ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේ දී මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලදී ගැනීමේ දී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් හා ලංකා හොස්පිටල් ආයතනයේ කොටස් අලෙවි කිරීමේ දී සිදුවීයැයි කියන වංචාවක් සම්බන්ධයෙන් කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අද (20) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂගෙන් පැය හයක් පුරා ප්‍රශ්න කළේය.
මාධ්‍ය මගහරිමින් ඔහු රැගත් වාහනය කෙලින්ම කාර්යාලය ඇතුලටම ධාවනය කළ අතර ආපසු ගියේ ද ඒ ආකාරයටය. ගාලු පාරේ විශේෂ ආරක්ෂක විදිවිධාන යොදා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලි, ඒ දේශපාලකයන් පස්සෙන් යන අයත් ඉන්නවා. ඒකයි එහෙම කියන්නේ. (නි)
ප්‍රශ්න කළා කියලා බයවෙන්න දෙයක්වත් කලබල වෙන්න දෙයක්වත් නැහැ වරදක් කරලා නැත්නම්. පැය 6 ක් අහන්න දේ ඇති. මදි නම් තව දවසකත් එන්න කියාවි. අපි කලබල වෙන්න දෙයක් නැහැ. මේ වගේ ගනුදෙනු දැනගැනීම අපි කාගේත් අයිතියක් (නි)
රිතික් රෝහිත්,සුමුදුහේවා,යනු පිවිතුරුගේ සහ බන්දුල පෙරේරාගේ අවතාරයක් යැයි මට සිතේ. (නි)
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් නම් මේ යන ගමන ගුණ නැති බව දන්නවා. මෙවැනි දේ කරන්න කරන්න මහජනයා සතුටුවෙනවා වෙනුවට කළකිරෙනවා. ඒ රටට කෙරෙන කිසිම සුගතියක් මින් නැති බැවිනි. (නි)
මෙහෙම දේවල් කිරීමෙන් සිදුවන ප්‍රධානම යහපත නම් ජනතාව සත්‍ය අවබෝධ කරගැනීමය. වරදක් නොකළත් කළැයි යැයි ගැසූ හංවඩුව ගැළවීගොස් අදාළ පුද්ගලයින් ජනතාවගේ ප්‍රසාදයට පාත්‍රවෙමින් ඔවුන්ගේ දේශපාලන අනාගතය වඩා ශක්තිමත්විම සිදුවේ. ඒවගේම වේදිකාවල බෙරිහන් දෙමින් සොරා යැයි කියූ අයගේ කතා නොපිළිගැනීමෙන් ඔවුන් දේශපාලන භූමියෙන් මැකීයයි. (නි)
මොකද දැන් මාධ්‍ය මඟහරින්නේ? ඉස්සර නම් පැන පැන අයියලා මල්ලිලා ඉස්සරහට ආවේ... (නි)
සුමුදු ගේ නම එහෙම උනාට හිතන ආකාරය හා ලියන දේවල් කිසිම හරයක් නැහැ. පරාජිතයෝ වෙනුවෙන් කඩේ යාම වීර කමක් කියල හිතන මෝඩයොත් අපේ රටේ තවම ඉන්නවනේ. අනේ අපොයි!(නදී)
නමුත් කිව යුත්තේ අපේ මෝඩ මිනිසුන්ට කවදා හරි මේ වැඩ වලට වන්දි ගෙවන්න වෙයි. (අ)
දිලිප් වික්‍රමරත්න මුල්‍ය අපරාද අංශය තීන්දු දෙන්නේ නෑ. එයාල පරීක්ෂණ කරලා උසාවියට ඉදිරිපත් කරනවා. පොදු දේපල වංචා කලානම් පොදු දේපල නිතිය යටතේ දඩුවම් කරන්නේ නැතිව මොන නිතියද අදාල කරගන්නේ. (නදී)
ජනතා මාරුතය නොහමන්න මේ වගේ දැවැන්ත ගස් මුලින් උදුරා වැටෙන්නේ නැහැ. මාධ්‍යය මග හරියට හෘද සාක්ෂිය මග හරින්න ලැබෙන්නේ නැහැ.(කේ)
පොදු ජන යහපත වෙනුවෙන් මෙබඳු ආයතනයක් ස්ථාපිත කිරීම ඉතාම වැදගත්. නීතියට බයවන්නේ අපරාධකාරයෝ. අනිත් එක මේ ආයතනය නීතිය අබිමුවට ගේන්නේ බරපතල මූල්‍ය අපරාධකාරයොයි. අධිකරණය තමයි අවසන් තීන්දු ගන්නේ. ඇයි මේ නීතිය ක්‍රියාත්මක වෙන එකට සේරටම කලින් කීපදෙනෙක් බයවෙලා තියෙන්නේ. ඒ අයම දන්නවා තමන් බරපතළ මූල්‍ය අපරාධ කළ බව. මේ අපරාධකරුවන් පුළුල් නීතිමය රාමුවක් තුළ අනාවරණය කිරීම හා අධිකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් සිද්ධ විය යුතුයි. එහෙම නොවුණොත් ඕනෑම අවස්ථාවක දේශපාලනඥයන් හා නිලධාරීන් හතරවරං කෙලින්න බයවෙන්නේ නෑ (බ)
හැමෝම නීතියට යටත් කරන්න ඕනේ, නැත්නම් මේ දේශපාලකයන්ව හදන්න බැහැ.(හේ)
පැය හයක් මොනාද ප්‍රශ්න කරන්න තියෙන්නේ.(හේ)
අනේ දැන් ඇති හොඳටම (නි)
ෆොන්සේකා මහතා හිර භාරයට ගත්තේ ඇයි කියලා ලස්සනට සුමුදු ලියල තිබෙනවා. දැන් කියන්න එපා ඕක අදාළ වෙන්නේ ඔයාගේ ලොක්කන්ට විතරයි කියල සුමුදු (නදී)
යුද්දය නමැති මහා දූෂණය නිම කිරීමට හිස දීමේ ප්‍රතිපලයක්ද? (ම)
ප්‍රශ්න පත්තරය කාගෙන්ද ලැබුණේ? (නි)
ප්‍රසන්න, තව ටිකක් සාමාන්‍ය නීතිය ඉගෙන ගන්න. පොලිසිය තීන්දු නොදුන්නාට උසාවියට බලය තියෙන්නේ පොලිසිය ඉදිරිපත් කරන චෝදනා විභාග කරන්න විතරයි. ඔබ දන්නා පොලිසියේ පළපුරුදු කෙනෙකුට ඇහුවොත් කියාවි, කොහොමද ඇප ගන්න හෝ නොගන්න විදියට එකම චෝදනාව උසාවියට දාන්නේ කියලා. කොහොමද සිවිල් චෝදනා අපරාධ චෝදනා කරන්නේ කියලා.හොරුන්ට දඩුවම් කළයුතුයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ.ඒත් මේ වෙන්නේ තවත් දේශපාලන නාටකයක් බව ලංකාවේ දේශපලනය හොඳින් ඇසුරුකළ කෙනෙකුට වැටහෙනවා. මතක තියාගන්න,සත්‍ය පෙනෙන ඇසෙන දේට වඩා බොහෝ වෙනස් බව. (නි)
ශ්‍රී ලංකාවේ ඒකාධිපති වියරුවෙන් කටයුතු කළ මොවුන්ගෙන් අඩුම තරමින් ප්‍රශ්න කරන්නවත් හැකිවෙතියි හීනයකින්වත් නොසිතු අපට, මරණය පෙනී පෙනී ආණ්ඩුවෙන් එලියට ඇව්ත් රට බේරාගන්නට ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමෙනි ඔබ අප ශ්‍රිලාංකික ජාතියේ සැබෑ වීරවරයෙකි. (බ)
රට හොඳ මගට ගෙන ඒමට සහය දුන් සැමට ප්‍රණාමය. නීතිය සැමට පොදුවිය යුතුයි. (ර)
ඉසුරු , ඔබ හරියට හරි (නි)
මෙහෙම ගියොත් අපේ රටට මොනවා වෙයිද? (නි)
විවිධ චෝදනා හේතු හැටියට දක්වලා හිරභාරයට ගත්තත් ප්‍රශ්න කළත් මේ හිරිහැර සියල්ලටම සැබෑම හේතුව කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දායකවීම කියලයි මම නම් හිතන්නේ (නි)
සත්‍යා, ඔයා ඩොලර් බලාගෙන පිටරට ඔත්තුසේවා වලට සුපර් මාර්කට් යන ගමන් රටට ආදරේ කරන ඇත්ත කතාකරන සුමුදුහේවා මහත්තයා වගේ අයට ගරහන එක දීනකමක්. (නි)
අපි බලයට පත්වුණාම මේ පොලිසිය වහනවා කියන දුෂ්ට දේශපාලකයොත් ඉන්න රටක් මේක.(නදී)
මෙතන අදහස් දාන අය උත්සහ කරනවා මුල්‍ය අපරාද අංශය හරිම ස්වාදීන ඒකකයක් හැටියට මවා පාන්න. ඉතා ලංවෙලා ඔබට බැලුවොත් පෙනේවී දැනට රිමාන්ඩ් ගත කරපු අයට එල්ල කරලා තිබෙන චෝදනා මොනතරම් හාස්‍යජනකද කියලා. නමුත් ඔවුන් ඉතා සුක්ෂමව සිවිල් අපරාද , පොදු දේපල නිතිය යටතේ ගොනු කරලා තියෙනවා ඇප ලබා ගත නොහැකි විදියට. මතක තිය ගන්න මහ ඡන්දෙ ඉවර උනත් එක්කම මේ සියලු දේ යට යනවා. මොකද ඔය නඩු පවත්වා ගෙන යන්න බැරි නිසා. ඔය වෙනසක් බලාපොරොත්තුවෙන් මේ රජය බලයට ගෙන ආපු මිනිසුන්ට ගොඨාභය වැනි තමන්ගේ ජාතිය වෙනුවෙන්, තම පෞද්ගලික අනාගතය බිල්ලට දීපු මිනිසුන්ගේ අගය ඉතා ඉකමනින් අවබෝද කර ගනීවි. එතකොට අපි හැරවිය නොහැකි තරමට බොහෝ ප්‍රමාද වී තිබේවි. (නදී)
මොනවද අප්පේ ඔච්චර තිබෙන ප්‍රශ්න? (නි)