ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දෙනවාට තමා විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා හිරු රූපවාරිනිය සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.
‘ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. පාර්ලිමේන්තුව අසල තිබුණු ස්මාරකයක් අපි එපා කියද්දි බලහත්කාරයෙන් ඉවත් කළා. වෙන තැනක් ඉල්ලුවට දුන්නෙත් නෑ. ඔහු බලයට එන්න සුදුසු නෑ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිවංක,කලින් අදහසක වට්ටක්කා කතාවක් කියලා තියෙනවා.අන්න අපි කියන කෙනා.දැන් වෙන නමකින් වාසුව පතුරුගහනවා.අම්මපා! මේ මිනිස්සු කටින්ද කතා කරන්නේ හැබෑට.....? (නි)
වාසු කාටවත් බැනලා නැහැ. (නි)
ගෝඨාභයට මා කොහොමත් විරුද්ධයි. ඔහු බලය අයුතු ලෙස භාවිත කළා. වාසු සහෝදරයත් විමල් මල්ලි වගේමයි. හිටපු ගමන් අවදි වෙලා මොනා හරි වාචාල කතාවක් ඇදල ගන්නවා. බැසිල්, ගෝඨා එක්කම නේද වාසුත් පහුගිය සමයේ එකට හිටියේ ? "ඔහු (ගෝඨාභය ) බලය අයුතු ලෙස භාවිත" කල බව කියන වාසු, ඒ ගැන කලින් දැනගෙන හිටියේ නැති එකයි ලෝක පුදුමේ ! (නදී)
රේණුක,නිර්භීත නිසා වෙන්න ඇති කාලයක් රටින් පැනලා වෙන රටක හිටියේ (නි)
මෙයා නම් දැන් හොඳටම කල් ඉකුත්වෙලා. කියන්නේ නොකියන්නේ මොනාද කියලා දන්නේ නැහැ. බැසිලුයි, ගෝටයි නාම යෝජනා ඉල්ලගෙන මෙයා ගාවට යයිද ? (නදී)
මේ වාසුදේව නානායක්කාර. (නදී)
ගෝඨාභය කියන්නේ රටක සිටිය යුතු නිර්භීත නායකයෙක් වාසු වගේ පතොලයෙක් නොව. (ම)
මෙයත් කයිවාරු ගැහුවාට පිං මන්ත්‍රී කෙනෙක් නේද?(නදී)
මෙයා කියන දේ හරි නේද..වෙලුනු වට්ටක්ක ගෙඩියක් උනත් හරි කතාවක් කියල තියනවා..(නදී)
ගෝඨාභය මහතාගේ වැරදි දැන් කියන්නේ ජනවාරි 08ට කලින් කියන්න තිබ්බනේ. එල්ලෙන්න වැල් නැතිව මහින්ද මහත්තයාට කඩේ යන්නේ හෘද සාක්ෂියට එකඟවද? (නදී)
වට්ටක්කා කතාව අප අනුමත නොකරමු. එනමුදු ගෝඨාභය වැනි දැයේ විරුවන් මේ රටට ඇවැසි බව වාසු සහෝදරයා අවබෝධ කරගත යුතුයි. (නදී)
පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තමා කළකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට තරම් මානසිකත්වයක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත (ම)
එතකොට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා ඉස්කෝලේ ළමයා ඉස්සරහ කුණුහරුප කිය කියා තුට්ටු දෙකේ චන්ඩිකම් පෙන්නපු මිනිස්සු පාර්ලිමේන්තුවේ තියාගන්න වටිනවාද? (නදී)
ගෝඨාභය රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබා දෙනවාට ජනතාවගේ කිසිදු අකැමැත්තක් නැහැ. මන්ද ඔහු අප රට බේරා ගත් විරුවෙක් නිසාා. නමුත් අනෙක් අයටත් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ නිදහස් පක්ෂය යලි ඡන්දයට එන එකට සියලු දෙනාම විරුද්දයි මන්ද රටට කිසිදු වැඩක් නොකරන ජාතික දනය කොල්ල කන අමනයන් එතුලින් පාර්ලිමේන්තුවට යලිත් රිංගා ගන්නා නිසා (නදී)
බැසිල් කෙසේ වෙතත් ගෝටාභය මහත්තයා දේශපාලනයේ සිටිය යුතුයි. එතුමා දීපු වැඩ කොටස හරියට කරපු නායකයෙක්. දේශපාලනයේ නැත්තේ එවැනි අයයි (නදී)
අනුෂා, එ්ක ඇත්ත හරියටම කළා වැඩ කොටස. ටිකක් වැඩියෙනුත් කරපු එක තමා වැරැද්ද.(නදී)
ගෝඨා එනවට රනිල් ඇතුළු කවුරුත් බයයි. වාසුට නම් බයවෙන්න දෙයක් නැහැ. මේ කතාව ඔහු කියන්නේ එදා වට්ටක්කා කතාවෙන් පස්සේ නේද? දැන් රනිල් එක්ක ෂේප්ද දන්නේ නැහැ. (නි)
බලය අයුතු ලෙස පාවිච්චි කල එකක් දෙකක් කීවානම් බලන්න ජනතාව නොදන්නා ඔබ දන්නා ? (නදී)
වෙන රටක නම් මෙලහකට ජම්පරේ ගස්සලා (නදී)
වාසු කියන්නේ මොන දේශපාලකයෙක්ද? මිනිහා නිකම් විහිළු කාරයෙක් විතරයි. ඕව ගණන් ගන්න එපා. අම්ම තාත්ත එක්කත් පොඩි කාලේ ඉඳල කුණුහරුප කියාගෙන ඉන්න ඇති (නදී);
බලය තිබුණු කාලේ මේ වගේ චෝදනාවක් කළා නම් සුදු වැන් එකේ රවුමක් ගිහින් එන්න තිබුනා. සමහර විට නොඑන්න තිබුනා නේද ? (නදී)
එක එක්කෙනාගේ කැමැත්තෙන් වැඩක් නැහැනේ. තමන් කැමති නම් තරඟ කළා. එච්චරයි (නි)
චින්තක,ගෝඨාභය එනවට ඇයි රනිල් බය...? පැහැදිලි කිරීමක් කරන්න.එසේ නොකරන්නේ නම් ඔවැනි කතා නොකියා ඉන්න. (නි)
ඉතින් අපිට මොනවද කරන්න කියන්නේ? (නි)
රටට සේවයක් කල ගෝඨාභයට නාම යෝජනා දෙනවාට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ එහෙත් මහජන මුදල් කොල්ලකාපු සහ උත්තරීතර පාර්ලිමේන්තුවේ කුණුහරප කියන ආසනයට සත පහක වැඩක් නොකරපු වේලිච්ච වට්ටක්කා වලට නාමයෝජනා දෙනවාට අපි එකෙන්ම විරුද්ධයි (නදී)
වාසු කියන අයට වගේම වාසුට චිට් මන්ත්‍රීකම දෙන අයටත් අපි විරුද්ධයි (නදී)
වාසුට කිසි ගාණක් උත්තරීතර තැන කෙලෙසනවා මේවාගේ මන්ත්‍රිවරු විශ්‍රාම ගැන්විය යුතුයි (ම)
යහපාල මෙතෙන්දී කාට බනියිද දන්නැහැ . (වාසුටද,ගෝටාභයටද) මොකද රනිල්,වාසු ප්‍රශ්නයේදී පිවිතුරු,වාසුව නග්ගලා තිබ්බ හන්දයි එහෙම කිව්වේ.(ම)
දැන් ගෙදර යන්න කාලය හරි කියලයි මම නම් හිතන්නේ. (නි)
ජනිත්,නියමයි. යහපාලට මේවා පෙනෙන්නේ නැහැ (නි)