(අංජුල මහික වීරරත්න)

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන " ජනාධිපති පරිසර සම්මාන - 2026"  සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

අප්‍රේල් මස 30 ට පෙර අයැදුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙයි.

කර්මාන්ත, ව්‍යාපෘති සහ ආයතන, මාධ්‍ය හා සමාජ අංශය යටතේ සම්මාන ප්‍රදානය කෙරෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112873447, 0112872278 යන දුරකථන අංක වලට හෝ 0112888999 අංක ඇමතීමෙන් අයැදුම්පත් සහ වැඩි විස්තර ලබා ගැනීමට අවකාශ සලසා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

"ජනාධිපති පරිසර සම්මාන " ( රන් සම්මාන). "රිදී පරිසර සම්මාන ", "ලෝකඩ පරිසර සම්මාන ' සහ " කුසලතා පරිසර සම්මාන" ආදී ලෙස වූ සම්මාන හිමිකර ගැනීමට "ජනාධිපති පරිසර සම්මාන උළෙලේ දී තරඟකරුවන්ට අවස්ථාව හිමිවේ. 

ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන ඔක්තෝම්බර් මාසයේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.