(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ගෝඨා ගෝ හෝම්" කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ඡන්දයක් ආවාට පසුව ගෝ හෝම් කියන්නැයි කී රාජ්‍ය අමාත්‍යවරිය සිරිමාවෝ මැතිනිය ගෙදර පළයං කියනකොට ගියාද?ප්‍රේමදාස මැතිතුමා හෝ ජයවර්ධන මැතිතුමා ගෙදර පලයං කියනකොට ගියාදැයි ප්‍රශ්න කළේය.
තරුණ දරුවන් මානසික වියවුලෙන් ගැලවෙන්නට ගෝල්පේස් පිටියට පැමිණීම ගැන කණගාටු වෙන නමුත් මේවායේ ඇතුළත තිබෙන සමහර දේවල් දිහා බලද්දී මේ දරුවන් විකුණාගෙන කන විදියේ කල්ලියක් තිබෙන බව පෙනෙන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනකම් තමයි හිටියේ.
ඔය අය කියන විදියට රටේ මිනිස්සු වැඩකරපු කාලේ ඉවරයි.
තමුන් ඔය ටික ගෝල්ෆේස් පිට්ටනියට ගිහින් කිව්වා නම් තමයි වැඩිය හොඳ. රාජ්‍ය ඇමැතිකමක් ලැබුණු ගමන් උඩ ගිය තරම්. මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ..?
ඔව්, ඔව් කියන්න ගෝඨා කම් මයි හෝම් කියලා... කුජීතයි..!
ආ.. මේ කවුද? මෙයා නේද කිව්වේ ‘‘ මේ වියත් මග නෙවේ... කියත් මග කියලා...‘‘ ‘‘ගීතා ගෝ හෝම්..‘‘
අයියෝ, උද්ඝෝෂණය කරන කට්ටිය... ඒත් බැලුවා ඇයි ඔබතුමිය පරක්කු වුණේ කියලා... ඔයා කියනවා නම් අපි කියන්නේ නැහැ හොඳේ..! දැන් සතුටුයිද?
රාජ්‍ය ඇමැතිකමක් ලැබුණා විතරයි, හැරුණා නේද අංශක 90 විතරම..
කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න... මෙයා මේ වැලේ වැල් නැතිව ඉඳලා, පිනට පට්ටමක් හම්බවෙලා, මෙලෝ අවබෝධයක් නැතිව කතා කරනවා. ඕවා තව ටික දවසයි. ඔබලා රටට කොඩිවින...!
ගෝල්ෆේස් එන්නකෝ... එතකොට කියලා දෙයි.!
දන්න සුද්ද සිංහල ඔක්කොම ඔලුවට එනවා...
මැස්සෙක් ගිය උඩ...!
මේ වගේ අයට ඡන්දේ දුන්නු එවුන්ට ඉස්සෙල්ලා ගහන්න ඕනේ....!
තමුනුත් කිව්වා වගේ බා බා බ්ලැක්ෂිප් තමයි කියන්න තියෙන්නේ...!.
පිළිතුර සරලයි. ඡන්දෙන් පත් වුණු දවසේ ඉඳන් මගේ ජනතාවට සේවය කරන්න මේ රජයෙන් ඉඩක් දෙන්නෑ කියල ගීතා නෝනා අඬ අඬා හිටියේ ... ඔන්න දැන් හරියටම පැහැදිලියි තමන්ගෙ දරු පවුලත් අත්හැරියේ මොකටද කියන එක...
ඕන් දැන් මෙයාට ඇමතිකමක් හම්බවුණු නිසා නතර කරපල්ලා ඕක...!
ගරු ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා මා කියන්නේ නැහැ. ජනාධිපතිවරයා මිනිසුන්ට ගරු කරන්න ඕනෑ.
තරුණ දරුවන්ට මානසික වියවුලෙන් ගැලවෙන්න ඕනෑ නම් ගෝල්පේස් නොයා ඉන්න...
දැන් සැපද? ඇමති කම් ගත්තට පස්සේ දැන් එනවා. මිනිස්සු පත්කළ මේ කුරිරු දේශපාලකයින් තව නලවන්නද කියන්නේ?
අනේ..! ගෙදරට වෙලා වැඩක් බලාගෙන ඉන්න..
එයාගේ කාලෙ එනකල් හිටියොත් අපිට යන්න වෙන්නේ ගෙදර නෙමෙයි පරලොව...!
ගෙදර ගෙනිහින් තියාගන්න...
ජනතා පීඩාව මොකක් වුණත් කමක් නෑ. තමන්ට මස්කට්ටක් ලැබුණොත් ඇති මේ වගේ මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තු එවපු එක තමයි වරද...!
ඇයි ඇමැති කට්ටක් ලැබුණු නිසාද..?
දැන් ඇමැති පට්ටම නිසා.. බැන බැන හිටියා.. අනේ මෙහෙම නරි රැළක්... ඔයාට මේවා තේරෙන්නේ නැහැ.
අනේ යන්න... කියනකන් හිටියේ.. ඇමැති පට්ටමක් ලැබුණා ඔක්කොම වෙනස් වෙනවා. ඔයාලාට ඕනෑ වුණාට හොරු රකින්න රටේ මිනිස්සුන්ට ඕනෑ නැහැ.
මේ වගේ කෙනෙක්ට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවන්න බූරුවන් ගොඩක් හිටියනේ... මෙයාට නම් තෙල්, ගෑස්, කිරි ටික දෙන්න පාර්ලිමේන්තුවේ ගොඩක් කට්ටිය ඉන්න බව අපි දන්නවා...!
ඇමැතිකම වැඩ කරනවා වගේ... මෙච්චර දවස් කළකිරිලා නේද උන්නේ...? මෙයාලටත් ඡන්දෙ දෙන හරක් ඉන්නවනේ...!
සිංහ හම පොරවා ගත්තට හඬනගන විට තමයි තේරෙන්නේ නරියා කියලා. අනේ සෝමක්කේ මේ කාලේ ගෙදර ගිහින් නිදිය ගත්තා නම් මීටවඩා සැප නැද්ද..?
මෙච්චර රට විනාශ කරලා මිනිස්සු හිඟමනට පත්කරපු අයට go home කියන්නේ නැතුව මොනවා කියන්නද? වෙන රටකනම් ගෝ හෝම්... නෙමෙයි අල්ලලා හිරේ දාලා... ඇමැති කට්ටක් ලැබිලා උඩගිය තරම...!
මට ඇමති කමක් හම්බ වුණා.. ගෝටා ගෝ හෝම් කියන්න එපා දැන්...
ඔයාට විලිලැජ්ජාවක් නෑ කියලා අපි දන්නවා. ඒ නිසා නැවත නැවතත් ඒක අපිට කියන්න ඕනෑ නෑ. ඔයා කරුණාකරලා ඔයාට කරන්ඩ බැරි, කිසිම දැනුමක් නැති මේ ඇමැතිකමෙන් අයින් වෙන්න. ඔයාට ජීවත් වෙන්න විදිහක් නැත්තන් මිනිස්සුන්ගෙන් කන්න ටිකක් ඉල්ලගන්න. හැබැයි තවදුරටත් ඔයා මේ විලිලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරන්න ආවොත් ඔයාටත් වෙන්නේ මේ අය එක්කම හිරේ ලගින්න.
ඇමතිකමක් ලැබුණා විතරයි වෙනස් වෙච්චි තරමක්...!
"ගෝඨා ගෝ හෝම්" නරකම නෑ, ඉක්මනට ගියා නම් හොඳයි, මොකද මිනිස්සු තවත් අගාධයට වැටෙනවා කවුරු හිටියත්. ඉතින් නොගියොත් ඒ වැරැද්දත් ගෝඨාට... එතකොට "ගෝඨා ගෝ හෝම්" පෙරලේවි...
ඇමැතිකම ලැබුණාම කට ඇරිලා විකාර කියවනවා.
සාටකයෝ එපා. බොරුකාරයෝ, මිනිමරුවෝ, තවත් එපා. රැවටෙන්නේ නැහැ රටේ බුද්ධිමත් අය...