
(අංජුල මහික වීරරත්න)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට යටතේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.
මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතය.
මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.
හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පළ 1964 වසරේදී ආරම්භ කර ඇති අතර, දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදු කෙරේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහත්වරු,ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු දේපළ ගැන මහජනයාටත් වගකීමක් තියෙන්න ඕනි. ලංකාවේ බොහොමයක් බස් නැවතුම් වලට අඩිය තියන්න බෑ. බුලත් කෙළ ගහලා බිත්ති වලට පවා. රාත්‍රී කාලයට අදුරු මුල්ලක් දැක්ක ගමන් මුත්‍රා කරනවා. බැංකුවක් පුටුවක් තියන්න බෑ කඩලා බිදලා දානවා. විවිද ආකාරයේ අපද්‍රව්‍ය හැමතැනම දානවා. ඉදිරියේදී මේවගේ වැඩ කරන උන්ට දඩුවම් කරන්න ක්‍රමයක් අනිවාර්යෙන්ම සැකසිය යුතුයි. ඒ සදහා CCTV පද්දතියක් මගින් නියාමනය කිරීම කල හැකියි. රටක් දියුණු කිරීම කුමන හෝ පාලකයන්ට පමණක් කල නොහැකි. ආකල්පමය වශයෙන් දියුණු පරාර්ථකාමී ජනසමාජයක් අනිවාර්යෙන් ඇතිවිය යුතුයි.
අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්, දැන් පිටකොටුව කියන්නේ තනිකරම අපායක් හැමතැනම කඩ, මිනිස්සුන්ට ඇවිදගෙන යන්න පාරක් නැහැ... හැමතැනම ඉටිරෙදි කඩ, මේ වගේ දේවල් ඇත්තටම ලැජ්ජාවක්, මේ රජය මේ ක්‍රමය වෙනස් කල යුතුමයි. අනිත් ලංකාවේ සාපය කොට කොට යන බස්, ත්‍රී වීලර්ස්, කිසිම විනයක් ඇත්තේම නැහැ.