
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනී පැට්‍රීෂියා ලාසාරා පෙගෝ ගුවෙරා මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
මෙම හමුවේදී, දෙපාර්ශ්වය විසින් ද්විපාර්ශ්වික සබඳතා වල වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය නැවත තහවුරු කෙරිණි.
දෙරටේ මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා හුවමාරු වැඩසටහන් සහ කුසලතා සංවර්ධන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
තිරසාර කෘෂිකාර්මික භාවිතයන් දියුණු කිරීම සඳහා දැනුම සහ තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මික අංශයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වූ අතර ක්‍රීඩා ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd