‘මයිලෝ’ අනුග‍්‍රහයන් ශී‍්‍ර පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියෙන් මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල ඉවත් කර තිබේ.
පාසල් රග්බි පිටියේ මේ වන විට උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වයන් නිසා පිළිම`ඵන් පිටු දැකීමේ තරගාවලිය දිනයකින් කල්දැමීමට ද පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. එම තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතව තිබුණද එය හෙට (02) ආරම්භ වේ.
කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල අතර පසුගිය 27 වැනිදා බෝගම්බර පිටියේදී පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම කණ්ඩායම් දෙකටම තාවකාලික තරග තහනමක් පනවා ඇති බව පාසල් රග්බි සංගමයේ නිලධාරියෙක් පැවසීය.
ජනාධිපති කුසලාන තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටි ඞී. එස්. සේනානායක විදුහල එම තරගාවලියට සහභාගි නොවීම නිසා එම අවස්ථාව ප‍්‍රසාද ලකුණු සටහනේ නවවැනි ස්ථානයට පත්වූ ඉසිපතන විදුහලට දීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
කිංග්ස්වුඞ් විදුහල සහ ශාන්ත අන්තෝනි විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ හයවැනි සහ හත්වැනි ස්ථානවලට පත්වන බැවින් එම තරගාවලියේ නීති රීතිවලට අනුව ඉසිපතන විදුහලට පෙර එම කණ්ඩායම් දෙකෙන් එකකට ජනාධිපති කුසලාන තරගාවලියට ඇතුළත්වීමේ අවස්ථාව තිබුණි.
ආරක්‍ෂක හේතූන් මත මෙම තරගාවලියේ සියලූම තරග කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පැවැත්වේ.
අවසන් පූර්ව තරග මේ මස 8 සහ 9 දෙදින පැවැත්වෙන අතර අවසන් මහ තරග මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ජනාධිපති, අගමැති සහ සභාපති කුසලාන සදහා පැවැත්වේ. දිනයේ පළමු තරගය පෙරවරු 8.30 ට ද, දෙවැනි තරගය පස්වරු 2.00 ට ද, තෙවැනි තරගය පස්වරු 4.15 ට ද, පැවැත්වීමට නියමිතය.
තරග කාලසටහන
● ජූලි 02 - ඉසිපතන විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර
● ජූලි 03 - වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල විදුහල අතර
● ජූලි 04 - ධර්මරාජ විදුහල සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල අතර
● ජූලි 05 - ශාන්ත පීතර විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිවරු ගහගන්නවා තමා. ඒත් රටේ අනාගතයත් එහෙම වෙන්න ඕනෑද ? හොද දඩුවම (දී)
ඉසිපතනයට ජය..!! (දී)
මේ තරගය වෙස්ලි අත උඩින් ගහනවා (දී)
රාජන්ස් කොල්ලෝ යෝධයෝ... යකඩ කුරු වුනත් දෙකට කඩයි ,දැක්කා නේද වැඩ ෆයිනල් වලදී? (නි)
ධරමරාජ දිනනවා ෂුවර් එකටම. අපේ කොල්ලෝ නවත්වන්න කාටවත් බැහැ. (නි)
මාතර රාහුල උඩින්ම දිනනවා.. (දී)
විද්‍යා විදුහල මේ හැම අබියෝගයක් ජය ගන්නවා .විද්‍යා විදුහලට ජය වේවා! (දී)
ධර්ම රාජය අනිවාර්යෙන්ම මෙවර ජනාදිපති කුසලානය දිනනවා. රාජන්ස්ලට ජයවේවා!(නදී)
ශාන්ත අන්තෝනි එකට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීලා (නි)
ගැටුම සම්බන්ධ තීරණය දෙන්නේ නැතුව කොහොමද මෙවැනි තීරණයක් ගත්තේ? (දී)
මෙවන් තීරණ වලින් ක්‍රීඩාවට හානියක් සිදුවේ (දී)
ඉසිපතනයේ වැඩ ඉදිරියේදී බලා ගන්න පුළුවන් .ඉසිපතනයට ජය !(අ)
ඉසිපතනයට ජය නියතයි. (නි)
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (අ)
රාජකීය විද්‍යාලයට සුබ අනාගතයක්. ඔබ විසින් දායාද කළ රගර් ක්‍රීඩාංගනය අද කොතරම් වටීද (අ)
ඉසිපතනයට ජය..!!මෙන්න වැඩ පෙන්නන්න නියම වෙලාව... (නි)
අනිවාර්‍යයෙන් ධර්මරාජය දිනනවා. කවුරු මොනවා කිව්වත් දිනන්නේ රාජන්ස්ලා තමා. ධර්මරාජය දිනේවා !!!!! (නි)
ඕක සුළු දෙයක් පතනට. ජය වේවා ! (දී)
පතන ඔය පෙන්නුවෙ ලස්සනට වැඩ. මේකෙත් පෙන්නයි කියලා තමා බය. (දී)
ඉසිපතන කොහොමද 9 වෙනි ස්ථානයට පත් වුනේ? (දී)
මැති ඇමතිගොල්ලෝ මිනිමරලා අර යස අගේට ඉන්නේ. කොල්ලෝ ටිකක් ගහගත්තට මොකද වෙන්නේ? මේවට තමා කොලුකම කියන්නේ. (දී)
විද්‍යා විදුහල හොද අබියෝගයක්. සුබ පැතුම් විද්‍යා විදුහල ට (දී)