
(ගයාන් සූරියආරච්චි)
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිෂ්ණත් මහතා ගේ නිල සංචාරය වෙනුවෙන් අද (20) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථ වාහන කොට්ඨාසය පවසයි.
රාධා ක්‍රිෂ්ණත් මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ අතර කටුනායක, කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත මං සන්ධියට පිවිස බේස් ලයින් මාර්ගය ඔස්සේ ඩී.එස්.සේනානායක හන්දියෙන් හැරී හෝටන් පෙදෙස ඔස්සේ නෙළුම් පොකුණ හන්දිය හරහා මල් පාර හන්දියේ ප්‍රදේශ ඔස්සේ ගාලු පාරට පිවිස ගාලු මුවදොර හරහා ටජ් සමුද්‍රා හෝටලයට පැමිණීයේය.
ප්‍රභූවරයා ගමන් ගන්නා කාලය අතරතුරදී අවස්ථානුකූලව අද (20) ගමනාගමනය සීමා කරනු ඇති බවත් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය ජනතාවට දන්වා සිටි.
ප්‍රභූවරයා අද දින තර්ජ් සමුද්‍රා හෝටලයේ සිට ගාලු මැද පාර, එන්.එස්.ඒ. හංදිය, චෛත්‍යය පාර හරහා වරාය හෙළි පථය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ගාලු පාර දෙස සිට කොළඹට පැමිණෙන සියලුම බර වාහන කොල්ලූපිටිය හන්දියෙන් වමට හැරී ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, සර් ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදිය හරහා කොළඹට ඇතුළු විය හැක.
ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළුවන සැහැල්ලු වාහන ගාලු මුවදොර වටරවුමෙන් දකුණට හැරී මාකන් මාකර් මාවත, කොම්පඤ්ඤ වීදිය, මැලේ වීඩියෝ ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.
පිටකොටුවෙන් ගාලු පාර හරහා පිටවන සියලුම වාහන සෙරමික් හන්දියෙන් වමට හැරී රීගල් වටරවුම, චිත්තප්පලම් ගාඩිනර් මාවත, කොම්පඤ්ඤ වීදිය පොලිස්වටරවුම, කොම්පඤ්ඤ විදිය හන්දිය, සර් ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය හරහා කොල්ලුපිටියට පිවිස කොළඹින් පිටවිය හැකි බව පොලිසිය කියයි.
ප්‍රභූවරයා පිටවීමට පැය දෙකකට පෙර සිට එම මාර්ගයේ බර වාහන ඇතුළු වීමට අවස්ථාව නොදෙන බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd