(නිමන්ති රණසිංහ)
ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.
ඒ අනුව ඔවුනට එරෙහි නඩුව ලබන පෙබරවාරි 26 විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
විත්තිකරුවන්ට තමන් නිවැරදිද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ලේඛන බාරදීමට ද නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවන්ගාර්ඩ් ගනදෙනු වලදී ඩොලර් මිලියන දහස් ගණන් අතුරුදහන් විය. ටයි පළඳින ලේකම්ගේ ඇමරිකාවේ ගෙදරක් මිලට වඩා තුන්ගුණයක් ගෙවා මිලදී ගත්තේ අවන්ගාර්ඩ් ලොක්කද? ඒ ඇයි? අවන්ගාර්ඩ් සමාගමේ ඩොලර් මිලියන පන්සීය ගණනක් ත්‍යාග වශයෙන් ලබාදී තිබෙන්නේ කාටද? ඔබටද? මටද? මේ ගණන් හිලව් අනුව ලංකාවේ ලොකුම හොරා කවුද? අවන්ගාර්ඩ් ගනදෙනු පිලිබඳ මනා විග්රහයක යෙදෙන ඉතාලියේ දර්ශන හඳුන්ගොඩ මාධ්‍යවේදියාගේ බ්ලොග් සටහන් යුටියුබයෙන් බලන්න. මේ ගණන් හිලව් වල ප්‍රමාණය ඇසෙනවිට ඔබ අප ඉස්කෝලේ ගිහින් ඉගෙනගත්ත ගණිතය නම් මදි බව දැනෙයි.
ගෝඨා ඔය නඩුව කල්යනවා 2020 මර්තුවලට. අගමැතිතුමාට කතා කරන්න.
ගෝඨාගේ නඩුවේ විරෝධතා ගාණනම් හොඳටම පෙනිලා හැබැයි මහබැංකු මංකොල්ලයේ සාක්ෂිත් එක්කම හොරු එළිවෙන හැටි අහන්නවත් ලැබිලා නෑ වගේ.. යන්න යන්න හොඳටම කඩේ යන්න.!!!
රටට වින කරන පින්ගුත්තරයින්ට නොතේරුනාට රටට ආදරය කරන මිනිසුන් දන්නවා ගෝඨාභයගෙන් මේ රටට වුන සේවය. ඉතාලියේ හෝ ඕනෑම ගුබ්බෑයමක සිට මුදලට ඕනෑම බොරුවක් ඇද බාන අයට මෙය නොතේරේ.
ඇමෙරිකාවේ පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරුකානු ගැතියෙකි. දෙයියන්ගේ පිහිටෙන් ඇමෙරිකාවට වෙලා ඉන්න. අපිට පව් නොදී. මේ රටේ ඉපදුණු අපි දෙන දෙයක් කාල වෙන දෙයක් වුණාදෙන් කියලා මේ රටේම මැරෙනකම් ජීවත් වෙමු. හෙම්බිරිස්සාවටත් බේත් ගන්න යන්නේ මේ ඇමෙරිකාවට. නියම ඩබල් ගේම් කියන්නේ ඕවට තමයි.
ගෝඨාභය මහත්තයා මේවා මතක තියා ගන්න. දැන් කොකාගේ වාරය. තිත්තයටත් වාරයක් එනවා අනේ...