
(ටී.කේ.ජී.කපිල )
රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂ දහනව දහසක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු 35 හැවිරිදි ඉන්දියාවේ, බැංගලෝර් නුවර වාසය කරන්නෙකි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 419ක් සගවා ගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.