IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගෝඨා පුටින්ට කතා කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය.

නැවත දැනුම්දෙ නතුරු අත්හිටුවූ එරෝෆ්ලොට් ගුවන් සේවයේ  ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදී ඉල්ලීමක් ද කර ඇත.

දුරකථන සාකච්ඡාවේදී අතීතයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝග ජයගැනීමට රුසියාව ලබා දුන් සහාය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ස්තුති කළ බව පැවසෙයි.

වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්ධන සැපයුම් මිලදී ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගෙන් ණය පහසුකමක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දෙරට අතර මිතුදම ශක්‌තිමත් කර ගැනීම සඳහා සංචාරක,වෙළඳ සහ සංස්කෘතික අංශවල ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එකඟතාවය පළකර ඇත.

 



අදහස් (14)

ගෝඨා පුටින්ට කතා කරයි

siri Wednesday, 06 July 2022 04:37 PM

ඇයි අර ලියුම අරගෙන ගිය කණ්ඩායමට පාර වැරදිලා රුසියාවේ අතරමං වෙලාද?

:       14       44

amal Wednesday, 06 July 2022 04:53 PM

ඒ කාලෙ ඇමෙරිකන් ජාතිකයන්ගේ සපත්තු ලෙවකාපු අය අද රුසියාවේ බිම ලෙවකනවා. කරුමයක මහත...!

:       54       41

චන්දන Wednesday, 06 July 2022 06:19 PM

හැම වැඩක් ම කරන්නේ ප්‍රමාද වෙලා. මේ සාකච්ඡා කරන්න තිබුණේ අවුරුද්ද කට කලින් .

:       0       0

විපරමා Wednesday, 06 July 2022 06:45 PM

කොහෙන්ද දන්නේ නැහැ.කතාකරන්ඩ ඇත්තේ? හීනයක් දැකලා වෙන්ඩැ.

:       0       0

Mo77 Wednesday, 06 July 2022 06:58 PM

මේකෙ ඔක්කොම තියෙන අපේ ගොඩ කියපු කතා විතරනේ. එතකොට putin කතා කරලම නැද්ද? උඩින් කියපු වචනයක්වත් මේකෙ නැහැ නේ.

:       0       0

චන්දිම Wednesday, 06 July 2022 06:59 PM

හපෝ මේ ගෝටා මහත්තයා කොයි දේ කළත් කරන්න පටන් ගන්නේ කල් පැනලා වැඩේ සවුත්තුම උනාට පස්සේ. මේක විතරක් නෙමෙයි දැන් බලන්න අර ගුවන් යානයෙ ප්‍රශ්නෙදි ඔහේ දවස් ගතවෙන්න ඇරලා ඒ සමාගමට විශාල හානියක් වෙන්න ඇරලා තමයි විසඳුවේ. ක්ෂණිකව ක්‍රියාත්මක වුනා නම් ඒ රට අපිට තව සලකනවා. ඔන්න බලන්න රුසියාවත් කියාවි නය අරගෙන ආර්ථිකය ගොඩ ගන්න සැලැස්ම ඉදිරිපත් කරන්න කියාල උදවු කරන්න නම්. නැතුව නය අරන් කාලා බිලා කොමිස් ගහලා ඉවර කරන්න කවුරුත් නය දෙන එකක් නැහැ.

:       0       0

ranjith Wednesday, 06 July 2022 07:01 PM

ඔකෝම බින්දුවට වැටෙනකම් ඉදල තමා ඔක්කොම කරන්න පටන් ගන්නෙ

:       0       0

Asela Wednesday, 06 July 2022 09:45 PM

අපෙ.........අප්පේ ඇති යාංතන් ප්‍රශ්න ටික විසදුනා. මෙහෙම ඉක්මනින්ම මේ රට ගොඩයයි කියලා උඹලා නිකමටවත් හිතුවද. දැක්කා නේද එයා ඒක විසදුව හැටි. එක ගෙදරකට tap 2ක් හයි කරනවා. එකක් ප්‍රෙට්ට්‍රල් අනික ගෑස්.

:       0       0

pakeer Wednesday, 06 July 2022 10:06 PM

ගෝඨා පුටින් සමග කටින්ද කතාකළේ..? 

:       0       0

සෝමරතන විප්ලවය Thursday, 07 July 2022 02:07 AM

ඕව ඉතින් අදහස් උදහස් වලින් වැඩක් නෑ හිඟාකන කොට කාගෙන් ලැබුණත් ඒකයි...

:       0       0

Surain Thursday, 07 July 2022 09:20 AM

සරනා ගතයෙක් වගේ එන්න පුලුවන්ද කියල විමසුවෙ නැද්ද ! ඔය යුද්දෙ කරපු හැටි කිව්වෙ නැද්ද මොකද රුසියාව යුද්ද කරන්න ගිහිල්ල මෙවෙලවෙ ඇන ගෙන ඉන්න නිසා

:       0       0

Perera Thursday, 07 July 2022 09:27 AM

පුටින්ට ලංකාව ගැන බලන්න දැන් සිහියක් නෑ. මිනිහාට යුක්රේන යුද්ධය දිනන්න තමයි දැන් සිහියේ තියෙන්නේ...!

:       0       0

Senarath Thursday, 07 July 2022 09:33 AM

මොකද මෙච්චර පරක්කු වුණේ... බැණුම් අහන්න හරි මුලින්ම කතාකරන්න තිබුණනේ. රුසියාව අපිට කොච්චර උදව් කළ රටක්ද? කියමනක් තියෙනවනේ ‘‘රත්තරන් මුද්දක් දාපු අතකින් ටොක්කක් කෑවට කමක් නෑ...‘‘ කියලා.

:       0       0

kamal Thursday, 07 July 2022 12:58 PM

මම තමයි හොඳටම කළේ... යුක්රේනේ නැති කළා. ඔයා මොනවද කරලා තියෙන්නේ..? මං තනිඅතින් පෝර නැතිකළා, ගෑස් නැති කළා, ඉන්ධන නැතිකළා, බෙහෙත් නැතිකළා, අධ්‍යාපනේ නැතිකළා, නීතිය නැති කළා, පාර්ලිමේන්තුවේ ගෞරවේ නැතිකළා, අයියාගේ රස්සාව නැති කළා, මල්ලිගේ රස්සාව නැති කළා, මල්ලිව රටින් පැන්නුවා, දෙමව්පියන්ගේ සොහොන් විනාශ කෙරෙව්වා... හොඳයි එහෙනම් වෙලා තියෙන වෙලාවක ආපහු කතා කරන්න මම ඉතුරු ටික කියන්නම්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site