ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සියෙරා නෙවාඩා කඳුවැටියේ සිදුවුණු හිම කඳු කඩා වැටීමකින් කඳු තරණයට ගොස් සිටි කඳු නගින්නන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් නව දෙනකු අතුරුදන් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

වසර 40 කට පසු, සියෙරා නෙවාඩා කඳුවැටියේ, සිදුවුණු බිහිසුණු හිම කඳු කඩා වැටීම මෙය යැයි පැවැසෙයි.

හිම කඳු කඩා වැටීම සිදුවූයේ ප්‍රචණ්ඩ හිම කුණාටුවක් පවතිද්දීය. හිම කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇතැයි ද පැවැසෙයි.

හිම කඳු කඩා වැටීම සිදුවූයේ ටාහෝවිල ආසන්නයේ සුප්‍රකට සංචාරක නිවාඩු නිකේතනයක් ආශ්‍රිතවය. පසුගිය දින කීපයේ මෙම නිවාඩු නිකේතනය ආශ්‍රිතව දැඩි හිම පතනයක් ද පැවැතිණි.