රුපියල් 12500 ක් දක්වා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ 500 දෙනෙක් මැදවච්චිය දුම්රිය ස්ථානය අසල අද (03) උද්ඝෝෂණයක් ඇරඹුහ.
ඔවුහු දුම්රිය දෙකක් නවත්වා උද්ඝෝෂණය කරති.
රුපියල් 12500 ක් දක්වා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ 500 දෙනෙක් මැදවච්චිය දුම්රිය ස්ථානය අසල අද (03) උද්ඝෝෂණයක් ඇරඹුහ.
ඔවුහු දුම්රිය දෙකක් නවත්වා උද්ඝෝෂණය කරති.
COMMENTS
මහජන නියෝජිතයෝ ජනතාවට කන්දෙන්න නම් වර්ජනය කරන්න ඕනෑ කියලා සමාජයේ මතයක් තියෙනවා. (නි)
මෙතන අදහස් දක්වලා තියෙන අයගෙන් වැඩි දෙනෙක්ම දැකලා තියෙන්නේ එක පැත්තක් විතරයි. මට කියන්න මෙහි අදහස් දක්වලා තියන අයගෙන් මාසයකට රු. 12500/=කට වඩා අඩු පඩි ගන්න අය එක්කෙනෙක් වත් ඉන්නවද. මේ අහිංසක මිනිස්සුත් ජීවත් වෙන්න ඕන නේද. රු.12500/=කින් පුලුවන්ද මාසයක් ජීවත් වෙන්න. ඇමතිවරු රජ සැප විදිනවා නේද. කෝටි 8 වාහන ඉල්ලපු අයත් ඉන්නවා නේද. විපක්ෂේ අය තව ආවොත් තවත් ඇමතිකම් දෙනවා නේද. මේ අහිංසක මිනිස්සු ඉල්ලන්නේ ඇමතිකම් නෙවෙයි. මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට සොච්චමක් වැඩි කරලා දෙන්න බැරිද. (බ)
හසන්ත ගේ කතාව හරි. දේශපාලුවෝ තම පවුල් වෙනුවෙන් කෝටී ගණන් මහජන මුදල් වියදම් කරනවා. මේ මිනිස්සුන් ජීවත් වෙන්න පුළුවන් පඩියක් ඉල්ලන්නේ. මහජන මුදල් තියෙන්නේ දේශපාලුවන්ට සැප විඳින්න නොවේ, ජනතාව වෙනුවෙන් වියදම් කරන්න. (අ)
වැඩිකළ මුදල මේ මහත්වරුන්ටත් දෙන්න ඕනේ නේද ? (ර)
යටකරන් යන්න තිබ්බේ (බ)
මෙහෙම රටක් දිනුවෙද? ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉදලම ස්ට්‍රයික් කරන මගුලක් කරපල්ලා මගී ජනතාව අමාරුවේ නොදමා (බ)
මට හිතෙන විදිහට මෙම ඉල්ලීම සාධාරණයි (බ)
මේ ගේට්‍ටු කරුවන්ට ගෙවන්නේ දීමනාවක්, මොකද හොයලා බැලුවොත් මේ වැඩේ කරන්නේ තමන්ගේ අනික් වැඩ කර ගන්න ගමන්. යම් දවසක ස්වයංක්‍රීය ගේට්‍ටු හඳුන්වා දෙන වෙලාවකත් මේ වැඩේ කරනවා සිකුරුයි. (බ)
මේ මිනිස්සුන්ට වෙන රස්සාවක් කරලා (කුලිවැඩක් හරි) දවසකට රුපියල් 1000 කට වඩා හොයන්න පුළුවන්.මේවට එන්නේ නිකම් ඉදන් සල්ලි ගන්න.දුම්රිය හරියට හදනවනම් මාර්ග තදබදය අඩුකරන්න පුළුවන්. මිනිස්සුන්ට ඉක්මනට ගමන් කරන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනය වහාම පුද්ගලික කොම්පැනියකට දෙන්න (බ)
නිමල් සිරිපාල ඇමති තුමනි ,මොවුන් ප්‍රාදේශීය සභාවලට අනුයුක්ත කරන්න.මෙම හරස් පාරවල් අයිති දුම්රිය දෙපාර්තමේන්තුවට නොවේ. (අ)
අහිංසක දරු දෙන්නෙක් ඇතුළු 5 ක් දැනට බිලි වෙලා දුම්රියට. මෙහෙමත් පව්කාර මිනිස්සු. (බ)
තමන් රැකියාව කරන තැනට පාඩු කරලා වැඩි පඩි ඉල්ලනවා. හනේ මෙහෙමත් ලෝකයක්. (බ)
දුම්රිය මාර්ගයේ ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් කියල පුවරු හයි කරලා තියෙනවා. අැයි මේ අයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ...(බ)
වර්ජන කළේ නැතිනම් අද ඉල්ලීම් දිනාගන්න බෑ කියල සමාජෙය් මතයක් තිබෙනවා.දරු පවුල් බඩගින්නේ තියන්න අපි කවුරුත් කැමති නෑනේ.(බ)
අපේ රටේ මිනිස්සු හරිම කුහකයි. කව්රු හරි වැඩි පඩි ඉල්ලලා කෑ ගැහුවොත් ඉස්සෙල්ලම බනින්නේ පාලකයෝ නෙමේ අහක ඉන්න මිනිස්සු.මේ මිනිස්සුන්ගේ රස්සාව වටිනවාද? මෙච්චර වැටුපක් සුදුසු ද? ඔක්කොම තීරණය කරන්නේ බලන් ඉන්න අය.මෙහෙම කුහක මිනිස්සු අතරේ දුෂිත පාලකයන්ට වැජඹෙන්න ලේසියි.(අ)
හැමදාම ගමනක් යන්න ගියාම කෝච්චි ප්‍රමාද කිරීම , මහාමාර්ග අවහිර කිරීම , වැනි දේවල් වලට , අනිත් අයගේ අයිතිය වෙනුවෙන් මහජනයාට පීඩාවක් සිදු වීම සලකා, සංවිධායකයන්ට නඩු පවරන්න ඕනේ , පොලිස් පති තුමනි මේ ගැනත් සලකා බලන්න (අ)
මේ මිනිස්සු බැරිම තැනනේ මේ වගේ ක්‍රියා මාර්ග ගන්නේ. ඉල්ලන්නේ දවසකට රුපිඅල් 416. මේ ඉල්ලන වැටුපෙන් ජීවත් වෙන්ඩ පුලුවන්ද? දැන් වැටුප මේකටත් අඩුනේ. මේ වගේ රටක්. (බ)
මේ අහිංසක මිනිසුන්ට හරියට පඩියක් නොගෙවා ඇමතිවරු කෝටි ගණන් වියදම් කරනවා වාහන වලට. මේක සාධාරණ ඉල්ලීමක් දෙන්න ඕන ඒ මිනිස්සුත් දරු පවුල් කාරයෝ (බ)
ඒ මිනිස්සුන්ටත් ජිවත් වෙන්න සරිලන වැටුපක් දුන්න නම් ඉවරනේ..ඉල්ලීම සාධාරණයි..බදු වලින් ගන්න සල්ලි වලින් ලොක්කන්ට වාහන..(බ)
පව් අහිංසක මිනිස්සු මේ ගොල්ලොත් ජීවත් වෙන්නනේ. බඩුමිල ඉහළ යනකොට දුප්පත් මිනිසුන්ට තමයි පහර වදින්නේ (බ)