ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන 11 වැනි ‘ගජබා සුපර් ක්‍රොස් ’මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ මස 26 වැනිදා පෙරවරු 9.00 ට අනුරාධපුරයේ සාලියපුර යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ හිටපු සභාපති හෑන්ස් රැල්ෆ් සහ ගජබා රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරී මේජර් ජනරාල් ජී. ඒ. ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් 1999 වසරේදී ආරම්භ කර තිබේ.
මෙම තරගාවලිය රටේ පැවැති යුදමය තත්ත්වය නිසා 2007 වසරින් පසුව සංවිධානය කිරීමට නොහැකි වු අතර 2010 වසරේදී තරගාවලිය යළිත් ආරම්භ කෙරිණ.
යුද්ධයේදී දිවිපිදූ ගජබා රෙජිමේන්තුවේ සෙබළුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ, ආබාධිත සෙබළුන්ගේ සුබ සාධන අරමුදලට ආධාර පිණිස හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නගා සිටුවීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කරයි.
පසුගිය වසරේ තරගාවලියේ ආදායමෙන් ලක්‍ෂ 30 ක පමණ වියදමකින් රණවිරුවකුට නිවසක් සාදා දීමට හැකියාව ලැබුණ බවත්, එවැනි නිවාස 17 ක් පමණ යුද්ධයේදී ආබාධිත රණවිරුවන්ට ඉකුත් වසරවලදී ලබාදීමට හැකි වු බවත් මේජර් ජනරල් සුමේධ පෙරේරා මහතා පවසයි.
මෝටර් රථ ඉසව් 11 ක් හා යතුරු පැදි ධාවන ඉසව් 10 කින් සමන්විත මෙවර තරගාවලියට දේශීය මෙන්ම විදේශීය ධාවකයන් ඇතුළුව ධාවකයෝ 200 කට ආසන්න පිරිසක් සහභාගිවනු ඇතැයි සංවිධායක කමිටුව අපේ්ක්‍ෂා කරයි. 10 න් පහළ, 13 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩ තුනකින් යතුරු පැදි ධාවන ඉසව් හතරක් ද එහිදී පැවැත්වේ.
යතුරු පැදි ධාවකයන් ඉල්ලීම් රැුසක් ඉදිරිපත් කරමින් තරග වර්ජනයකට සුදානම්වීම සම්බන්‍ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වු බව ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පවසයි.
යතුරු පැදි ධාවන තරග වෙනුවෙන් වයස් කාණ්ඩ යටතේද තරග පවත්වමින් ක‍්‍රීඩාව සංවර්ධනයට කටයුතු රැසක් කර ඇති බවත්, යතුරුපැදි ධාවකයන් ඉල්ලන සියල්ල ලබාදීමට සිය සංගමයට හැකියාවක් නැති බවත් ගම්මන්පිල මහතා පැවසීය. මේ වන විට තරගවලදී ජයග‍්‍රාහී යතුරු පැදි ධාවකයන් සඳහා මුදල්් ත්‍යාග ලබාදීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ පස්වැනි තරගාවලිය ලෙස මෙය පැවැත්වේ.
ගජබා රෙජිමේන්තු අධිපති හා ආරක්‍ෂකසේනා ආඥාපති (වන්නි) මේජර් ජනරල් සුමේධ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙම තරගාවලිය සංවිධානය කෙරේ. තරගාවලියේ අනුග‍්‍රහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගජබා සුපර් ක්‍රොස් මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය 26 දා සාලියපුරදී
වරුණ Thursday, 16 August 2012 10:50 AM
ඔය සල්ලි වලින් අම්පාරේ රෝහලට ජෙනරේටරයක් අරන් දුන්නා නම් ඒකත් 'සුපර් ක්‍රොස්' එකක් තමයි. (නි)