ආණ්ඩුව මුහුණ දී තිබෙන ගැටලු සහ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රාත්‍රියේ පැවැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපත් නිල නිවසේ පැවැති එම විශේෂ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාද, කබීර් හෂිම්, මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක යන ඇමැතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක්ද සහභාගි වූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඉරිදා ලංකාදීප අනුග්රහයෙනි (011)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ගෙ ප්‍රශ්න විසඳාගත්තට අපේ ප්‍රශ්න විසඳෙනවද? කෝ ඡන්දෙට කලින් දුන්න පොරොන්දු? හොරු අල්ලන්නවා, බඩු මිල අඩු කරනවා වැනි දේවල්. හොඳම වැඩේ ඔය පක්ෂ දෙක වෙන්වෙලා එකක පාලක පක්ෂය හැටියටත් අනෙක ප්‍රභල විපක්ෂයක් ලෙසත් ක්‍රියා කරන එක. එතකොට එක පක්ෂෙක හරි ඉන්න හොරු අල්ලාවිනේ. දැන් දෙපැත්තේම හොරු ඉන්නේ හරි සතුටින් (නි)
තව කල් තියන නිසා ඕවට අතගහන්න ඕනෑ නැහැ. ඔය යන විදිහට කරගෙන ගියාම ඇතිනේ. (නි)
ඡන්දයක් එනකම් ඉන්නේ මිනිස්සු ප්රශ්නය විසඳන්න...(ම)
ඔය සාකච්ඡා හරියට එළහරකයි මී හරකයි බැදපු කරත්තය වගේ.(ම)
මෙයාල හදන්නේ සමාදානෙන් බෙදාගෙන දිගටම කන්න. ප්‍රතිශතය තීරණය කරගෙන දිගටම කාගෙන කාගෙන යන්න. නැතුව මේ සාකච්ඡා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන හැටි ගැන නෙමෙයි. උනුත් එකයි, මුනුත් එකයි, එහෙම කියපු උනුත් එකයි. (නි)