
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් එස්. ජගාරියන් සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර නිල හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (23) පැවැත්විණි.
දෙරට දීර්ඝකාලීන මිත්‍රත්වය තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සහ දෙරටේ තරුණ තරුණියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
රුසියාවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වන ලෙස රුසියා තානාපතිවරයා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට මෙහිදී නිල වශයෙන් ආරාධනා කළේය.
රුසියාව සතු දියුණු ක්‍රීඩා තාක්ෂණය සහ පුහුණු ක්‍රමවේද ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ද එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd