
(පුෂ්පකුමාර ජයරත්න)
මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ.
මෙම අකල් මරණයට ගොදුරුව ඇත්තේ වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තෝරයාය රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී.මනුජය හංසමාල් නමැති තරුණයෙකි.
ඔහු පෙරේදා (7) රාත්‍රියේ නිවසේ නිදා සිටියදීම මරණයට පත්ව සිටි බව පොලීසිය පවසයි.
මියගිය තරුණයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් දෙවැනි වරටද පෙනී සිට ඇති අතර එම විභාගයට පසුගියදා නිකුත් කරන ලද ප්‍රතිඵල වලට අනුව ඔහු බී සාමාර්ථ තුනක් ලබමින් විභාගයෙන් සමත්ව සිට ඇත.
උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවකු ලෙස තාවකාලිකව රැකියාවකද නිරතව සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊරිසියාකාරයින්ගේ මන්ත්‍ර ගුරුකමක්...
සැකයක් නැද්ද? හරිම කණගාටුදායක සිද්ධියක්...!
මෙච්චර හෘර රෝග ඇයි? එන්නත්කරණයෙන් පස්සේ නේද මේවා වැඩිවුණේ...?
හරිම දුකයි. මරණ පරීක්ෂණයක් නැතුව මොකද වුනේ කියලා කියන්න අමාරුයි...
බටහිර ලෝකයේ එන්නත් නිසා වෙන දේවල්...
ජීවිතන් අනියතන්... මරණන් නියතන්..! දෙමව්පියෝ සහ පවුලේ උදවිය සහ හිතමිතුරන් කොහොම දරාගෙන ඉන්නවද මන්දා..? ඔබට නිවන් සුව..!
දැන් දරුවන් අසීමිත විදියට කඩකෑම වලට හුරුවෙලා. සීමාවක් නැහැ. එහෙමත් වෙන්න පුළුවන්.
දරාගන්න බැහැ.. මෙවැනි අකල් මරණ අනාගතේ ලෝකය බාරගන්න ඉන්න දරුවන්ට වෙන්නේ මොනවද මේ? දුකයි...
මාලිමාව නිහඬ ඇයි? ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හදන දෙයක්ද?
මේ තරම් හදවත් රෝගවලට හේතුවක් මේ කෘතීම කෑම, රසකාරක. දැන් තියෙන කොත්තුවක් කෑවොත් දවසම බඩ දනවා... ඇඟ පිච්චෙනවා වාගේ දනවා. තරුණ පිරිස් මේවාට ඇබ්බැහිවෙලා තියෙන්නේ.... නිවන් දක්නා තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. නිවන්සුව පතමු.
දැන් කාලේ දරුවන් අපේ කාලේ වගේ නොවෙයි... හරිම ක්‍රියාශිලි බවින් අඩුයි. කිසිම ව්‍යායාමයක යෙදෙන්නේ නැහැ.. නිකම්ම ගෙවලා දානවා. ව්‍යායාමය මිනිස් ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්... හෘදරෝග හැදෙනවා කියන එක අහන්ඩ දෙයක් නොවෙයි උදාසීන ජීවිත ගතකරන අයවලුන්ට...
දැන් කාලේ දරුවන් අපේ කාලේ වගේ නොවෙයි, හරිම ක්‍රියාශීලි බවින් අඩුයි. කිසිම ව්‍යායාමයක යෙදෙන්නේ නැහැ.. නිකම්ම ගෙවලා දානවා. ව්‍යායාමය මිනිස් ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්... හෘදරෝග හැදෙනවා කියන එක අහන්න දෙයක් නොවෙයි, උදාසීන ජීවිත ගතකරන අයවලුන්ට...
දැන් තරුණ පිරිසට මොන ක්‍රීඩාද? ෆෝන් එකට රවාගෙන නිකන්ම දවස ගෙවලා දානවා. මනසත් වියවුල්, ශරීරයත් පිරිහෙනවා. ඉතිං නහර පිපිරෙන්නේ නැතුව තියේද?