(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ධුරයේ දිගටම රැඳී සිටීමෙන් රටේ අර්බුදය විසඳිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට ජනතාවගේ පිළිගැනීමක් නැති බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ කොපමණ බහුතරයක් සිටින්නේද යන වග තවමත් හරි හැටි අධ්‍යනයක් කර නොමැති බවත් මෙවැනි විශාල අර්බුදයක් ඇතිවුණ මොහොතක ජනතාවට අලුත් බලාපොරොත්තුවක් දිය යුතු බවත් ගොඩහේවා මහතා පැවසුවේය.
ආණ්ඩුව කරන දේ විශ්වාස නොකරන තුරු ජනතාවගෙන් ආණ්ඩුවට කිසිදු සහයක් නොලැබෙන බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි විශාල වෙනසක් රටේ සිදු විය යුතු බවද පෙන්වා දුන්නේය.
ඒ විශාල වෙනසේ දී ජනාධිපතිවරයා වැදගත් සාධකයක් බවත් ඒ සාධකය එතන තියෙන තුරු ඒ විශ්වාසය ගොඩනැගිය නොහැකි බවත් ඔහු කීවේය.
ජනාධිපතිවරයා තවදුරටත් ධූරයේ රැඳී සිටීමෙන් ජනතා විශ්වාසය ගොඩ නැගිය නොහැකි බව තමා විශ්වාස කරන්නේ යැයි නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් පැවසීය.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සකස් කළ කණ්ඩායමේ සාමාජිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලුමහත් ජනතාවම එකහඬින් එකහෙළාම කියන්නේ රටම වලපල්ලට ඇදලා දාපු, කිසිම විසඳුමක් දෙන්ඩ බැරි අසමත් ගෝඨාභයට යන්න කියලා. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි කියනවනේ..?
එහෙම නම් මුළු රටම ආරාබි රාජ්‍යකට බාරදෙන්න..! තෙල්වලින්ම රට නාවලා ගනී...!
මෙයාට මොනව හරි පෑගිලද හදිස්සියෙම? එහෙම නතිනම් මෙක තවත් එක කපුටු තිර නාටකයක් ද? මොකක් උනත් ඔහෙටත් අයෙ මිනිස්සු චන්දෙ දෙයි කියල හිතන්න නම් එපා ගොය්යො.. පොහොට්ටුවෙ කලෙ ඉවරයි. .
ගෝඨා ගිහින් ජෙප්පන් ආවත් අර්බුද විසඳෙන්නේ නැහැ වැඩිවෙනවා ෂුවර්... සජීට කොහොමත් බැහැ...
මේ යකා කියන කතාව ඇත්ත... මේ වැඩේ හරියන්න නම් එකම දෙයයි තියෙන්නේ. දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්, ජනාධිපති සහ අගමැති ගෙදර යනකම්ම කවුරුවත් වැඩකරන්නේ නැහැ. දවස් 3ක් මේක කළා නම්... මේ අයට යන්න වෙනවාමයි.. සෞඛ්‍යය විතරක් යන්තම් ශේප් එකේ අරන් යනවා. අනිත් ඔක්කොම ගෙදර...
ගෝඨාභය පමණක් නොව පොහොට්ටු කාරයින් සියලු දෙනාම ගෙදර යවන තුරු... හොරා ගනිපු මුදල් සියල්ල නැවත ලැබෙනතුරු රටේ ජනතාව සැහීමකට පත්වෙන්නේ නැහැ. ඔබලා හැප්පුණේ වැරැදි පරම්පරාව සමග බව අමතක කරන්න එපා...
මේ කියන්නේ ප්‍රාදේශීය ලේකම්..., ප්‍රාදේශීය මහලේකම්, එහා ලේකම්, අධ්‍යක්ෂ, අද්‍යක්ෂ ජනරාල්, ජනරාල්, ලේකම්, ස්ථිර ලේකම් කියලා ඉන්න අත්‍යාවශ්‍ය සේවකයින් වෙන්න ඇති...?
රනිල් උන්නොත් පුළුවන්ද?
දැන්වත් තේරුණු එක ගැන සතුටුයි. ඔබ වැනි අය පාර්ලිමේන්තු යැව්වේ අශ්වයා ගියපසු ඉස්තාලය වැසීමට නොවන බවද තේරුම් ගත යුතුයි.
ගෝඨාභය ජනාධිපති කරපු වරදක් නෙමෙයි, මේක එදා ඉඳලාම දෙපැත්තම හොරා කාලා අන්තිම මොහොතේ මෙයා අහුවුණා. ඒක තමයි වුණේ. ඔය කියන කවුරුවත් හොඳ අය නෙමෙයි, මේ ඔක්කොම හොරු... දැන් මෙයා ගියා කියලා මොකක්ද එයාලා කරන්නේ..? කිසිම දෙයක් නැහැ.. මීට වඩා දෙයක් වෙනවා රටට.. ඒක තමා වෙන්නේ..