( ෂෙහාන් චාමික)
ගාල්ල වරාය අසල මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 14.5 ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනකුට එරෙහිව කොළඹ මහෙස්‌ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුව විභාග කිරීම කල් තැබීමට අද කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
අද දින එම නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබුණු අතර මෙහිදී පළමු විත්තිකරු වන ගෝඪාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිය විසින් නඩුව ආරම්භයේදී ගොනුකරන ලද මූලික විරෝධතාවය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයන් මේ වන විට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම නියෝග වලට අදාළ ප්‍රතිසංශෝධන අයදුම්පතක් මේ වන විට අභියාචනාධිකරණයේ ගොනුකර ඇති බැවින් සහ අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩු සම්බන්ධයෙන් මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් ශ්‍රේෂ්ඨ නීතිඥයන් සහභාගි වීමට නියමිත බැවින් මෙම නඩු විභාගය මාර්තු 26 දිනට කල් තබන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ටනෙට් පත්තර වලට කොමෙන්ට් ලියන හුඟක් අය 'අැවන්ට්ගාඩ් සමාගම' මොකක්ද? 'රක්න ලංකා සමාගම' මොකක්ද? නඩුව මොකක්ද? රජයට පාඩු වුණා කියලා පොලීසිය කියන්නේ කොහොමද කියලවත් දන්නෙ නැහැ. තමන්ගෙ දේශපාලන ගැතිකම අනුව (පක්ෂෙ අනුව) ගෝඨාභය වැරදිකාරයද? නිවැරදිකාරයද? කියලා තීරණය කෙරනවා. අද රටට වෙන විපත තේරුම් ගන්න අවශ්‍යනම් අැවන්ට්ගාඩ් සභාපති 2017 අගෝස්තු 28 දෙරණ ටීවී එකට දුන් ඉන්ටවිව් ඒක යූටියුබ් එකෙන් ගූගල් කර බලන්න.
ඔව් බන්ඩෝ මුදල් විශුද්ධිකරණයේ ලංකාවට අත්වෙලා තිබෙන ඉරණම ඉස්සෙල්ල ඔබම හොයලා බැලුවොත් හොඳයි නේද? රටට එහෙම වුනේ පාලකයෝ නිසාද ?නැතිනම් බණ්ඩලා මැනිකෙලා නිසාද කියා වැටහෙයි ..