
(අංජුල මහික වීරරත්න)
උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය, ගම්පොල දක්වා දුම්රිය ධාවනය ඔක්තෝබර් 2 දින සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
“දිට්වා” සුළි කුණාටු තත්ත්වය නිසා රඹුක්කන - ගම්පොල අතර දුම්රිය මාර්ගය ස්ථාන 103 ක් හානියට ලක්ව තිබුණි. ඉන් විශාල ප්‍රමාණයේ නාය යෑම් 36 ක් සිදුව තිබූ අතර මීට අමතරව දුම්රිය මාර්ගය සෝදී යාම්, පස්කඳු කඩා වැටීම් 67 ක් සිදුව තිබුණි. රඹුක්කන / කඩුගන්නාව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග පද්ධතියේ වැඩිම ආනතිය (gradient) ඇති මාර්ග කොටස් වලින් එකක් වීම, එම ප්‍රදේශයට ළඟාවීම සඳහා විකල්ප සැපයුම් මාර්ග නොමැතිවීම, අයහපත් කාලගුණික තත්ත්වය හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම යන අභියෝග මධ්‍යයේ සියළු ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමග එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් සිදුකර මාර්ගය ධාවනයට සුදුසු තත්ත්වයට මේ වනවිට පත්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඔක්තෝම්බර් 2 දා සිට ඇරැඹෙන කොළඹ කොටුව - පේරාදෙණිය / ගම්පොල අතර සාමාන්‍ය දුම්රිය කාල සටහන මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd