(ඩයනා උදයංගනී)
පවතින වර්ෂාපතන තත්ත්වය අනුව නිල්වලා, ගිං සහ කළු යන ගංගා ආශ‍්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් නිල්වලා ගඟේ පිටබැද්දර, පානදුගම සහ සපුගොඩ ජල මිනුම් ස්ථාන මෙන්ම ගිං ගඟේ ජල මිනුම් ස්ථානය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජලවිද්‍යා) ඉංජිනේරු පී. හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එබැවින් ඒ ආශ‍්‍රිත පදිංචිකරුවන් විමසිල්ලෙන් පසුවිය යුතු බව ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd