
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ කීහ.
අද (19) උදැසන 6 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අගල් 6 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 26 අගල් 11 කින් පහල බැස ඇත.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් ලබාගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබයි.
එම ජලාශවල ජල මට්ටම අඩුවිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද පහල බැසි ඇති බවද වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින්ද පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd