හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනීද මැල් මහතාගේ බිරිය වන මල්ලිකාද මැල් මැතිනියගේ පියා වූ ලියෝ ෆනෑන්ඩු පවුලේ සමාගමකින් පාලනය වන ගීකියන කන්ද වත්තේ තිබී වසර 300ක් පමණ පැරණි, රුපියල් පනස් දෙලක්ෂයක්, වටිනා බිත්ති ඔරලෝසුවක් හා අඩි හය හමාරක් උසැති ආධාරකයක සවි කළ චිමිනිය සහිත පහනක් තොබුවන පරණ යකට බඩු කඩ දෙකකින් සොයාගත් බව පොලීසිය කියයි.
ගීකියන කන්ද බංගලාවේ දොරක් කඩා බංගලාවට ඇතුළු වී කොටසක් රනින්ද නිමවූ ඔරලෝසුව සොරා ගත් පුද්ගලයා එහ තෙබුවන පරණ යකඩ එකතුකරන්නකුට රුපියල් අට සහසකට විකුණා ඇත.
පහන ද තවත් පරණ යකඩ බඩු කඩයක තිබී සොයා ගෙන ඇත.
පරණ යකඩ බඩු මුදලාලි කෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය තවත් කිහිප දෙනකු සොයයි.
රොනිද මැල් මහතා අයවැය කිහිපයක්ම සකස් කළේ තෙබුවන ගීකියනකන්ද වත්තේදීය.
ගීකියනකන්ද වත්තේ මුල් අයිතිකරු ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් එල්ෆින්ස්ටන් මහතායි.
මෙම ඔරලෝසුව බ්‍රිතාන්‍ය රජ පවුලෙන් හිටපු ඇමැති වරයාට තෑගි කරන්නට ඇතැයි ද දැනගන්නට ඇත.
1962දී ඔරලෝසුව රුපියල් හැට දෙලක්ෂයකට තක්සේරු කර ඇතැයි ද දැනගන්නට ඇත.
වතු බංගලාවේ විසිත්ත කාමරයේ මේසය උඩ ඔරලෝසුව තබා තිබිණි.
සොරකම් කරනතුරුම ඔරලෝසුව වෙලාපව පෙන්වූ බව ද දැනගන්නට ඇත.
මෙම භාණ්ඩ දෙක කොට්ඨාස අපරාධ අංශයෙන් අද තෙබුවන පොලීසියට බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නෙමෙයි මහත්තයෝ, උපතින් ධනවතුන් දේශපාලනේ කරන්නේ තව ටිකක් දියුණු වෙන්න. (නි)
එතුමා මහත්මා දේශපාලඥයෙක්! ආදර්ශවත් චරිතයක්. (නි)
රෝනිද මැල් නියම මහත්මා ගති ඇති මහත්මයෙක්. එතුමට අහපාස කරන්න එපා. (නි)
දේශපාලනය තුළ හොද අය මෙන්ම නරක අයත් ඉන්නවා. (නි)
ගොඩක් අය උපතින් සල්ලිකාරයෝ වුණේ ඒ කාලේ තිබුණු වැඩවසම් ක්‍රමයේ බල කණු වුණ නිසා... (නි)
මිනිසුනේ, මේ දේශපාලන ක්‍රමේට විරුද්ධ වෙයවූ! අපට විප්ලව කරන්න ඕනෑ නැහැ. ඡන්දෙ කටු ගාලා දාමු. (නි)
කොච්චර වැරදි කරලා වුණත් දේශපාලකයයෙක් මිය ගියහම ගුණ වයන්න හාමුදුරුවෝ යන්නේ ඇයි? කියන්න බලන්න දන්න කෙනෙක්. (නි)
අපි නොදන්නා රොනී...(නු)
හැමෝම කියන විදියට අද දේශපාලකයෝ කොන්ද පන තියෙන තින්දුවක් ගන්නවා නම් ගන්නේ දේශපාලන වාසියකුත් ඒ තීන්දුව පිටිපස්සේ තියනවද බලලා. මෙතුමා ගැන නම් කියන්න මම දන්නෙ නැහැ. මම කිවුවේ පොදුවේ සිදුවන දේ. (නි)
මෝඩ මිනිසුනේ, දේශපාලකයා හොද වුණත් නරක වුණත් කළයුත්තේ සෝම හාමුදුරුවෝ කිවුවා වගේ ඡන්දෙ කටුගෑමයි. හැමෝම එහෙම කළොත් ලොකු වෙනසක් වෙයි. නැත්නම් හැමදාම මෙහෙම තමයි. (නි)
මේවට රෝනීටම බැනල වැඩක් නැහැ (නි)
හේවාවිතාරණ අපට තමයි අමාරුව කොහොමත්..!(නු)
ලංකාවේ මතයක් තියෙනවා සල්ලි උපතින්ම තියන අය දේශපාලනේ කරද්දී හොර කරන්නේ නැහැ කියලා. මම නම් කියන්නේ මේක තව මෝඩ සිතුවිල්ලක් කියලයි. (නි)
ගිය වසරේ පමණක් ශ්‍රී ලන්කන් එකේ පාඩුව කෝටි 2050. සභාපතිතුමාගේ ගෙදර තිබ්බ ඔරලෝසුව වටිනවා ලක්ෂ ගානක්.මෙතන ඔරලෝසුවත් ලක්ෂ ගණක එකක්.(නු)
සී.ටී.බි., විදුලිබල මණ්ඩලේ, දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍යය ඇතුළු අනෙකුත් සියලු ආයතන කඩා වැටුනේ එක රජයකින් නෙමෙයි. මේවට සුද්දා ගියදා ඉදන් පාලනේ කරපු සියළුම අය වග කියන්න ඕනෑ. (නි)
බණ්ඩා,අපට කිසි දෙයක් මෙතුමා ගැන පුද්ගලිකව දැනගන්න ඕනෑ නැහැ. (නි)
උපතින් ධනවත් අය දේශපාලනේ කරන්නේ තියන ගොඩ වැඩි කරගන්න. නැති කෙනා දේශපාලනේ කරන්නේ කීයක් හරි හොයා ගන්න. (නි)
පෙර තිබුණු එ.ජා.ප. ආණ්ඩු කාලයේ ඔය කියන මහත්මා දේශපාලනය කළ එක්කෙනයි මම නම් දැක්කේ. ඒ ගාමිණී ජයසුරිය ඇමැතිතුමා. ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වීමට කොන්ද පණ තිබුනේ එතුමාට පමණයි. (නි)
පිරිසිදු දේශපාලනය, මහත්මා දේශපාලනය කියන්නේ කුමක්ද? (නි)
කොච්චර වටිනවා වුණත් ඔය ඔරලෝසුවේ කටුව හිටපු ගමන් එහාට මෙහාට පනිනවාලු. (නි)
රොනී කිව්වොත් පනී කියලා තමයි මමනම් අහල තියෙන්නේ. දෙවිනුවර වැඩිහිටියන්ගෙන් ඇහුවොත් කියයි මෙතුමා ලාම්පු, කළගෙඩි සෙල්ලමෙන් පස්සේ මොකද කලේ කියලා? හැබැයි, අර සොරා ගත්ත ලක්ෂ 40 ට වැඩි අත් ඔරලෝසුවේ කතාව මිට වඩා වටිනවා.(නදී)
අහසින් විදුලිය අපිට ලැබෙනවා නම් කොච්චර හොදද? (නි)
පුරුදු විදියටම මහජන මුදල් ගැන හිතන ඉරිසියාකාරයෝ ටිකක් අදහස් දාල තියනවා මේ ලිපියෙම තියනවා මේක අපේ රටේ මහජන මුදලින් ගත්තු දෙයක් නොවන බව මේක අවුරුදු 300ක් පරන පුද්ගලික දේපලක්. (ස)
රොනී කියන්නේ දෙවිනුවරට ආපු පරිශුට් කාරයෙක්. එත් දැන් ඉන්න අය එක්ක සංසන්දනය කරනකොට හොද නායකයෙක්. ඒ කාලෙට සාපේක්ෂව ගත්තොතින් වැඩක් කරපු කෙනෙක්. ඔරලෝසු කතාවෙන් නැවත රොනීගේ මතකය අළුත් කළා. ඒත් මේ තරම් බඩු තියෙන බංගලාවක ආරක්ෂකයෝ නැද්ද?(නදී)
දුප්පත් වෙලා ඉපදෙන්නේ පව්කාරකමට,පෝසත් අයට ගරහන්න එපා (නි)
හේමන්ත, ඔබ හරි (නි)
රවී හරි. රොනී ගැන නොදනී නම් ඔහු ලාංකිකයකු විය නොගක. හොඳ මිනිසුන්න්ට අපහාස කිරීම හෙලා දකිමි.(නදී)
රොනී ද මැල් කියන්නේ විද්වත් ගෞරවනීය දේශපාලකයෙක්. (නි)
මෙලෝ හසරක් - ඉතිහාසයක් නොදන්නා කුහකයෝ රොත්තක් අදහස් දානවා. එක්කෝ දන්නා දෙයක් කතා කරන්න ඕනෑ, නැත්නම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න ඕනෑ. රොනී ද මෙල් කියන්නේ ප්‍රකෝටිපතියෙක්. ඒ දේශපාලනයෙන් නොවේ. දේශපාලනයෙන් වුනේ ඔවුන්ගේ දේ නැතිවීමයි. අනෙක රොනී කියන්නේ ලංකාවේ නොකැඩිය හැකි අධ්‍යාපන වාර්තාවක හිමිකරුවෙක්. ඒ ලංකාව තුල මුහුණදුන් සියලුම විභාග වලින් ලංකාවෙන් ප්‍රථමයා වීම. ඔහුගේ උත්සාහය කැපවීම උඩ ඉදිකළ රුහුණු විශ්ව විද්‍යාලයෙන් දුන් ආචාර්ය උපාධිය පවා ඔහු භාවිතා කලේ නැහැ. ඒ ඔහුට පින් උගත්කම් අවශ්‍ය නොවන්නෙක් නිසා. (නි)
නන්දන, ඔයා මේ වගේ ඔරලෝසු ලංකාවේ ගෙවල් වල තියනවා දැකලා තියෙනවද? මේවා තියෙන්නේ යුරෝපයේ වගේ රටවල විතරයි . තෑග්ගක් ලැබුන එකක් කියො කියන කතාව ඇත්ත .ඒ කාලේ දේශපාලනය කරපු අය යටිමඩි ගහ ගත්තා කියලා අපි නම් අහලාවත් නැහැ. (නි)
අනේ රොනී.(නු)
අනේ සංසාරේ! (නි)
රොනී ද මෙල් මහතා ගැන නොදැන (නොදැනීමට හේතුව පුද්ගලයන් ගැන ලියවුනු පොත් පත්, චරිත කතා , ඇසුරු කළ අය කියන කතා, පක්ෂග්‍රාහී නොවී පුවත් පත් වල පළවන දෑ පරිහරණය නොකිරීමයි, රූපවාහිනියෙන් සහ වාචාල මුඛ වලින් දෙසා බාන දෑ දේව වාක්‍යක් ලෙස සැලකීමයි) අදහස් පළ කරන්නාවූ පුද්ගලයන් ගැන ඇත්තේ කණගාටුවක්. රටේ වැඩි හරියක් ඉන්නේ එවැනි පිරිස්. කොසොල් රජු දුටු සිහිනයේ පරිදි මිණි කැට යට ගොස් ලැබූ කබල් උඩට එන කාලයයි මේ. මෙය නම් නියමාකාරයෙන් දියුණුවෙන අසල්වාසීන් දෙස සැකයෙන් බලන කුහක මානසිකත්වය උරුම කළ දර්ශනයේම දිගුවක් ලෙස සැළකිය හැකියි. (නි)
යාලුවනේ, දැන් පහුගිය දේවල් ගැන කතාකරලා වැඩක් නැහැ. ඔය ගත්තු භාණ්ඩ වලට මොකද වෙන්නේ කියලායි දැන් අපි බලන්න ඕනෑ. (නි)
අජිත්, ඔබතුමා මෙතුමා ගැන හොඳට දන්නා නිසා මට කියන්න පුලුවන්ද රොනී ද මැල් මහතා කී පාරක් තම පක්ෂය වෙනස් කළාද කියලා?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නියම මහත්මා ගති ඇති මහත්මයෙක්. එතුමාට අපහාස කරන්න එපා (නි)
රජිත්, ඔයාට ගොඩාක් ස්තුතියි අපේ මතුගම හිටපු මන්ත්‍රී දයා ටී පැස්කුවෙල් මැතිතුමා සිහිපත් කළාට. ඔබේ මතක් කිරීම එතුමාට උපහාරයක් වේවි. (නි)
ඩේවිඩ්, මෙතන තියෙන්නේ ඉරිසියාව නෙමෙයි.කොහෙන්ද මේ සල්ලි ආවේ කියන එක. (නි)
මෙම පුරාවස්තුව කෞතුකාගාරයට භාර දුන්නොත් නේද හොද? (නි)
රොනී ද මැල් මැතිතුමා ධන කුවේරයෙක් කිව්වොත් නිවැරදියි. මෙතුමා දේශපාලනයෙන් හම්බකරපු කෙනෙක් නොවෙයි. රටේ දැන් ඉන්න දේශපාලකයින්ට සමකරන්න බැරි උගත් හා වැදගත් චරිතයක්.එතුමාට අපහාස කරන්නේ රොනී ද මැල් මැතිතුමා පිළිබඳව නොදන්නා පිරිසයි. අපි ඔවුනට අනුකම්පා කරමු. (නි)
නැති උනේ ඔරලෝසුව .ඒ උනාට සේරම අය අදහස් ප්‍රකාශ කරන්නේ රොනිද මෙල්ගේ වත් පොහොසත් කම ගැනයි . මේ දිහා බලපුවම මිනිසුන් තුල මොනතරම් ඉරිසියාව තියනවද ? පරම්පරාවෙන් ලබුනදෙවල් හරි හම්බකරගත්ත දේවල් හරි ලබාෙගන රටට සේවයක් කරපු කෙනෙක් ගැන නොදැන අපහස කරන්න හොඳ නැහැ. කුහකකම ඉරිසියාව අඩු කරගත්ත තරමට, තම තමන් දියුණුව කරා යන්න පුළුවන් . අනුන්ට ඉරිසිය කරපු තරමට තමන් පහතට වෙටෙන බව ඔය කවුරුත් හිතාගන්න.(ස)
කරුණු නොදැන එතුමාට අපහාස කරන්න එපා. (නි)
රටේ ධනය, නිධන් එලිපිට හොරකම් කරන කම්බ හොරු ඉන්නේ දැන්. (අ)
රොනී ද මේල් වැනි අවංක අයෙකුගේ දේ ගන්නා අයට පලදෙන්නේ නැහැ. (නි)
මේවා කෞතුකාගාරයට නම් යවන්න එපා..!(නු)
පක්ෂ මාරු කරත්, ඒ වගේ බුද්ධිමත් දේශපාලනය කරපු අය අද ඉන්නවද? පරම්පරාවෙන් ලැබුණ දේවල් මිසක් හොරකම් කර කියාල අපි නම් අහල නැහැ. (අ)
රොනී ද මෙල් කියන්නේ ප්‍රකොටිපතියෙක් උපතින්ම (අ)
එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් සියලුම රටවල්වල රට පලනය කරන නායකයන්ගේ සහ පාර්ලිමේන්තු වරප්ප්‍රසාද ලබනායගේ වත්කම් සොයා බලන්න සංවිධානයක් පත්කරන්න ඕන. රට දියුණුකරන්න ගන්න සල්ලි කොහෙද යන්නේ කියා බලන්න පිළිවන්. අනෙක අපේ රටවලට ආදරයෙන් ඉන්න ය අපේ මවුබිම කියල දගලන ය අදට වසර දහයකට උඩදී තමාට තිබු වත්කම් පෙන්නුම්කලන්න පිළිවන්ද?(අ)
වැඩි විස්තර දැන ගන්න මෙතනට යන්න http://en.wikipedia.org/wiki/Ronnie_De_Mel
කරුණු නොදැන රටේ නායකයන්ට අපහාස කරන්න එපා. (නි)
මේක රොනීට පරම්පරාවෙන් හම්බවුන එකක්. එක නිසයි දෙවියෝ සොයලා දුන්නේ.. (ස)
අර මීට කලින් වෙන කෙනෙකුගේ නැතිවෙලා හම්බ වුණ එකත් ඔයගානට කිට්ටු වෙන ගානක් වටිනවා කිවවා නේද....? (නි)
මේවා හොරකම් කරලා විකුනපු අයව අල්ලලා රජ කාලේ දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
අහසින් විදුලිය වදිත්වා! (නි)
රොනී ද මෙල් මහතාගේ ගෙදර කැසට් එකක් තිබුනේ නැත්තේ ඇයි දන්නවාද? (ස)
දෙයියෙක් ඉන්නවා නම් ඇයි මේ ජාතික හොරුන්ට අච්චු දෙන්නේ නැතුව පොඩි හොරුන්වම අල්ලලා දෙන්නේ? කරුමේ ඇත්ත නම් ඇයි මේ ආත්මෙදීම ඇස් පනා පිට පල නොදෙන්නේ? වෙලාවකට ආගමත් එපා වෙනවා... (නි)
ඇත්තෝ කති බොති.නැත්තෝ උලා කති. (නි)
අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි (ස)
මේ සොර දෙටුවා නොහිටියා නම් මේ ඔරලෝසුවයි වත්කමුයි අප නොදන්නවා ඇත. (නි)
ඔරලෝසුවම ලක්ෂ 52ක්??? (නි)
ඉස්සරලම හොරකන් කරපු කෙනා අල්ලන්නේ නැද්ද...ලක්ෂ 52 ඔරලෝසුවක් සමාජ සේවකයෙක් ගාව තියෙන්න විදියක් නැනේ...(ස)
හොරුන්ගෙත් හොරු කම්බ හොරු.... (නි)
අපේ පළාතෙත් සුදු වතු පාලකයෙක් වතු වගා කරලා සුවිසල් බංගලා හදාගෙන හිටියා. 1948 නිදහස ලැබෙද්දී විශ්වාසීව රාජකාරිය කළ ඉංග්‍රීසි උගත් ලියන මහත්තයට සියලු දේපල දීලා සුද්දා රට ගියා. ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දීලා පුතා අධි නිතිඥයෙක් කළා. ඒ වගේ දේපල සමහරු ළඟ තියෙනවා. අපි අසා ඇති සත්‍ය කතාවක් මේක. (නි)
මෙතැන අදහස් පලකරන පිරිස මෙතුමා ගැන මොනවද දන්නේ? (නි)
මම දන්නා විදියට ඉන්නවා විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්(කලක් නියෝජ්‍ය ඇමති ). දයා ට් පස්කුඑල් කියල අපේ සහ රටේ ඉදිරි පරම්පරාවේ පවට එවැනි උත්තමයෝ විශ්‍රාම සුවයෙන් සැනසීම ලබනවා.(නදී)
අනේ මටත් බඩේ බඳින්න ඔරලෝසුවක් ගන්න පාර්ලිමේන්තුවට යවන්නකෝ. ඔබ තුමාලගේ දැවෙන ප්‍රශ්ණ මට විතරයි විසදන්න පුළුවන්. මගේ බද වට ප්‍රමාණය මනින්නේ දම්වැල් වලින් . (නදී)
රොනී දේ මේල් මහතා පිරිසිදු දේසපාලනය කරපු කෙනෙක්, හොරකම් කළා කියලා අපි අහලවත් නැහැ. (නදී)
එතකොට හිටපු ඇමතිතුමා පැමිනිල්ලවක් දාලා නැතුවද පොලිසිය මේ හොරු හොයන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හොරා කවුද කියල රටම දන්නවනේ ඉතින්.(නදී)
අනේ පොඩ්ඩක් බලන්නකෝ අර බජට් පැක් එහෙමත් ඔය කඩේ අස්සේ මුල්ලක හරි තියෙනවද කියලා. (නි)
ඔරලෝසුවේ ගාණ ටිකක් අඩුකරන්න බැරිද? (නි)
හොරා මල නොතලා රොන් අරගෙන වගේ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
කොහොමද වැඩේ? අහසින් අකුණු පත් වෙන්න ඕනෑ නේද මේවට...? (නි).
රොනී කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියාගෙන හිටපු දෙසපාපඥයෙක් නම් නෙමෙයි. පාරම්පරික දේපල හිමි මනුස්සයෙක්.(නදි)
ඒකාලේ නම් දේශපලනයට එන්නේ මිනිසුන්ගේ බදු සල්ලි යටිමදිගහන්න නෙමේ රටට වැඩක් කරන්න එකට දැන්? (අ)
ලක්ෂ 50ක ඔරලෝසුවක් .අනෙත්වා කොහොම වටිනවා ඇත්ද (අ)
රොනී මුදල් ඇමැතිකලේ මොකක් හරි කරලා ජනතාවට නොරිදෙන අයවැයක් හැදුව ,මනුස්සය පරම්පරාගත සල්ලි කාරයෙක් නිසා ජනතාවගෙන් කප්පම් ගන්න ගියේ නැහැ . එකට අද ඉන්න මිනිස්සු (අ)
රොනී ද මැල් කියන මහතා ප්‍රකෝටිපතියෙක් වුණත් අනෙක් අයට ඒකෙන් ඇති අමාරුව මොකක්ද? (නි)
එයා තමා නුතන පක්ෂ මාරුවේ පියා. (නදී)
අදහස් පල කිරීමේදී බිද්ධිමත් වෙන්න.රොනී මහත්මය මහත්මා දේශපාලනය කරපු අයෙක් මම දන්නා තරමින් . (අ)
කවුද හොරා? (නි)
ලංකාවේ පරම්පරා ගණනකට ජිවත් වෙන්න හම්බු කරන්න නම් කරන්න තියෙන එකම රස්සාව දේශපාලනය. (නි)