ශ්‍රී ලංකාව තුළ සිදුවූ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූයේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත‍්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ,දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර යම් අන්දමේ සම්මුතියක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළි කරන ලෙසට ජනාධිපති ලේකම්ට නියෝග කරන ලෙස ඉල්ලා දොස්තර ගුණදාස අමරසේකර ගොනු කළ මූලික අයිතිවසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) ඉවත දැමීය.
තොරතුරු පනත බලාත්මක වන්නේ එම පනත කථානායකවරයා අත්සන් කර ඇති මාස හයකට පසුව බැවින් මෙවැනි සහනයක් ඉල්ලිය යුත්තේ ඉන් පසුව බවද අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ප්‍රකාශ කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,අනිල් ගුණරත්න සහ ප‍්‍රියන්ත ජයවර්ධන මහත්වරු හමුවේ සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකී, කාගෙද? ඔබේද? (නි)
අදට නොගැලපෙන මේ පෙත්සම නැවත ඉදිරිපත් කිරීමට වුවද වලංගුයි කියන එකද මේ කියන්නේ?(රේ)
දැන් නම් ඔලුව ටිකක් අබිලික් වෙලා වගෙයි!(රේ)
මේ අයට වෙන වැඩ නැද්ද? (නි)
නීතිමය ප්‍රතිපාදන නැත්නම් අධිකරණයට කරන්න දෙයක් නැහැ. නීති හදන එක පාර්ලිමේන්තුවේ වැඩක්. දැනට සම්මත කර ඇති තොරතුරු පනත ක්‍රියාත්මක වෙන්නේ මාස හයකට පසුව නොවේද? බොරුවට අධිකරණයට බැනලා වැඩක් නැහැ (නි)
ඉස්සර නඩුයි බඩුයි දෙකම එක් කෙනෙක්ගෙනේ (නි)
මම හිතන විදියට අගවිනිසුරුතුමා හරි තීරණයක් දීලා තියෙන්නේ. (නි)
ඉස්සර නම් නඩු වල තීරණය ගන්නේ කොහොමද කියලා අපිට මතකයිනේ (නි)
මේක තොරතුරු පනතට අදාළ කර ගන්න එපා. රටේ, ජාතියේ ආරක්ෂාව පිළිබද කාරණයක් (අ)
නඩුත් ඒ අයගේ. බඩුත් ඒ අයගේ.(රේ)