IMG-LOGO

ගූගල් එක හරහා ටයි ගැටේ ගහලා

2016-08-05-ent-01මිනිස්සුන්ට අකරතැබ්බයක් එන්නෙ කිය කියා නෙවෙයිනෙ. හීනෙන්වත් හිතන්නෙ නැති වෙලාවට පාත්වෙන අවුල් තමයි දරාගන්න බැරි.

අපේ ප්‍රවීණ කලා ශිල්පියෙකුටත් ඊයෙ පෙරේදා දවසක ඔය වගේ අකරතැබ්බයක් වෙලා.

එයයි නෝනයි මඟුල්ගේකට යන්න ලෑස්ති වෙනවලු. වෙනදට ඇඳගන්න පරක්කු වෙන්නෙ නෝනා. ඒත් එදා නෝනා ලෑස්තියි මහත්තයා තාම තටමනවලු.

"මොකක්ද අනේ වෙලා තියෙන්නෙ. කොයිවෙලේ ඉඳන්ද ඔයා ලෑස්ති වෙන්නෙ? අපි එහෙම පරක්කු වුණා නම් මෙලහකට....", බිරිය කිව්වලු.

"අනේ පොඩ්ඩක් කෑ නොගහ ඉන්නවද, මට පොඩි අවුලක් වෙලා..."

"ඇයි මොකක්ද අවුල..."

"අවුරුදු ගාණක් තිස්සෙ ගහන ටයි ගැටේ මේ පුංචි වෙලාවට ක්ෂණිකව අමතක වුණානෙ. මෙච්චරවෙලා ඒකනෙ ට්‍රයි කරන්නෙ..."

"අයියෝ කාට හරි කෝල් කරලා අහගන්නකො. අල්ලපු ගෙදර මල්ලිට එන්න කියන්නද?"

"පිස්සුද ළමයෝ ලැජ්ජාවෙ පණ යයි..."

"එහෙනම් මොනවද කරන්නෙ. ඔයා ගූගල් එකේ SEARCH කරලා හරි ඕක බලාගෙන දාගන්නකො."

ඔහු ඇත්තටම ගූගල් එක ඔස්සේ බලාගෙන තමයි ටයි ගැටේ අන්තිමට ගහගෙන තියෙන්නෙ.

 

DESHAYA

 



අදහස් (0)

ගූගල් එක හරහා ටයි ගැටේ ගහලා

බමුණු ආරච්චි Sunday, 07 August 2016 10:27 PM

ටයි ගැටය කොහොම වෙතත් අපේම ඇඳුමක්වත් හරියට ඇඳගන්න බැරි අය ඉන්නේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 06 August 2016 04:39 AM

සුද්දගේ ටයි ගැටය ගහන්න බැරිකම ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ටයි ගැටය ගහන්න අපි හුඟ දෙනෙකුට බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site