
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
"ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින්, රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් (POS යන්ත්‍ර හරහා) මුදල් ගෙවීමේ නව පහසුකම හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද ආරම්භ කළේය.
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බිම් මහලේ පිහිටි රෙජිස්ට්‍රාර් අංශයේ සහ 4 වන මහලේ පිහිටි වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS යන්ත්‍ර විවෘත කරමින් සංකේතාත්මකව උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අග්‍රාමාත්‍යතුමිය අතින් ආරම්භ කෙරිණි .
මේ හරහා තිඹිරිගස්යාය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොලොන්නාව, කඩුවෙල, හෝමාගම, මහරගම, සිතාවක, පාදුක්ක, කැස්බෑව, රත්මලාන, දෙහිවල, මොරටුව යන ප්‍රාදේශිය ලේකම් කාර්යාල 13 හරහා Debit හ credit කාඩ්පත් හරහා සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා බැංකුව මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය දක්වා තිබේ.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.පී. ප්‍රදීප් පුෂ්පකුමාර , කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර රෙජිස්ට්‍රාර් ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරි ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වල නිලධාරින් සහ ලංකා බැංකු ප්‍රධානින් ඇතුළු නියෝජිතයෝ රැසක් සහභාගී මෙම අවස්ථාවට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd