2006 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා හතරක් මිලට ගැනීමේ දී සිදුවී යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ හැරී ජයවර්ධන මහතාට අයත් කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතා බදාදා (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න පසුගිය 11 වැනි දා ඔහු කැඳවා තිබිණි. එදින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබූ නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීමට නොහැකි බව ඔහු දැනුම් දුන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා නිවැරදියි කියලයි මට නම් හිතෙන්නේ (නි)
මොහු ගැන දිගටම නොනවත්වා විමර්ශන කල යුතුය . (ම)
එතුමාගේ නිවැරිදිබව ඔප්පු කරන්න පුළුවන් අයෙක් ඇත්නම් අල්ලස් කොමිසමට ගොස් එය කරන්න.පැත්තකට වෙලා උඩුබුරන්නේ නැතිව. (නි)
ඩයස්පෝරාවට ආතල් දෙන්නද? (බ)
හොරකම් කළානම් දඬුවම් දෙන්නම ඕන (බ)
කොටි හිතවාදීන්ගේ උපදෙස් මත ගෝඨාට ගහන්න ගහන්න කලකට පසු රටට වැඩක් කළ ඔහුගේ අගය තව තවත් ජනතාවට දැනෙනු ඇත... ඒ.ජා.ප. ය හැමදාමත් අනා ගත්තේ මෙවැනි වැඩ වලිනි. යුද්ධය අවස්ථාවේ හමුදාවන් හැල්ලු කර, ජයග්‍රහණය හැල්ලු කරමින් දිගටම සිටි ඔවුන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.. සිරිසේන පෙන්වා ජනපති ඡන්දය දිනා ඔහු රූකඩයක් කොට පාලන බලය අතට ගත්තත්, තවමත් යන්නේ පරණ පාරේමය. ඉදිරි මහා මැතිවරණයේ ජනතාව තීන්දුව දෙන ඇත..(බ)
කල්හාරි,ඇයි එක වාක්‍යයෙන් අවසන් කළේ " මු හිටියොත් යුද ජයග්‍රහණයේ ගෞරවයෙන් කොටසකුත්, නගර සංවර්ධනයේ ගෞරවයෙන් කොටසකුත් නමට ලියවෙනවා. එපමණක් නොවෙයි මු තමයි අපේ දෙමල රාජ්‍යයේ සිහිනයට වින කෙටුවේ. එනිසා කෙසේ හෝ මුව එල්ල මැරීය යුතුයි" දැන් සම්පූර්ණයි නේද?. (බ)
සුමුදු ඔයාගේ මොනවද ගෝඨාභය මහත්තය හොරකම් කරලා තියෙන්නේ? (බ)
මේක මාර වැඩක්නේ.සුමුදු හේවා, ඔහේට පිස්සුද...? සුමුදුලා මේ ලෝකේ තව ඉන්න බැරිද?ඔහේ විතරද සුමුදු කියලා මුළු ලෝකෙටම ඉන්නේ? ඒ නිසා, අනුන්ගේ නම් නිසා, බයිලා නොකියා ඉන්නවද? අපේ අම්මා තාත්තා මට දාපු නම, ඔහේ වගේ නිවටයෙකුගේ බහට වෙනස් නොකරන බවත් හිතාගන්න. (නි)
ඇයි තෝමසෝ, මහජන මුදල් රජයේ මුදල් කියන්නේ අපේ ඒවා නෙවෙයි නම් ඔහේගේ ඒවාද ? නීලකාස හොරු ඔක්කොම. නඩු අහල වැරදිකාරයො වුනොත් හොරකම් කරපුව ඔක්කොම අපහු ගන්න ඕනේ. (බ)
අපොයි නැහැ. මොන හොරකම්ද අයියලා මල්ලිලා හොරකම් කරලා නැහැ (බ)
ටෙනිසන්, ඔබ මා කියන්නට සිතු දෙයම කීව. දැන් ඉතින් ඊලාම් වාදීන්ට සහ ඔවුනට අනුබල දෙන අපේම කියා ගන්නවුන්ටත් සතුටු ඇති. (බ)
නීතියේ හමුවේ තහවුරු වෙනතෙක් කිසිම කෙනෙක් වැරදිකරයෙකු ලෙස හංවඩු නොගහන්න.ඒක අපරාධයක්.(බ)
ගෝඨා කියන්නේ අපට ඕන මිනිහෙක් , බුදු හාමුදුරුවෝ කිව වගේ මැරුණු කෙනෙක් නැති ගෙදරකින් අබ ගෙන්න කියල , මේ ලෝකේ මොකුත් වැරදි නැති අය නෑ , මම ජපානේ දවස ගානේ දේසශපාලන කතා , පොතක් ලියන්න දේවල් තයෙනවා , ගෝඨා රටට ඕන ඔලුවක් (බ)
කව්රු මොනවා කිව්වත් යුද්දේ ඉවර කලේ හොඳ නායකත්වයක් තිබ්බ නිසා කියල ඔක්කොම දන්නවා. කොන්දක් තියන නායකත්වයක් ඉක්මනටම රටට අවශ්‍යයි. (බ)
අපේ රටේ අයට ඉක්මණින්ම අමතකවෙනවනේ! (නි)
දැන් පුද්ගලික සමාගම් වල දේවලුත් පොදු දේපල වෙලාද? අනේ මන්ද.. (බ)
හොරකමට දඬුවම් දිය යුතුයි. හරි, එවුන්ට දෙන්න යන්නේ කම්බහොරු ටිකනේ. එ්කයි මට කණගාටුව. තමන්ගේ නොන්න්ජල් කම වහගන්න මෙහෙම පලි ගන්න එක වැරදි නේද මහත්වරුනේ ......(බ)
ඇයි මෙයා මුල්‍ය අපරාධ අංශයට බය...? අවංක පිරිසිදු මිනිස්සු ඔය කාටවත් බය නැහැ. ඒ වැදගත් මිනිස්සු.මෙයා ඒ කාලයේ හිටියේ රටේ පාලකයා වගේ. අපි බලාගෙන ඉමු මෙයා කොච්චර වැරදි කරලා තියෙනවාද කියලා පරීක්ෂණ අවසානයේදී. (බ)
කල්හානි ඔයා ඔය කියල තියෙන දේ හරියට ඔයා ඔයාගෙ තාත්තාගේම ද කියා අහනවා වගේ වැඩක්. කොතරම් හොද කළත් කිසිවක් හොයන්නේ බලන්නේ නැතුව නැතුව අදහස් පළකරන්න එපා. (බ)
මෙතරම් රටට සේවය කල කෙනෙකුට අගෞරව නොකරන්න කල ගුණ දන්නා ජනතාව ඔබතුමා සමගයි. (ර)
මේ යුග පුරුෂයා අරාපක්ෂ නොව ගෝඨාභය රාජපක්ෂ මහතාය මෙතුමා විජයග්‍රහණයේ සැලසුම්කරුයි මහජනතාවට අභය දානය ලබාදුන් දෑහිතකාමියාය.යුද්ධය ව්‍යාපාරයක් කර ගත්තේ නැත.ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන් නිසා ලැබෙන උපහාර මේවාද ?මේ ජඩපාලනය මේ යුගපුරුෂයින් දඩයම් කරනවා.කොටින්ට නැවතත් ඔක්සිජන් දෙනවා.දැන්වත් ඔය කුහක වෛරී පාලනය නවතා මේ යුග පුරුෂයින්ට කල ගුණ සලකනු.ගෝඨාභය මහතාණෙනි ඔබට ජයවේවා. (බ)
යුද්ධය නිම කිරීමේ දිට්ඨ දම්ම වේදනීය කර්ම විපාක. (බ)
ඩයස්පෝරාව කියන විදිහටම කරන්න හොඳේ (හේ)
වරදක් කර තිබෙනම් නිසැකව දඩුවම් ලැබෙයි.
ගෝඨාභය මහතා අපේ රටට ලොකු සේවයක් කළ බව මම පිළිගන්නවා - නමුත් සේවයක් කිරීම මහජන මුදල් සම්බන්ධව වැරැද්දක් කළා නම් දඩුවම නොදී සිටීමට හේතුවක් නොවේ - මොකද නීතිය කියන්නේ අර කර්මය වගේ ඩෙබිට් ක්‍රෙඩිට් සිස්ටම් එකක් නොවේ - හැබැයි ඒ මහතාගෙන් පළිගන්න මේ දේවල් කරනවා නම් හෙළා දැකිය යුතුයි.(හේ)
සිංහලයන්ට වරදින්නේ මේ අසමගිය නිසා.. (හේ)
ජාතික වීරයෝ නැති කරන කුමන්ත්‍රනය කොටස් කාරයෝ වෙන්න එපා (ම)
තමන්ගේ අතේ වැරැද්දක් නැත්නම් ඇයි බය වෙන්නේ.(හේ)
ඉදිරියට කුමක් වෙයිද?(හේ)
ජාතික වීරයෝ කියන්නේ ජාතියක් වෙනුවෙන් සියල්ල කැපකර ජාතියේ ජයග්‍රහණ වලට දායක වෙන මිනිස්සු මිසක්, කිසිවක් නැතුව පැමිණ සියල්ල තමන් නතුකරගන්න පුද්ගලයන් නොවේ. (ර)
ඔබට කිසිදා වරදින්නේ නැහැ (නි)
තෝමස් මහතාණෙනි, දිනු මව්බිමට ණය නැති ගෝඨාභය මහතාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බව රටට ආදරය කරන සුවහසක් ජනතාවගේ සේම මගේද අදහසයි. මගේ නමින් පළකර ඇති 2015-05-19 08:30:02 අදහස මගේ නොවන බවත් එය මගේ නමින් ව්‍යාජ අදහස් පළකරන ද්‍රෝහී නිවටයකුගේ වැඩක් බවත් කරුණාවෙන් සළකන්න. (නි)
මේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරාගැනීම මේ රටේ ජාතිකත්වයක් ඇති හැමගේම අවශ්‍යතාවය විය. එය ඉටුකිරීමට ඉදිරිපත් වූ විරුවන්ට මෙලෙස එළව එළවා පහරදීමෙන්ද අපගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය දරන දියවඩන නිළමේ හෑල්ලුවට ලක්කරනු පිණිස ගෙන්වා ප්‍රශ්න කිරීමෙන්ද මේ ලෙස හෑල්ලුවට ලක්කෙරෙන්නේ ජාතිකත්වයක් ඇති ජනතාව මිස අන් කිසිවෙක් නොවේ. (නි)
සමීර, ගෝඨාභය මහත්තයා කළ එකම වරද ඔයගොල්ලෝ වගේ ගුණමකුවෝ ඉන්න රටක් ත්‍රස්තවාදයෙන්බේරාගන්න තමන්ගේ ජීවිතය පරදුවට තැබීම වෙන්න ඇති නේද? (නි)