කොළඹ විශ්ව විද්‍යාලයයේ නේවාසික ගාස්තු ඉහළ දැමීම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම නිසා අද (17) දිනය අධ්‍යාපන කටයුතුවලින් බැහැරව සිටින කළු දිනයක් ලෙස ශිෂ්‍ය සංගම් විසින් නම් කරනු ලැබ ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ සමස්ථ පීඨ එකමුතුවේ කැඳවුම්කරු කුමාර පානාකඩුව මහතා පවසයි.
2008 දී වාර්ෂික නේවාසික ගාස්තුව රුපියල් 200ක් වූ අතර 2012 දී එය රුපියල් 3000ක් දක්වා වැඩි කළ බවත්, එය රුපියල් 1000 දක්වා අඩු කරන ලෙසත් සිසුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාල ජීවිතය ඉතා සුන්දරයි (දී)
අපේ සල්ලි වලින් උගන්වලා ඉදුම් හිටුම් දීලා ඒ ළමයි කරන්නේ වෙන වැඩනේ ඉගෙන ගන්නේ නැහැ (දී)
මගේ කාර්‍යාලයේ අලෙවි සංවර්ධන නිලධාරී ඇබෑර්තුවක් තිබුනා. උපාධිදාරීන් සහ උසස් පෙළ සමතුන් ඉල්ලුම් කළා. බඳවා ගත්තේ උසස් පෙළ සමත් තරුණයෙක්. ප්‍රධානියා කිව්වේ උපාධිදරියෙකු බඳවා ගත්තොත් පොඩි තැනින් වැඩක් ඉගෙන ගෙන කාර්යක්ෂම සේවයක් කරනවා වෙනුවට කාර්යාලයේ කාලය කා දමමින් අයිතිවාසිකම් සහ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්න පටන් ගනීවි කියලා. (නදී)
මමත් කියන්නේ මේ සිසුන්ට අර්ධ කාලින රැකියා කරලා තමන්ගේ අවශ්‍යතා යම් ප්‍රමානයකටවත් විසඳා ගන්න කියලා. ආර්ථික කළමනාකරණය තේරුම් ගන්න බැරි වයසක නෙවෙයි නේ ඉන්නේ. ! (දී)
සරසවි සිසුන් හැම දේටම රජය ට ඇඟිලි දික් කරන එක වැරදියි. මම 1987 වසරේ උසස් පෙළ කරලා එවකට තිබු දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් සරසවි නිතර වසා දැමීම නිසා උපාධිය ඉවර වෙනකොට වයස 30 ටත් කිට්ටුයි. නමුත් මම ඒ අතරේ , උසස් පෙළ සිසුන්ට අතිරේක ඉගැන්වීම් කර , ව්‍යාපාරයක් කරන මිතුරෙකුට ගිණුම් කටයුතු සඳහා උදව් දී මගේ වියදම් සොයා ගත්ත. බාහිර වෘත්තීය විභාගත් කළා. ආණ්ඩුවට දොස් කියමින් ඉගෙනීම නතර කළා නම් මම අද මෙතන නැහැ. (දී)
නිදහස් අධ්‍යාපනයේ ඉඳල රැකියාවක් දක්වාම හැම දෙයක් ම අතට පයට ලබා දෙන්න රජයට අමාරුයි . සරසවි සිසුන් මෙය තේරුම් ගත යුතුයි. (නදී)
තව මොනවද දන්නේ නැහැ අවශ්‍ය ? වාහනයට පෙට්‍රල් දීමනාවක් , විනෝද කටයුතු සඳහා දීමනාවක් , ඉගනීම් වර්ජන කරන කාලයේ අතිකාල දීමනා එහෙමත් අවශ්‍යද දන්නේ නැහැ.(නදී)
මම උසස් අධ්‍යාපනය කලෙත් රැකියාවක් කරන ගමන්. හැම දෙයක්ම නිකම්ම ලැබෙන කොට වටිනා කමක් නැහැ. රජයට දොස් කියමින් නොසිට අද කාලයට සරිලන විදියට සුළු හෝ අර්ධ කාලීන රැකියාවක් කර තමන්ගේ මහන්සියෙන් උත්සාහයෙන් කටයුතු කර මුදල් අවශ්‍යතා ඉටු කරගන්න මේ දරුවන් වෑයම් කරන්න ඕනා.(නදී)
අප්පච්චියේ අද බන්දුල ලොක්කයි අපේ පාඨක සභාවයි ඔක්කොම එක පැත්තේ නේ. . ජයන්ත ල බිමල් ල අදනම් බන්දුල ගේ හොඳ පොතේ ඉඳීවි. (නදී)
සැම සැපයක්ම වැටෙනා තෙක් තම කටට ..ඉගෙනුම පවා අතපසු කරමින් නොසිට ... තමන් අතින් ඉටු විය යුතු දේ රටට ...මිසක් රටෙන් ලජ්ජා නැද්ද ඉල්ලන්ට !!! (දී)
ලංකාවෙ උසස් අධ්‍යාපනයෙ බරපතල අවුලක් තියනවා. මෙතනට 99% ක්ම එන්නෙ රැකියා අවස්තාවන් ලබා ගැනිමෙ බලාපොරොත්තුවෙන්. නමුත් බොහොමයක් පාඨමාලා වර්තමාන රැකියා තත්වයන්ට ගැලපෙන්නෙ නෑ. අනිත් කාරනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලෙ දුන්නත් එහි වටිනාකමක් සිසුන් බොහොමයකට නෑ. සියලුම දේ නොමිලේ ම මහජනතාවගෙ බදු වලින්ම දිය යුතුයි කියන මතයෙ තමයි ඉන්නෙ. එක. උපාධි පාටමාලා වෙනුවට වෘත්තිය පාටමාලා ජනප්‍රිය කල යුතුය. දෙක. සරසවි අධ්‍යාපනය ලැබිමට පෙර සිසුන් නියමාකරයෙන් එය නිම කරන බවට ගිවිසුමකට එලඹිය යුතුය. තුන. ඉතාම දුප්පත් සිසුන් සඳහ අරමුදලක් පිහිටුවා ආදාර කල යුතුය. (දී)
මේක ඇත්තද අවුරුද්දකටම බෝඩින් ගාස්තුව 3,000 ක්. ඒ කියන්නේ මාසෙකට රුපියල් 250 ක්. බොහොම වැඩියි. නිදහස් අධ්‍යාපනේ වගේම නිකන් තුන්වේල කන්න දෙන්නත් ඕනේ. එහාකොට තමයි සේරම ඉල්ලීම් හරියන්නේ. ඕක නිසා හමයි මම ලංකාවේ ඉගනගන්නේ නැතුව ඉන්දියාවට ගිහින් උපාධිය ගත්තේ. හැබැයි එහෙ කිසිම දේශීය විදේශීය කියා වෙනසක් නැහැ හැම දෙන්නෙක්ම ගෙවන්න ඕනේ මුළු වසර 3 ම වෙනසක් නැතුව. අපි එහෙම මෙහෙම කලානම් අපිටම තමයි පාඩුව උපාධිය කෙසේ වෙතත්. (දී)
මේ හැමදේටම වග කියන්න ඕන මේ නිදහස් අධ්‍යාපනේ කියන විලම්භිතය තමයි.හැම දේම නිකන් දීපල්ලා කියන එව්වෝ ඔතනින් එලියට ගියාට පස්සේ ඒ ගුනේ තියනවනම් කමක් නැහැ කියල තව හිතන්න පුළුවන්..මම නම් කියන්නේ දෙන හැම දෙයක්ම දෙන්න ඕන ණයක් වශයෙන්..උපාධියේ වටිනා කම අනුව උපාධියටත් මිලක් දීල එලියට ආවට පස්සේ රජයට වියදම් වුනු සම්පුර්ණ මුදල කරන රැකියාවන් ලැබෙන වැටුපෙන් ප්‍රතිශතයක් වශයෙන් අරගෙන එකෙන් විශ්ව විද්යාල පද්ධතිය නඩත්තු කරවන්න ඕන..රජයෙන් දෙන ප්‍රතිපාදන හැකිතාක් අඩු කරන්න ඕන.එහෙම කලොත් මෙයාල හැදේවි. (ස)
මේ ළමයින්ටත් ඉල්ලීම් වල කෙළවරක් නැහැනේ . නොම්ලේ අධ්‍යාපනය දෙනවා මදිවට තව තවත් දේවල්. රජයට පුළුවන් ද බෝඩිමේ ඇඳට දාන බෙඩ් ශීට් එකේ ඉඳලාම නොමිලේ දෙන්න . මහජනයා අමාරුවෙන් ගෙවන බදු මුදලින් හැම දෙයක් ම අංග සම්පුර්නව කරන්න බැහැ. (දී)
අසරණ ළමයි ගැන අපි සානු කම්පිතව බලන්න ඕනේ (දී)
රුපියල් 1000 දක්වා අඩු රජයට ගාස්තු අඩු කරන්න දෑස් පෑදේවා. අපේ කට්ටිය හිතන්නේ මේ බෝඩිම් වල නැවතිලා ඉන්නේ සල්ලිකාර ලමයි කියලා. මේ ලමයි බොහොම දුප්පත් අය. මහපොලවත් හරියට ලැබෙන්නේ නැ දැන්. ඉතින් මේ ලමයි බොහොම දුක් මහන්සියෙන් පාර්ට් ටයිම් ජොබ් කරලා සල්ලි හොයාගෙන තමයි මේවට ගෙවන්නේ. ඉතින් මෙහෙම කරන එක අසාදාරනයි ඇත්තටම ලමයින්ට. කැම්පස් ගියපු අය නම් මේවගේ රහ හොදට දන්නවා (දී)
මේක මොන විකාරයක්ද? නිකන් පොතපතේ ඉඳලා දුන්න එකේ වැරැද්දද මේ?මේවා තමන්ගේ දෙමවුපියන්ගේ සල්ලි වගේම මහජනයාගේ සල්ලි. (නි)
ඔක්කොම නිකන් දෙන්නද කියන්නේ (දී)
ළමයින්ට වගේම රජයටත් මුදල් අමාරුකම් තියෙනවා. එමනිසා ළමයින් ටිකක් බරදරන්න පුරුදුවෙන්න. අර කසුන් කියන්න වගේ ඔක්කොම දේවල් රජයෙන් බලාපොරොත්තුවෙන්න එපා. රජයට මීට වඩා ලොකු ප්‍රශ්න තියේනවා. අමාත්‍ය වරුන්ගේ ලයිට් බිල් ගෙවන්න, තව ගෙවල් කුලී ගෙවන්න කොපමණ මුදල් වියදම් කරනවද? ටිකක් විඳ දරාගන්න පුරුදුවෙන්න. (දී)
අනිත් රටවල් වල ළමයින් අධ්‍යාපනයට සල්ලි සොයන්නේ කම්කරු රැකියා කරලා. ඕස්ට්‍රේලියාවේ ළමයින් පාසල් නිවාඩු කාලයේ අර්ධ කාලින රැකියා කර ආසල් ගාස්තු සොයා ගන්නවා. අපේ රටේ සරසවි සිසුවන්ට තියන මහන්තත්වය නිසා පොඩි පහේ රැකියාවක් කර පවුලටත් රටටත් බරක් නොවී ඉන්න කැමති නැහැ . හැමදේම නිකන් ලැබෙන කොට ඉල්ලීම් වල කෙළවරක් නැහැ. (දී)
සරසවි අධ්‍යාපනය නොමිලේ ලැබෙන එකේ ඉතිරි ටිකවත් තමන්ගේ මහන්සියෙන් කරගන්න සරසවි ළමයින් දැනගන්න ඕන. වෙනත් රටවල් ඔය ටික වත් ලැබෙන්නේ නැහැ. මේක අවුරුදු 30 ක යුද්ධයක් තිබුන රටක්. යම් කිසි දෙයකට මහජන මුදල් යොදවන්න පුළුවන් සීමාවක් රජයට තියනවා. (දී)
මේ රටේ තියන ලොකුම ප්‍රශ්නය සරසවි සිසුන්ගේ බෝඩින් ගාස්තු ප්‍රශ්නය නෙවෙයි. මහජනයා දුක් මහන්සියෙන් හම්බ කරලා සපයා දෙන බදු මුදලින් ලබා දෙන නිදහස් අධ්‍යාපනයෙන් හරි හමත් ප්‍රයෝජනයක් ගන්නවාද කියන එක . අපි සරසවියේ ඉන්න කාලේ ටියුෂන් දීලා බෝඩින් ගාස්තු ගෙවා ගත්තා. දැන් ඉන්නේ තොත්ත බබාලාද ? (දී)
අපේ රටේ ළමයින් ව ගෙවල් වලින් නාකි වෙනකල් හුරතල් කරනවා. දැන් ඔය වයසට එනකොට තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගන්න සුළු දැනුමක් හරි තියෙන්න ඕන. කමල් කිව්වත් වගේ දැන් ඔතනින් ගියාම ඉතින් එකතු වෙන්නේ ආණ්ඩුවේ කන්තෝරුවේ මහා පුටුවක් ලැබෙන කන් රැකියා පෝලිමට! අන්තිමේ පවුලටයි රටටයි දෙකටම බරක්. ! (දී)
මෙයාලත් දැන් දැන් රටට බරක් වෙනවා මිසක මෙයාලගෙන් රටට වෙන සෙතක් නැහැ වගේ. (ස)
දැන් රටේ තිබෙන තත්වය අනුව හැමෝටම ආර්ථික අපහසුතා තියනවා. ඒ නිසා සරසවි සිසුන් අර්ධ කාලින රැකියා වලට හරි යොමු වෙලා ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕන. කමල් කියනවා වගේ සරසවි සිසුන්ට රැකියා පිලිබඳ මහන්තත්වය නම් ඉතා අහිතකරයි . මට නම් කියන්න ලැජ්ජාවක් නැහැ . මගේ සොහොයුරිය පස්චාද් උපාධිය හදාරන ගමන් පිටරටක සුළු රැකියාවක් කර ඇගේ වියදම් සොයා ගන්නවා. (ස)
මේ උදවියගේ මගුල් ගෙවල් වලටත් රජයෙන් වියදම් කරන්න කියලා සටනට බැස්ස නම් හරි. මෙච්චර මේ රටේ ප්‍රශ්න තිබෙනවා. අඩු ගන්නේ ස්වෙච්ඡා සේවයක් හරි කරලා තමන්ගෙන් යම් සේවයක් රටට දෙන්න උත්සාහයක් තියනවද ? වෙනත් රටවල් වල සරසවි සිසුන් රෝහල් , පොදු මහජන කාර්යාල ආදියේ ස්වෙච්ඡා සේවයේ යෙදෙනවා. අපේ උදවිය පැය 24 ම ඉල්ලීම් කර කර ආණ්ඩුවෙන් අතටම රැකියා ලැබෙනතුරු බලන් ඉන්නවා. (ස)
අධ්‍යාපන කටයුතු වලින් බැහැර වෙනවලු ! දැන් කාටද මේ පුද්ගලික පාඩුව ? අහල පහල ගෙවල් වල අයටද නැතිනම් නිදහස් අධ්‍යාපනයේ පියාටද එහෙමත් නැතිනම් උගන්නන කථිකාචාර්ය වරුන්ටද ? (ස)