කමක් ආචාර ධර්මයක් නැති තැන ගැහැණු කමක්ද නැත - අපි දන්නේ එච්චරයි. මේවා දේශපාලනයට විතරක් අදාළ දේවල් නෙවෙයි. (බ)
ගීතට මොනවද පුළුවන් ? ඇය දේශපාලනයෙන් අයින් වෙන එක තම හොද. මහින්දට ඉස්සුවට අනෙක් අයගෙන් එයට ඉල්ලුමක් නැත. (ම)
අනුර ලන්ඩන් ..! මට කියන්න තියෙන්නෙත් ඔබ කියුව ටිකම තමයි. මෙතන උඩ පනිමින් ගීතට බනින කට්ටිය..? ඔබ යමක් වෙහෙසී එකමුතුව සංවිධානයකර රජයේ මුදලින් ඉදිකළ ගොඩ නැගිල්ලක් හෙට බඩ ලොකු දේශපාලකයෙක් සුදු ඇදන් ඇවිත් රිබන් පටියකපල විවුර්තකලොත් ඒ සදහා දායක උණු ඔයාලගේ නමවත් ආරාධනයකුත් නැතිව .....??? කොපමණ නම් වේගයක් හදවතට දැනේවිද ..????? (කේ)
සමහර කාන්තාවන් ලේසි පහසු මාර්ග වලින් ඔක්කොම හරි හම්බු කරගෙන සමාජයෙන් තමන්ට කිසිම වැදගත් පිළිගැනීමක් නැහැ කියලා තේරෙනකොට පරක්කු වැඩියි. (බ)
අටවත් පාස්ද නූගත්කම තමයි (බ)
වරක් කිව්වා සම්මාන නොලැබෙන එකට "මට ඔය ලී කොට කැලි නැතුවට කමක් නැ"කියලා.මෑතකදී කිව්වා මම නාකි වෙන්නේ නැ,කියලා.(කේ)
ඔය දෙපැත්තේම ඉන්නේ රටට වැඩක් කරන කට්ටිය නෙවේ. ඔයදෙන්නම වැරදියි මම හිතන විදිහට නම් ඔය සල්ලි අපේනේ. අයි ඔය දෙන්නටම එකතුවෙලා ඕක ඕපන් කරගන්න බැරී. ඔතන නම ගහන එකෙන් ඇතිවැඩේ මොකක්ද (බ)
ඵලකයට නම දාගන්න ඔච්චරම ආසද? (නදී)
ගීත නෝනට පරණ නිලි කම කරන් යන්න කට්ටිය චන්දෙ නොදී හිටියනම් හරිනේ(නදී)
පාසලේ වැසිලිකියක් විවෘත කරන්නවත් ගෙන්වන්න එපා. (ත)
මෙතුමිය ගෙන්වා ගන්න ඕනෑ පාසල් ගොඩනැගිලි විවෘත කරන්න නොව වැල්ලේ මාළු විකුණන තැන් විවෘත කරන්නයි. (ත)
මෙතුමියගේ හැටි ඇඟළුම් කම්හලේ අය දන්නවා. (ත)
මෙයාගේ පුද්ගලික සල්ලි වලින්ද විද්‍යාගාරය හදල තියෙන්නේ? ගීතාට දැන් පිස්සු... ෆිල්ම් එකකට හොඳ නමක්! (බ)
මෙවැනන්නන් දේශපාලනයට ආ විට ඔහොම තමයි (නදී)
මේ කතාවෙන්ම තහවුරු වෙනවා මෙයා කවුද කියල.මෙහෙම අයටනේ ජනතාව ඡන්දය දෙන්නේ.මොනවා හරි බලාපොරොත්තුවෙන් වෙන ඇති ඡන්දය දෙන්නේ..නේද? අපි නොදන්නා ගීතා.(ම)
දේශපාලන නෝනා කෙනෙක් වුණ පලියට මිනිස්සු ගරු කරන්නේ නැහැ. මුල ඉඳල පාසල් ගිහින් සභාවක , සමාජයේ හැසිරෙන හැටි ඉගෙන ගන්න වේවි. (ම)
තමන් දන්නා චිත්‍රපටි රස්සාව අතහැරලා නොදන්නා දේශපාලනය කරන්න ගත්තහම මේ වගේ නිළිනෝනලා විහින් අප්‍රසාදයට පත්වෙනවා. (නි)
පෙම්බර මධු චිත්‍රපටියේ වතුරට පැන්නා වගේ ද පාසල් සභාවට කඩන් පැනල තියෙන්නේ ?(ම)
හංසයාගේයි පාත්තයාගෙයි වෙනස දන්නේ නැති අයනේ මේ. (නි)
මෙය අනාරාධිතව හැම තැනටම යනවාලු. බලෙන් අවමගුල් සභාවල කතාවල් ඉල්ලනවාලු. එක පාරක් එහෙම ගිහින් සාරිය කඩා ගෙන වැටෙන්නත් ගියා ආරංචි (ම)
විවෘත කිරීම් වලට දේශපාලකයෝ මොකටද ගෙන්නන්නේ? ගීතා එතන මළපහ කළේ නැති එක විතරයි! (බ)
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි පසුගිය සමයේ කිලෝ 50 හේ සිමෙන්ති කොට්ට 7-8 ක් බරට කුඩු රටට ගෙන්නුවේ.අල්ලාගත් කුඩු අතුරුදහන් වුණේ.අල්ලාගත් සැකකරුවන්ට රටින් පැනලා යන්න ඉඩදුන්නේ.අපි මැරිලා ඉපදිලා නැහැ (නි)
කව්රුහරි "මැක්කා" කියන එකේ ස්ත්‍රී ලිංග වචනය මොකක්ද කියලා කියනවද ?? (ම)
මම නිකන්ද කියන්නේ පාර්ලිමේන්තුවට යන්න නාමයෝජනා දෙනකොට අඩුම වශයෙන් සාමාන්‍ය පෙළ විෂයන් 5 ක්වත් සාමාන්‍ය සාමාර්ථ ලබාගැනීම අවම සුදුසුකම වශයෙන් සළකන්න කියලා. (නි)
ගීතා තවම පාලම යට.. පව්! (බ)
පාලිත කියනවා වගේ හැමෝම හැමදේටම කැමති නැහැ. (නි)
මේ අයගේ පුද්ගලික මුදල් වලින්ද ඕවා කෙරුවේ ඔච්චර කෑ ගහන්න .ගැලරියේ රගපෑම් (ම)
මීට පෙර පිරිමි දේශපාලඥයෝ මෙහෙම බලෙන් විවෘත කිරීම් කළා. මෙතන වැඩි දෙනෙකුට ඇති ප්‍රශ්නේ ගීතා ගැහැනියක් වීමයි. පිරිමි කලාට කමක් නෑ ගෑනියක් කලොත් තමා එයාලටත් වැරදි විදියට පේන්නෙ.(ම)
නෝනගේ ගණන්. (ත)
පෙම්බර මධු එකේ ගගට පැන්නේ මලානි. දෙන්නම පැන්නනන් තමයි හොද. (ර)
ඒ වුණත් බලෙන් කතාවක් පවත්වන එක නම් අනුමත කරන්න බැහැ (නි)
නෝනට දේශපාලනේ එපාවෙලානම් ලබනපාර විශ්‍රාම දෙන්නම්. (ර)
උත්සව සංවිධායක කමිටුවේ ඇත්තේ අවලස්සන ටීචර් ලා. ඔයා මලක් වගේ ගියාම එයාලගේ කැත පේනවනේ. රහස ඒකයි. (කේ)
වැඩ කරන්නේ කවුරුවත් නම දාගන්නේ කවුරුවත්. ගීතා කියන්නේ ඇත්ත. (ර)
හොඳ වෙලාවට අර වේලිච්ච වට්ටක්කා කතාව යනකොට මේ නෝනා එතන හිටියේ නැත්තේ... (ර)
අර කුලියට ලියන එවුන් මොනවා ලිව්වවත් ලජ්ජා නැති යහපාලන නාදය අනුන්ගේ ළමයින්ට තමන්ගේ උප්පෙන්නේ දාන එක තමයි දිගටම කරන්නේ. වෙන මොනවද වෙන්නේ.(ම)
එහෙනම් සම්පත් ඩුබායි පෙම්බර මධු බලල තියෙන්නේ භාගෙට වගේ. ඒ පැනපු විදියට සභාවට කඩන් පැන්න නම් ගයන්තට නුල් බඳින්න වෙන එක නියතයි. (ම)
තමන්ගේ වත්කම් වලින් මේවා කරනවා වගෙයි දෙපැත්තම කටයුතු කරන්නේ. දේශපාලකයන්ගේ ඇත්ත තත්ත්වය ජනතාව මේවාවලින් තේරුම් ගත යුතුය. වැටුපට සේවයද? සේවය තමන්ගේ පැවැත්මටද? (නදී)
මේ අර හංසයෝ පාත්-තයෝ වෙච්චි නෝනේ නේ. මහා ඇමති වෙන්න කට දේඩෙවුවාට යන්තම් අන්තිම වෙලා එල්ලුනා. යහපලානේ හොද වැඩියි එකයි (ම)
හංසයෝ පාත්තයෝ වුනහම ඔහොම තමයි (නදී)
සම්පත් , මාලිනි ප්‍රධාන චරිතය කලාට වතුරට පැන්නේ මෙතුමිය තමයි. අනේ අම්මේ ජෙහාන් එහෙම වුණා නම් උත්සව සභාවටම තෙල් සාත්තුවක් කරන්න වෙනවා. (ම)
දෙන්නම වැරදි වැඩේ කරලා තියෙන්නේ. එක්කෙනෙක් පාසලට දේශපාලනේ ගෙනත් අනිත් කෙනා අනුන්ගේ සරම උගේ වගේ ඇඳන්. (ර)
හොඳ වෙලාවට පාර්ලිමේන්තුවේ නැහැ. දියවන්නා ඔයේ හංස බෝට්ටු ටිකත් ගහගෙන යාවි කටේ සද්දෙට. (ර)
ගීතා දරුවන් ඉදිරියේ කතාකළ විදිය එතරම් ගැළපෙන්නේ නැතිවුණාට කියපු කතාවේ ඇත්තක් තියෙනවා. නිකන් හිතලා බලන්න තමන්ට මේ වගේ දෙයක් වුණොත් කොහොමද කියලා. තමන් මහන්සිවෙලා දෙයක් කළාට පස්සේ තවත් කෙනෙක් ලේසියෙන්ම කළ කෙනාගේ නම කපලා අයින් කරලා ඒකේ නම දාගන්නකොට තමන්ට කොපමණ වේදනාවක් දැනෙනවද කියලා. මේකේ ගොඩාක් අය ලේසියෙන්ම ගීතට බැන්නට අනිත් අය කළ වැඩේ විවේචනය කරලා නැති එක පුදුමයි. විශේෂයෙන් දේශපාලනය කරන අයට ඡන්ද ලැබෙන්නේ තමන් ජනතාවට කරන දේවල් වලට. ඒක තවත් කෙනෙක් ලේසියෙන්ම හොරකම් කරලා තමන් කළ දෙයක් විදියට ජනතාවට පෙන්නුම් කරනකොට ගීතාට තරහායන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් ගීතා ප්‍රතිචාර දක්වපු විදිය තව ටිකක් සංයමයකින් කරන්න තිබුනා. (නි)
ඇත්තෙන්ම, ඇයටත් ආරාධනා කලානම් තමයි හොඳ, ප්‍රතිපාදන ඇගේ නම් ඇයට අයිතියක් තියෙනවා (ම)
යහපාලනය නම් කරපු අයගේ නම් සදහන් කළ යුතුයි. නැත්නම් තක්කඩි පාලනය අනුන්ගේ වැඩේ තමන්ගේ නම කැත වැඩ (බ)
නිළිකම විතරක් නොව, අධ්‍යාපන සහතිකයේ පැටිකිරියත් මොනවට ඔප්පුකිරීමකුයි මට නම් පෙනෙන්නේ (නි)
ගීතා නෝනටත් නිසි පරිදි ඇරයුම් කර උත්සවය පැවැත්තුවානම් වැඩෙත් ලස්සනයි යහ පාලනේටත් ලකුණු ලැබෙනව.(බ)
මේ වගේ අයට ඡන්දය දීපු අයත් ඡන්දයට ගත්ත අයත් වග කියන්න ඕනේ්(හේ)
හොඳ කතාවක් ගීතා. ඔබට ජය! (නි)
එක එක කාලෙට එක එක විකාර.(හේ)
ඇයි කාන්තාවක් මෙහෙම හැසිරෙන්නේ? (නි)
කොහොමත් ගීතා මේ ප්‍රදේශයේ හැම තැනකටම අනාරාධිතව යන නොමනා පුරුද්දක් තිබෙනවා කියල ආරංචියි. එයාගේ ප්‍රතිපාදන නෙවෙයි ගමේ තියෙන මගුල් අවමගුල් කොටහළු ගෙවල් වලට කඩන් පැනලා බලයෙන් ම කතාවල් පවත්වන්න පටන්ගන්නවාලු. කිසිම සිරිතක් විරිතක් ඉගෙන ගන්නේ නැතිව බවලතෙකුට නොගැලපෙන විදියට කච කච ගාගෙන ආවම කවුද මෙයාව පිළිගන්නේ ? (බ)
දියුණු විදේශ රටවල නම් ඔය මුල්ගල් තැබීම්, නාම පුවරු ඇත්තේම නැහැ. නමුත් හරි අඩුයි. එසේ තිබ්බත් හරිම චාම් විදියටයි වෙන්නේ. එම දේශපාලනඥයින් නම් තැනගේ නම බෝඩ් වල ලියවා ගන්නට නෙවෙයි වෙන්නේ. රටේ දියුනුවටයි සිදුවෙන්නේ. ඔය ඔක්කොම අපේ රටවල තමයි. අර ඒ දියුණු රටවල නිසා වෙන්නනැති. (බ)
මේ කථාවත් මොකක් හරි වැරද්දක් ඇති ලංකාවේ අය එහෙම තමයි (බ)