(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නීති විරෝධිව ගංජා හා දුම් වැටි තොගයක් රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් 10 දෙනෙක් හැටන් පොලීසියේ, කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (23) පස්වරුවේ දියගල ප්‍රදේශයේදී සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් 09 දෙනෙකුගේ සන්තකයේ තිබී ගංජා මිලී ග්‍රෑම්ස් 11000 ක් හා එක් පුද්ගලයෙකු ළඟ තිබී දුම් වැටි අඩංගු දවටන 02 ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
හැටන් පොලිසියේ “කෝරා” නැමති නිල සුනඛයා විසින් සැකකරුවන් සන්තකයේ තිබියදී නීති විරෝධී ගංජා හා සිගරට් තොගය සොයාගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බවත් වැටලිම මෙහෙය වූ හැටන් පොලීසියේ කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් අරන් යන්න. ගස් වල පිපෙන මල්.