‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට ලබා දුන් රුපියල් ලකෂ 50ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 26 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී ගුණතිලක රණවක මහත්මිය අද (09) නියම කළාය.
ගොඩහේවා මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ අධ්‍යෂක ධම්මික පෙරේරා සහ එහි ක්‍රීඩා අධ්‍යෂක රොනී ඊබ්‍රාහිම් යන මහත්වරුන්ය.
2013 අගොස්තු මස 06 වැනිදාත් 18 වැනිදාත් අතර කාලයේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ අධ්‍යෂක මණ්ඩලයේ අනුමැතිය මත ‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානය වෙත නිදහස් කළ රුපියල් ලකෂ 50ක මුදලක් එම සංවිධානයට බාර නොදී සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස් ලිමිටඩ් ආයතනයට බැර කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපත්වරයා විසින් චෝදනා නඟා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලානෝ කියන තරම් දක්ෂ කෙනෙක් මෙහෙම වෙයිද? මේගොල්ලෝ හූරාගෙන කෑවේ අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරලා කොටස් වෙළඳ පොළේ ආයෝජනය කළ මුදල්. (නි)
සද්ද නැතුවම හොරු ඉන්නවා තවමත් විවිධ ආයතන, කාර්යාංශ ඇතුළෙම. ප්‍රසිද්ධියේ දේශපාලනය කරමින් ඉහළ තනතුර ලබමින් එකල වරප්‍රසාද ගත් අය. (නි)
බූරු ගැහුවත් එකයි. එතන බලා හිටියත් එකයිනේ. මෙහෙම හරි ඔය ජනතා මුදල් ගැන හොයන්නේ දැන්නේ. අපේ ආණ්ඩුව කාලේ කළ වංචා වහන්න දෙන්න එපා. (නි)
තව ඉන්නවා හොරවැඩ කළ සහ කිරීමට උල්පන්දම් දුන්. ටයි කෝට් ඇඳපු කට්ටිය රජයේ ආයතන ඇතුළෙම ඉන්නවා. ඇයි තාම නළවා නළවා ඉන්නෙ කියන එකයි මහජනතාවට තිබෙන ප්‍රශ්නය. (නි)
මෙතුමා හොරෙක් නෙවෙයි. හොඳින් තරුණ වයසේදීම අචාර්ය උපාධියකුත් ලබාගෙන ලංකාවට සම්පතක් වුණ කෙනෙක්. හොරු රැලක් මෙයාව කොටු කරගත්ත නිසා දැන් වන්දි ගෙවන්න වෙලා. (අ)