
(නිමල කොඩිතුවක්කු)
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්සිටවූ කෝසල සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
නිල නිවසට අනවසරයෙන් විදුලිය සහ ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත 2024 වසරේ ජූලි දහවනිදා සිට සේනාධිර මහතාගේ සේවය අත්හිටුවනු ලැබීය.
මාස 27ක් තිස්සේ 20 කට අධික සාක්ෂිකරුවන් පිරිසකගෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම පියවර ගනු ලැබීය.
ඒ අනුව කෝසල සේනාධිර මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් හිඟ වැටුප් සියල්ල සමගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්ත කොට සේවයේ පිහිටුවා ඇත.
කෝසල සේනාධිර මහතා විශේෂ ශ්‍රේණියේ ජේෂ්ඨතම මහේස්ත්‍රාත්වරයා ලෙසද කටයුතු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd