ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි. ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ක්‍රිකට් විධායක කමිටුව අද (29දා) ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පත්කිරීම සිදු කර තිබේ.
රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි යන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම කමිටුවේ සාමාජිකයන් අට දෙනා අතරට නම්කර තිබේ. තුෂිර රදැල්ල, ප්‍රකාෂ් ෂාෆටර්, උපුල් කුමාරප්පෙරුම, ඩිනාල් පිලිප්ස් යන මහත්වරු සහ අවන්ති කොළඹගේ මහත්මිය කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් කුමාරප්පෙරුම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලුවා නේද?