මහමත් නබිනායකතුමන්ට අපහාස වන අයුරින් ඇමෙරිකා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් නිපදවමූ චිත්‍රපටයට විරෝධය පාමින් ශ්‍රී ලංකා තම්හීද් ජමාඅන් මුස්ලිම් එකමුතුව සංවිධානය කළ විරෝධතා පාගමනක් කොටුව දුම්රියපල ඉදිරිපිට සිට කොල්ලුපිටියේ පිහිටි මෙරට ඇමරිකා තානාපති කාර්යාලය දක්වා පැවැත්විණි.
ඇමරිකා ජාතික කොඩිවලටද බරක් ඔබාමා ජනපති ඇතුළු ඇමෙරිකා නායකයන්ගේ ඡායාරූපවලට සෙරෙප්පු පහර ගසමින් දහසකට අධික මුස්ලිම් ජාතිකයෝ මේ ගමනට එක්වූහ.
ගාලු මුවදොර වටරවුම අසලදී පොලීසිය මාර්ග බාධක යොදා පෙළපාලිය නතර කලේය. ගාලුපාර කොල්ලුපිටිය දෙසටත් කොළම කොටුව දෙසටත් සම්පූර්ණයෙන්ම වසා දැමිණ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හුසේන් ද මෙම උද්ඝෝෂණ රැල්ලට ඇහුම්කන් නොදුන්නා නොවේ. මෙයට දින 3කට පෙර අදාල වීඩියෝව ඉවත්කරන ලෙස වයිට් හවුසිය මගින් ගූගල් වෙත දැනුම් දුන්නද ගූගල් සමාගම එය ප්‍රතික්ෂේප කර ඇත. මන්ද ඔබාමාද මුස්ලිම් ජාතිකයෙකු යැයි ඔවුන් සිතුවා වෙන්න ඇති. අද මහම්මද් තුමාට අපහාස කරන අයම හෙට බුදුන් වහන්සේට මෙන්ම ජේසුස් වහන්සේට ද අපහාස කිරිමට ඉඩ ඇත. එනිසා යම් ආගමක් අදහන අය මෙයට සහය දැක්වීම කණගාටුවට කරුණකි (නි)
කිසිම ආගමට නිග්‍රහ වෙන දෙයක් කරන්න හොද නැහැ.(නදී)
පොලිසියත් ගහන්නේ අහිංසක සිංහල මිනිස්සුන්ට විතරයි. (නි)
ජයවේවා
කතාව දෝලාවෙන් ගමන පයින් (ස)
මුහම්මත්තුමාගේ දහමට අනුව ඉස්ලාම් නොවන අයකු මරා පසුව සෝදා හැරී විට මුස්ලිම් අයෙකු කරන ලද සියලු පවු දුරුවේ. කුරාන් 2:217 පිට .එවන් පුද්ගලයෙක් වෙනුවෙන් මෙච්චර උද්ඝෝෂණය කරන්න ඉඩදෙන අපේ සිංහල බෞද්ධ අය භංග වේවා. (නි)
ඔක්කොම යුදෙව්වාදීන් (ස)
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් !! (ස)
අර දේශප්‍රේමීන්වත් එකතුකර ගන්නනේ තිබුණේ. (නි)
මමත් චිත්‍රපටිය බැලුවා. එපමණ ප්‍රශ්නයක් නැහැ (නි)
මේ උද්ඝෝෂණ වලට කදුලු ගෑස්, ජල ප්‍රහාර තහනම්ද? (නි)
මෙහේ කෑ ගැහුවා කියලා ඇමරිකාව බයවෙයිද ?? (ස)
අනේ මෙහෙම මෝඩයෝ? (නි)
චමිල ඔයාට ආගමක් තියෙනවද?(නදී)
ඔබාමා බයවෙලාලුද ඉන්නේ? (නි)
ශ්‍රීසර, කුමාර, සමන්, ඇතුළු අනෙකුත් ළිං ගෙම්බෝ දන්නේ නැද්ද, කොළඹ වෙච්ච මේ පුවත ඔයාල දැනගත්තා නම්, ඇයි ඇමෙරිකානුවන්ට දැනගන්න බැරි? ලෝකේ දියුණුයි කියලා දන්නවනේ. දැන්වත් පොඩ්ඩක් ළිඳෙන් එළියට ඇවිත් බැලුවොත් නරකද? (නි)
ඇමරිකාවට කරන හැම දේකටම ඉඩ දෙන්න ඕනේ නැහැ.(නදී)
ඔබාමා ලංකාව කියලා එකක් තියේද කියලත් දන්නේ නැතුව ඇති..(ස)
දැක්ක නේද, සිංහල මිනිස්සු හොදයි වගේ එකට රටේ හිටියට, එයාලාගේ හිත වල කොච්ච්චර නම් වෛරයක් තියෙනවද කියලා තේරෙනවා මේකේ ප්‍රතිචාර කියෙවුවොත්. ජිනීවා ගියොත්, මෙහෙ ජාතිවාදය නැහැ කියලා ඡන්ද දාගන්න විටයි මුස්ලිම් අය ඕනෑ. (නි)
මට එක්කෙනෙක් කිවුවා දැන් බෞද්ධයන් වැදුම් පිදුම් කරන බුද්ධ රූපය හරිඑක නෙමෙයි කියලා. ඇත්තද ඒක? (නි)
ඔතන මුස්ලිම් යට බැණලා අදහස් දාපු අය හිතාගනිල්ලා, ඔහේලගේ රටට විදේශ විනිමය වැඩිපුර එන්නේ, මුස්ලිම් රටවල් වල වැඩකරලා හොයන සල්ලි වලින් කියලා. කොළඹ ඔයාලා උද්ඝෝෂණය කළාට ලෝකයේ මිනිස්සු ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මුස්ලිම් අය එහෙම කළොත් නම්, ඒක ලෝකෙට ලොකු පුවතක් තමයි. බලන්නකෝ විදෙස් මාධ්‍ය වල ඕක පෙන්නන්නේ නැද්ද කියලා... හූ හූ.... (නි)
අවශ්‍ය මාතෘකාව විතරක් කතා කරමු (නි)
ලියනගේට මතක නැතුව ඇති දළදා මාලිගාවට ත්‍රස්තවාදීන් කල විනාශය..(නු)
අල්ලාහු අක්බර්! (නි)
දැන් පෙළපාලිය දැකලා ඔබාමා භයවෙලා ඇති (නි)
මේවායින් වෙන්නේ චිත්‍රපටියට ප්‍රසිද්ධියක් ලැබෙන එකයි (නි)
ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා
නබිනායක තුමා මිනිසුන් යහමගට ගන්න වෙහෙසක් ගත්තා.. කොටසක් එය තේරුම් ගත්තා..! (නු)
බුදුපිළිම වලට නිගාකරන එක කොච්චර ලොකු පවක්ද? (නි)
තමන්ගෙ නොහෑකියාව නිසා අනුන් කෙරෙහි චකිතයක් නේද? (නි)
ඇමරිකාවට ගැතිකම් කරන අය මතක තියාගත්තොත් හොදයි එයාලටත් ඇමරිකාව ගහන්නේ ඔය විදියටමයි කියලා (නි)
ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ
ඇත්ත නැත්ත බලාගන්න කුරාණය කියවන්න. එවිට ඔබත් එම චිත්‍රපටයේ සදහන් දේ සම්පුර්ණ ඇත්ත බව ඇස් දෙකෙන්ම දකිනු ඇත. බොරු උද්ඝෝෂණ , කයිවාරු වැඩක් නැත. සොයන්නාට සම්බ වේ. (නි)
ජයවේවා
සහෝදරවරුනේ, මෙවැනි පුවතක් දුටු විට ජාතිවාදී අදහස් පලකීරිමෙන් වලකින්න. මෙවැනි ක්‍රියාවලින් ඔබාමා බයවෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් එම රටට දැනගන්න පුළුවන් ලෝකයේ කොපමණ පිරිසක් මෙයට වීරෝදය පානවද යන වග. යම් තැනක යම් වැරදි දෙයක් වේ නම් සාමකාමී වීරෝධතාවයක් පැමේ නිදහස අප කටත් තිබිය යුතුයි ඊ.එම්. කමල්, මොහොමඩ් ඔබේ අදහස හරි. අහමඩ් අපි කලබල විය යුතු නැහැ. (ස)
කරුණාකරලා හොයලා බලන්න ඔය වීඩියෝ එක ඇත්තද බොරුද කියලා.(නදී)
මේ රටේ මුස්ලිම් සහෝදරවරු මෙය හොදින් තේරුම් ගන්න.බහුතර සිංහල බෞද්ධයන් වෙසෙන රටක ජීවත් වන ඔබලා විසින් සිංහලයාගේ බෞද්ධ පුරාවස්තු (බලන්ගොඩ කුරගල ,දෙවනගල විහාරය පොතුවිල් මුහුදු මහා විහාරය ) ඉතා පහත් ආකාරයෙන් විනාස කිරීම තුල මෙම විරසක බවය ඇතිවී ඇත.මෙම සිංහල මුස්ලිම් විරසක බවය නැති කිරීමට නම් ඔබලාද එම බෞද්ධ පුරාවස්තු රටේ අනාගතය වෙනුවෙන් රැක ගැනීමට එක් විය යුතුය .එය ඔබලාගෙන් කිසිදාක බලාපොරොත්තු විය නොහැකි බව සිංහලයා දනී.මන්ද දැන් බොහෝ අය ඔබලාගේ ආගමේ උගන්වන කරුණු කරන ගැන මනා වැටහීමක් ඇත.මන්ද අද ජනසන්නිවෙන්දනය දියුණු වී ඇති නිසා.වසර 30 ක් තුල දෙමළ ත්‍රස්තවාදීන් විනාස නොකළ ආකාරයට ඔබලා නැගෙනහිර පුරාවස්තු විනාස කරමින් පවතී. මේ සියල්ල ගැන කල්පනා කරනවිට මෙම විරසක බව තව තුරටත් ඇති නොවීමට ඔබලා මෙයට වඩා වගකීමෙන් ක්‍රියා කල යුතුය. (ස)
පාවිච්චිකරන්න කදුලු ගෑස් .(ස)
දන්නේ නැති නිසයි අහන්නේ..ඕකට කොළඹ උද්ඝෝෂණ කරලා වැඩක් තියෙනවද? .(ස)
වෙන රටක හදපු ෆිල්ම් එකකට විරෝධය පල කරන්න අපේ රටේ මිනිස්සුන්ට වද දෙන්නෙ මොකද? කොළඹ පාරවල් වැහුවට ඇමරිකාවට දැනෙන්නෙ නෑනෙ..(ස)
ශෆීක්, මෙතන වැදගත් වෙන්නනේ යමක් කිරීමේ අරමුණ මොකක්ද කියන එක. ප්‍රභාකරන් දළදා මාලිගාවට ගහපු එකේ අරමුණ සිංහලයා කුපිත කර ජාතිවාදය ඇතිකර රට අරාජිත කිරීමයි. නමුත් ඕගොල්ලෝ කරන විනාසේ අරමුණ වෙනත් එකක්. සිංහල බෞද්ධ අනන්‍යතාවය ඔයාලා ජීවත් වෙන පළාත් වලින් සදහටම අතුගා දමා වෙනම අලුත් ඉතිහාසයක් ලියන්න. එයට අපි කොහොමද එකග වෙන්නේ. භාමියන් ප්‍රතිමා විනාශ කළේ එය ඇෆ්ගනිස්ථාන් නම් මුස්ලිම් රටක් නිසා.ඔයාලගේ ආගමේ ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කරන නිසා. (නි)
හොඳ වැඩේ.. ඔබාමා දුවයි පණ කඩාගෙන...(ස)
ඇමරිකාවටයි ,ඊස්‍රායලයටයි ජය වේවා (ස)
ලංකාවට ජයවේවා
දැන් ඔය පෙළපාලි යන අය මේ සිද්ධිය හරියටම දන්නවද? (නි)
ඇමරිකාවට ඇහෙන්න කෑගහන්න
ගිහිං ගැහුවනම් හරි..!(නු)
දෙවිකෙනෙක් කිවුවා කියලාවත් පරම්පරාවෙන් එන නිසාවත් පොතක තිබුණ නිසාවත් අපි දෙයක් පිළිගන්න ලෑස්ති නැහැ.එච්චර නිදහසක් අපිට බුදුන් වහන්සේ දී ඇත. අපිට ඕගොල්ලෝ ආරාධනා කරන්න එපා ඔයාලත් එක්ක උද්ඝෝෂණය කරන්න එන්න කියලා.මොකද මුස්ලිම් හා කතෝලික ආගම් අතර තියෙන විරසක බව අද ඊයේ ඇති වෙච්ච එකක් නෙවෙයි. බුදුන් වහන්සේ , බුදුදහම සහ ගරු භික්ෂුන් වහන්සේට තරම් අන්‍ය ආගමිකයන් විසින් කරන ලද අපහස බොහොමයි. නමුත් අපි බෞද්ධයන් විදියට ඒවාට උද්ඝෝෂණය කරන්න විරුද්ධවාදීන් මරලා දාන්න කියලා කොහෙවත් කියලා නැහැ. අපි දන්නවා බුදුන් වහන්සේ කියන්නේ අසමසම පුද්ගලයෙක් කියලා.එහෙම අපහස කළා කියලා අපේ ශ්‍රද්ධාව නැතිවෙන්නේවත් අපි කාටවත් වෛර කරන්නේවත් නැහැ. (නි)
ආගම දහම තුල නිති සැපතකි ඇත්තේ ඇයි මේ විලස නැති මහ ලෙඩ දා ගත්‍තේ (ස)
ඔබාමා හැංගෙන්න තැනක් හොයනවලු. (ස)
සෞදි ඩුබායි රටවල නොකෙරෙන දේවල් දැන් අපි කරන්නද යන්නේ? (නි)
පොඩි වැස්සටත් ගෙම්බෝ බක බක ගානවනේ..(ස)
මේ කට්ටිය නිසා ලංකාවටත් ඇමරිකන්කාරයා ගහන්න පටන් ගනීද දන්නේ නැහැ.පොලිසියට තිබ්බේ ඌරො සෙට් එකක් එවන්න පාර දිගේ. (නි)
අනේ මන්දා ඕව
දැන්නම් තීරණයක් ගන්න කාලය හරි (නි)
ඔව් කල්‍යාන,අපට මේ වගේ දෙයක් වුනොත් හිතල බලන්න. ජාතිවාදී අදහස් දක්වන එකෙන් වළකිමු. (ස)
ඔව් ලෝකෙට පෙන්වන්න ලංකාවත් මුස්ලිම් කියලා.. (ස)
මාස 3 කට පෙර ඇමෙරිකාවේ බරැක් ඔබමාව පට්ට ගැසූ සහෝදරවරුන්ට දැන් මේ මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි මේ වෙන විදියේ ප්‍රතිචාර? අවස්ථාවාදී වෙන්න එපා. (නි)
අහමඩ්; ඔයාගෙ කොමෙන්ට් වල තියෙනවා මේක "ඔහේලගෙ රට" කියල. ඒ කියන්නෙ ඔයා හිතන්නෙ ඔයා විදේශිකයෙක් කියල. ඉතින් ඔයා අපට කරදර නොකර ඔයාගෙ රට කියල හිතන රටට ගිහිල්ල ඒව කරගන්න.මුස්ලිම් රටවල් වල ලංකාවේ මිනිස්සු වැඩ කරල වැටුපක් ගන්නවට ඔයාලා අකමැති නම් මුස්ලිම් අය ඔක්කොම එකතු වෙලා පෙත්සමක් යවන්න ලංකාවෙ අය මුස්ලිම් අයට කැමති නෑ ඒක නිසා රස්සා දෙන්න එපා කියල.මමත් ඒකට අත්සන් කරන්නම්.(ස)
අපහාසය හොද නැහැ, ආගම සදහා නිදහස තිබිය යුතුයි. මේ උද්ඝෝෂනය කරන අපේ මුස්ලිම් සහෝදරවරු මැද පෙරදිග රටවල් ක්‍රියා කරන ආකාරය ගැනත් හිතුවොත් හොදයි නේද? බටහිර රටවලිනුත් අනෙක් ආගම් වලට අගෞරව වන ආකරයේ දේවල් වෙනවා, නමුත් අපේ ශ්‍රමිකයන් විශාල සංඛයාවක් ඉන්නේ මැද පෙරදිග. බහුතරයක් බෞද්ධ වන රටේ වෙනත් ආගම් වලට තිබෙන නිදහස බලන්න. මම එකී චිත්‍රපටය නොදුටුවෙමි. එයින් අපහාස වන්නේ නම් එය හෙළාදකිමි. (ස)
ඔවු ඇත්තනෙ. ඒක කියවලා බොරුද බලන්නකෝ. (නි)
ඇමරිකාව අපිට එපා
මේ අදහස් දක්වලා තියෙන අය ගැන හරිම ආඩම්බරයක් මට දැනෙන්නේ. මොකද මෙච්චර හිත් පිරිහිලා තියෙන මිනිස්සුනේ මේ ලංකාදීපයේ ඉන්නේ. මම මුස්ලිම් ජාතිකයෙක්. මම කිවුවොත් ඔබ පහුගිය ටිකේ ඔළුවේ තියාගෙන ගිය අර ධාතුව කිසිම පදනමක් නැතුව,කාගේ කියා නොදැනුවත්ව වන්දනාමාන කළා කියලා,සිංහල ඔබට කොහොම තරහා යයිද? අපි එහෙම කියන්නේ නැහැ,හේතුව එය කුමක් හෝ ආගමක ඇදහීමක්. අපි කවදාවත් අන් ආගමකට විහිළු කරන්නේ නැහැ. එය අපට මුහම්මදි නබිතුමා කියා දී තිබේ. මුස්ලිම් මිනිසුන් යම් යම් වැරදි කරපු පළියට ආගම කුමක් කරන්නද? එම නිසා ආගමික දෙයක් සිදු වෙද්දි ටිකක් කටවල් වහගෙන ඉන්න පුරුදු වෙන්න. බුදු දහමෙත් අන් ආගම්වලට විහිළු කරන්න එපා කියලා තියෙද්දී මේ අදහස් ප්‍රකාශ කරන කට්ටිය කුමන ආගමිකයන්ද යන්න ඔවුන් දෙවරක් සිතා බැලුවොත් හොදයි. (නි)
අපේ වැඩ වලට ඇගිලි ගහන්න එපා
අල වගේද ගෝවා කිවුවලු. (නි)
අපිට පුළුවන් අපේ දේ කර ගන්න
අපි දැනගෙන හිටියේ නැහැනේ ඔබාමා චිත්‍රපට හදනවා කියල (ස)
අපේ වැඩ අපි බලා ගන්නම්
ඇමරිකාව එපා
'විරෝධය පාන ස්ථානය' කියලා බෝඩ් එකක් ගහපු තැනක් හැම නගරයකම හැදුවා නම් හැමෝටම ලෙහෙසියි නේද? මේ විහිළුවට නෙමෙයි, කාලෝචිත නැද්ද? (නි)
මේ චිත්‍රපටිය බලපු අයද මේ ඉන්නේ? තාම කවුදමේක බලලා තියෙන්නේ? (නි)
කෝ මේ පොලිසිය? ඔතනට කැම්පස් කොල්ලෝ ටිකක් ආවා නම් පොලීසිය දුවලෙගන එයි කුළු, පොලු, කඳුළු ගෑස් ඔක්කොම අරගෙන. (නි)
සුභාපතන්ව උද්ඝෝෂකයින්ට
රොහාන් , බුදුහාමුදුරුවො ගැනත් ඔයදේම හිතලා පොඩ්ඩක් මොළය පාවිච්චි කරන්න. (නි)
මුස්ලිම් අයට ඉතිං විවාහ හතක් කරගන්න පුලුවන්නේ. (නි)
ලියනගේ ඔබ හරියට හරි. නමුත් මේ අය ඒක හිතන්නේ නැහැ. මේ රටේ හැකි තරම් ඌරන් ඇති කළ යුතුයි. (නි)
ඇයි මේකට ඇමරිකාවෙන් පළිගන්න හදන්නේ? (නි)
මුස්ලිම් අය කරන අහිංසක සතුන්ගේ ඝාතනය නතර වෙන්නේ කවදාද? (නි)
ඉල්ලගෙන කන්නද හදන්නෙ මිනිසුනේ? (නි)
ජිනීවා ප්‍රශ්නය ආපු වෙලාවේ අපිට පිහිටට හිටියේ මුස්ලිම්වරු තමයි (නි)
සෞදියේදී බුද්ධාගම ගැන අඩුම තරමේ කතා කරන්නවත් බැහැ (නි)
මේ උද්ඝෝෂණ කරන කිසි කෙනෙක් ඔය චිත්‍රපටය බලලා නැතුව ඇති. මහමත්තුමා කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැතුව ඇති.ඒ වුණාට මුලු ලෝකෙම මුස්ලිම් කරන්න බලන් ඉන්න මේ අයට ඔය චිත්‍රපටය ලොකු බාධාවක් විය හැකි බව නම් පේනවා. (නි)
මුස්ලිම් ආගමික රටවල් වෙන ආගම් තියෙන රටවල් වලට මොනතරම් හිරිහැර කරනවද? (නදී)
දැන් ඔබාමා බයවෙලා සමාව ගනියි නේද? (නි)
මට නම් ජාතීන් සියල්ල එකයි (නි)
100 අපි සහාය දෙනවා
නිකන් අපරාදෙනේ වාහන තදබදයක් ඇති කළේ. ඒකෙනුත් අන්තිමට පාඩුව අපිට. (නි)
මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතියයි (නි)
වසර 30ක් යුද්ධ කරළත් දෙමළ මිනිස්සුත් එක්ක නැති විරසක බවක් තරහක් මෙරටේ මුස්ලිම් මිනිසුන් සමග ඇතිවී ඇත්තේ කුමක් නිසාද යන්න සොයාබැලීම වටී.එයට හේතුව ලෙස සිතාගත හැක්කේ මොවුන්ගේ සිංහල බෞද්ධ පුරාවස්තු විනාශයයි. ඉස්ලාම් දහමට අනුව පිළිම වන්දනාව තහනම්ය. දාගැබ තහනම්ය. මොවුන් ලොවෙහි කරන ත්‍රස්තවාදී ක්‍රියා සහ එයට මොවුන් අදහන ආගමෙන් සහයෝගය ලැබී තිබීමෙන් (ජිහාඩ්) සිංහල මිනිසා දෙමළ මිනිසාට වඩා මුස්ලිම් මිනිසා දිහා වපර ඇසින් බැලීමට පුරුදු වී ඇත. (නි)
ඇයි ගහන්නේ නැද්ද කදුලු ගෑස්? (නි)
මේකට ඔබාමා මොනවා කරන්නද? (නි)
මුස්ලිම්වරුනි, මේ චිත්‍රපටිය හොදින් නරඹන්න. මේකේ තියෙන්නේ ඇත්ත දේවල්. නිකන් කලබල වෙන්න එපා. (නි)
මෙතනත් සමහරුන් ජාතිවාදය වපුරන්න දගලනවා. කිසිම ආගමක් තවත් ආගමක් අපහාස කිරීමට කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අපේ ලංකාවේම සහෝදරවරුන් මෙසේ අදහස් දක්වමින් හැසිරීම ඉතාම කණගාටුදායකයි. (නි)
එහෙම තමයි ඉන්න ඕනෑ. නියමයි. ඔහොම යමු දිගටම. (නි)
මේවට වචන තියෙනවා කියන්න. ඒත් , අනේ මගේ කට... (නි)
අපේ සිංහල මිනිස්සු උද්ඝෝෂණයක් කළා නම් පොලීසිය අද ස්වාමින් වහන්සේලාට පහර දීලා. අන්න යූටියුබ් වෙබ් අඩවිය අක්‍රීය කරලා මෙහෙ මුස්ලිම් අයට බයේ. හොඳයි හොඳයි .... (නි)
නව්ශාඩ් යුදෙව් - ඉස්ලාම් දෙකේ මොන වෙනසක්ද? (ස)
මේවාට රට තුළ ඉඩනොදිය යුතුයි (නි)
මේකට සිංහල බෞද්ධ අපට කරන්න දෙයක් නැහැ.මේක බටහිර (ක්‍රිස්තියානි /කතෝලික) සහ මැද පෙරදිග මුස්ලිම් ආගම දෙක අතර වසර දහස් ගානක් තියෙන ගැටලුවකි. කතෝලිකයන්ට අනුව දෙවියන් වන්නේ නම් ජේසු පමණි. මුස්ලිම් අයට අනුව දෙවියන් වන්නේ අල්ලාහ් පමණි . මුස්ලිම් අය කියන්නේ ජේසු කියන්නේ මෝහම්මඩ් නබිතුමා වගේ තවත් එක අල්ලගෙ පණීවිඩකරුවෙක් පමණක් කියලා.ඒක පිළිගන්න කතෝලික අය කැමති නැහැ.මේකට කොළඹවත්, නැගෙනහිරවත් උද්ඝෝෂණය කළා කියල වැඩක් නැහැ. (නි)
තවම මෙය චිත්‍රපටයක් ලෙස එළියට ඇවිත් නැති නිසා එච්චර කලබල විය යුතු නැත යන්නයි මගේ හැගීම. මුස්ලිම් රටවල් වල එවැනි දේවල් හදනවා තියා,බුදු දහම සම්බන්ධව සිංදුවක් "මුස්ලිම් ජාතිකයෙකුටවත්" ගායනා කරන්න අවසර නැත. මෙතැනදී නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අංශු මාත්‍රයක දැනුමක් පේන්නැති බව පෙනේ. (නි)
මුස්ලිම් මිනිස්සු වගේ කාටුන් එකක් හරි චිත්‍රපටියක් හරි දැක්කම කුලප්පු වෙන ජන කොට්ඨාශයක් මුළු ලෝකෙම නැහැ. අන්තිමේදී මිනී මරලා, ගිනි තියලා, ගල් ගහලා, මිනිස්සුන්ට තුවාල කරලා මුස්ලිම් අයම ඔප්පු කරලා පෙන්නනවා ඒවාගේ තිබුනේ ඇත්ත කියලා. අනික ඇමරිකාවේ හදපු චිත්‍රපටයක් කියන්නේ ඇමරිකානු රජයේ නිල ප්‍රකාශය නොවන තත්වයක් තුළ ඇමරිකාවේ කොඩි පුච්චන්න, ජනපති ඔබාමගේ පඔයෝ හදලා පුච්චන්න ලංකාවේ රජය ඉඩ දීලා තියෙන එකත් ප්‍රශ්නයක්. අන්තිමේදී ඇමරිකාව තේරුම් ගන්නේ ලංකාව ඇමරිකානු විරෝධී රටක් කියන එක. ඒ තත්වය නම් රටේ අනාගතයට කොහෙත්ම හිතකර නැහැ. කරුණාකර මීට පස්සේවත් මේ වගේ විකාර වැඩ පොලීසිය යොදවලා නවත්වන්න. (නි)
ශ්රී ලංකානුවන් ලෙසට අපි ඇමරිකාවට එරෙහි වීමට මුස්ලිම් අයට ශක්තියක් වියයුතුයි (නි)
අනේ මන්දා
බෞද්ධාගමට එරෙහි විශාල කුමන්ත්‍රණ දැන් රට පුරා ක්‍රියාත්මකයි (නි)
මේක බෞද්ධ රටක්. ආත්මාර්ථකාමී මිනිස්සු වෙන්න එපා (නි)
කිසිම ආගමකට අපහාස නොකර අපි සියළු ආගම් වලට ගරු කළ යුතුයි (නි)
ඔබාමාගේ ෆොටෝ වලටත් ගහන්නේ මොන වරදක් කළාටද? (නි)