
(මනෝප්‍රිය ගුණසේකර)
දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට කාන්තාවකගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී උඩතලවින්න ක්වාසි උසාවියේ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ක්වාසි උසාවිය තුළදීම අත්අඩංගුවට ගන්නා ලදී.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී අදාළ ක්වාසි විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කෙමිසමේ නිලධාරියකු පැවසීය.
රජඇල්ල කුඹුක්කදුර ප්‍රදේශයේ පදිංචිකාරියක ඇගේ සැමියාගෙන් දික්කසාදවීම සඳහා උඩතලවින්න ක්වාසි උසාවියේ නඩුවක් පවරා ඇති අතර ඇයට අදාළ දික්කසාදය හා දික්කසාද තීන්දු ප්‍රකාශය දීමට සැකකාර ක්වාසි විනිසුරුවරයා කාන්තාවගෙන් රුපියල් 4,,500ක අල්ලසක් ඉල්ලා ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
ඒ සම්බන්ධයෙන ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී උඩතලවින්න ක්වාසි උසාවිය තුළදීම සැකකාර ක්වාසි විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ක්වාසි උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
sachith Sunday, 26 May 2024 05:39 PM
ශ්‍රී ලංකාව තුළ ජාති, ආගම් අනුව නිති පැනවෙන එක නවත්වන්න ඕනෑ... හැමෝටම පොදු එක නීතියක් තියෙන්න ඕනෑ. උඩරට වේවා, යාපනයේ නීතිය වේවා, මේවා කිසිම එකක් නැතුව හැමෝටම පොදු එක නීතියක්...