IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගොඩහේවාට එරෙහි නඩුව ජූලි 26 විභාගයට

‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට ලබා දුන් රුපියල් ලකෂ 50ක මුදලක් සාපරාධි  ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 26 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී ගුණතිලක රණවක මහත්මිය අද (09) නියම කළාය.

ගොඩහේවා මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ  විනිමය හා සුරැකුම්පත් කොමිසමේ අධ්‍යෂක ධම්මික පෙරේරා සහ එහි ක්‍රීඩා අධ්‍යෂක රොනී ඊබ්‍රාහිම් යන මහත්වරුන්ය.

2013 අගොස්තු මස 06 වැනිදාත් 18 වැනිදාත් අතර කාලයේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ අධ්‍යෂක මණ්ඩලයේ අනුමැතිය මත ‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානය වෙත නිදහස් කළ  රුපියල් ලකෂ 50ක මුදලක් එම සංවිධානයට බාර නොදී සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස්  ලිමිටඩ් ආයතනයට බැර කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපත්වරයා විසින් චෝදනා නඟා ඇත.



අදහස් (0)

ගොඩහේවාට එරෙහි නඩුව ජූලි 26 විභාගයට

රවී Wednesday, 09 March 2016 10:19 PM

මිලානෝ කියන තරම් දක්ෂ කෙනෙක් මෙහෙම වෙයිද? මේගොල්ලෝ හූරාගෙන කෑවේ අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරලා කොටස් වෙළඳ පොළේ ආයෝජනය කළ මුදල්. (නි)

:       0       0

අතුල Wednesday, 09 March 2016 11:42 PM

සද්ද නැතුවම හොරු ඉන්නවා තවමත් විවිධ ආයතන, කාර්යාංශ ඇතුළෙම. ප්‍රසිද්ධියේ දේශපාලනය කරමින් ඉහළ තනතුර ලබමින් එකල වරප්‍රසාද ගත් අය. (නි)

:       0       0

රෝහිණී Wednesday, 09 March 2016 01:14 PM

බූරු ගැහුවත් එකයි. එතන බලා හිටියත් එකයිනේ. මෙහෙම හරි ඔය ජනතා මුදල් ගැන හොයන්නේ දැන්නේ. අපේ ආණ්ඩුව කාලේ කළ වංචා වහන්න දෙන්න එපා. (නි)

:       0       0

ලිලන්ත Thursday, 10 March 2016 02:24 AM

තව ඉන්නවා හොරවැඩ කළ සහ කිරීමට උල්පන්දම් දුන්. ටයි කෝට් ඇඳපු කට්ටිය රජයේ ආයතන ඇතුළෙම ඉන්නවා. ඇයි තාම නළවා නළවා ඉන්නෙ කියන එකයි මහජනතාවට තිබෙන ප්‍රශ්නය. (නි)

:       0       0

මිලානෝ Wednesday, 09 March 2016 11:18 AM

මෙතුමා හොරෙක් නෙවෙයි. හොඳින් තරුණ වයසේදීම අචාර්ය උපාධියකුත් ලබාගෙන ලංකාවට සම්පතක් වුණ කෙනෙක්. හොරු රැලක් මෙයාව කොටු කරගත්ත නිසා දැන් වන්දි ගෙවන්න වෙලා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site