
(ජේ.ඒ.එල්. ජයසිංහ)
දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරට අසුව දැඩි ලෙස හානියට පත්වූ පේරාදෙණිය කළු පාලම යථා තත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ රාජ්‍ය ආයතන රැසක් සමඟ එක්ව මේ දිනවල දිවා රාත්‍රී වෙහෙසි කටයුතු කරයි.
මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ,පේරාදෙණිය විශ්ව විද්‍යාලය ,ඉංජිනේරුමය මධ්‍යම උපදේශක කාර්යාංශය , ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනවල ඉංජිනේරුවන් නඩත්තු අංශ සේවකයන් ඇතුලු රැසක් එක්ව සිටිති. මෙම පාලමට හානි වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි කොට්ට ගොඩ ගහල ද දන්නේ නැහැ මේකත් හදන්නේ
පේරාදෙණිය දුම්රිය පොළෙත් බොහොම දේවල් වැඩිදියුණු කරන්නට තිබෙනවා. තිබෙන වේදිකාවේ සිට දුම්රියට නැගීමටත් දුම්රියෙන් බැසීමටත් ඉතා අපහසුය. හේතුව වේදිකාව උස අඩුයි. මහලු අයට, ලෙඩ්ඩුන්ට, කාන්තාවන්ට, කුඩා ලමයින්ට ඉතාමත් අපහසුයි. අතීතයේ තිබුන දුම්රිය මැදිරිවල සිට වේදිකාවට බැසීමට පහසුවූයේ ඒවායේ පඩිවල පිහිටීම වෙනස් නිසයි. අලුත් දුම්රිය මැදිරිවල පඩිවල පිහිටීම වෙනස්. ඒ නිසයි මුලින් සඳහන් කළ අපහසුව සිදුවන්නේ. වෙනත් බොහෝ දුම්රිය ස්ථාන වල වේදිකා උස් කර තිබෙනවා. තුන් පැත්තකට දුම්රිය මාර්ග විහිදෙන, ප්‍රධාන දුම්රිය ස්ථානයක් වන පේරාදෙණියේ ඇයි එසේ නොකරන්නේ? මෙහි තිබෙන වැසිකිළිද අඩු පාඩු සහිතයි. ගිහිල්ලම බලන්න.