(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම බුද්ධ රශ්මී වෙසක් කලාපයේ විවෘත කෙරිණි.

ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ  අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වෙසක් කලාපය පැවැත්වෙයි. අනතුරුව ගංගාරාම විහාරය පරිශ්‍රයේ පැවති දන්සැල විවෘත කිරීමට ද අග්‍රාමාත්‍යවරිය  සහභාගී වූවාය. 

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙම අවස්ථාවන්ට  සහභාගී විය.